Monday, March 8, 2010

කාගේ දෝ කතාවක්


ජිවිතේ තවත් එක් කාල වකවානුවකදි නුඹ වෙනුවෙන් ලියන්නට නොසිතු මොහොතක
නුඹ වෙනුවෙන් ලියන්නට සිදුවන අවාසනවන්ත දිනය ලං ලංව එන බව නම් දැනුනෙමි.
නුඹ ලඟ සදා රැදෙන්නට මිස
නුඹගෙන් වෙන් වෙන්නට මා තවමත් නොදනිමි....
නුඹ හට මා එපා වෙන තරමට පෙම් කරන්නට මිස
නුඹව මඟ හැර එක මොහොතක් සිතන්නට මම නොදනිමි...
නුඹ වෙනුවෙන් හඬන්නට තැවෙන්නට හොඳින් දන්නා මම
කලාතුරකින් නුඹ වෙනුවෙන් සිනහ වන්නටද දනිමි.....
මම නුඹට පෙම් කරනා තරමට නුඹ මට පෙම් නොකරන වග
දැන දැනත් මා මේ තරම් පෙම් කරන්නෙ කුමක් නිසාද යන්න මට නොතෙරේ.
නුඹ මේ තරම් නිහඩව ප්‍රේමය හද තුල හුවගෙන
ඉගියකින් වත් මට නොදි හිදිනා විටදි උවද
නුඹ ගැන හිත හිතා සැනසෙන්නට මා ඉගෙන ගත්තේ කාගෙන්දැයි මම නොදනිමි.
අඩ අදුරේ තනිවී නුඹ ගැන හිත හිතා ළතැවෙන්නට හඬන්නට හූල්ලන්නට මම් දනිමි......
එහෙත් අපිටම ආවෙනික අපෙ ලොවක් තනන්නට මම නොදනිමි ...
එ ඔබ තාමත් මට අවසර නොදුන් නිසාවෙනි...
සියලු හැගීම් නුඹ ළඟ නවතින මොහොතට මම ගොලු වෙමි....
නුඹ මේ හිත පාරන්න පාරන්න මේ ප්‍රේමය වැඩි වෙනව මිසක දශමයකින් කුදු අඩුවක් නොවන වඟ නුඹ නොදන්නවා විය හැක.
ප්‍රේමය මේ තරම් වේදනාකාරි වුයේ මන්දැයි මා නොදනිමි.
ඔබ හට මා තරම් පෙම් කරන්නට තවෙකෙකු මේ ලොව නැතැයි ඔබ දන්නවා නම්..........
මේ ලොව වාසනාවන්තම පෙම්වතිය මා වනවා නිසැකය....
සත්තමයී ඇත්තමයී මම ආදරේයී....


8 comments:

  1. Nice one..all d best ...Insoh
    what ever happened...never give up...
    u can do it...

    Life is gift to enjoy....

    ReplyDelete
  2. සංවේදි සටහනක්, නොලැබෙන බව දැන දැන ආදරය කරන එක තරම් දුකක් නම් තව නැ

    ReplyDelete
  3. හ්හ්ම්ම්.. හරිම සංවේදී නිර්මාණයක්.

    ReplyDelete
  4. නොලැබෙනා විට වේදනාවක් වෙන,ලබුනු විට නිම් නැති සතුට දෙන..කලක් යන විට මැකි යන,අලුත් කිරිමට නව බැදිම් ඕන..."ආදරය"

    ReplyDelete
  5. @sting.dl22..... (දිනේෂ් හුගාක් ස්තුතී වගෙම සතුටුයී ඔයාව මගේ blog එකේ දකින්න ලැබුනු එකට )

    @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ..... ඔව් ඇත්තෙන්ම ...
    ස්තුතී යාළුවා..........

    @ Ansh.....හ්ම්ම්....ම්....

    @ Tharu..... :)

    ReplyDelete
  6. අක්කෙ එයාට එක පාරක් කියලා බලන්න ආදරෙයි කියලා. ඔච්චර දුක් විඳිනවට වඩා ඒක කියල දාන එක හොඳයි.. නැත්නම් තව ඉවසගෙන ඉන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
  7. අතු අග පිපි මල්
    ලස්සන ඇයි මෙතරම්..
    නෙලාගන්න බැරි නිසාම
    නුඹ අමිලයි හැමදාමත්..

    බියක් ඇත හද පතුලෙම..
    නුඹ අහිමිව යාදෝ සිතා
    නෙලීමට බිය නිසාම මම,
    විදිමි නුඹෙ රූ දුරින් ඉදගෙනම..



    ඇත්තටම අහිංසකී එච්චරටම ආදරේ කරනවද? හැබයි මේකත් මතක තියාගෙන ආදරේ කරන්න

    ආදරය ලබාගත හැකි දෙයක් නෙවෙයි.
    අපට පුලුවන් ආදරය දෙන්න විතරයි.
    ඉතිං ආදරය ලැබෙන විට සුන්දරයි වගේම
    ආදරය නොලැබුණ විට කදුළක් උරුමයි.

    ReplyDelete
  8. ස්තුතී
    තාරක, ආදරය කියන්නේ අපි ලඟ තියාගෙනම,
    අපෙ කරගෙනම අයිතිය ප්‍රකාශ කරන්න ඕන දෙයක් නෙවෙයි
    එ නිසා අහිමි බව දැන දැනම ආදරේ කරන්න හිත හදගන්න පුලුවන් වෙන්න ඕනේ
    මට දැන් එහෙම හිතෙනවා

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~