Saturday, March 20, 2010

අතරමං වු ජිවිතය (3)



පන්ති ඉවර වෙලා ගෙදර එන්න මම ත් යාලුවොත් එක්කම එලියට ආවා.
ගයන්ත ත් මාෂා නංගිත් අපිත් එක්කම ආවා.
හැබැයි ආරන්චියේ හැටියට නම් ගයන්ත සහ මාෂා අතරේ යාලුකමකට වඩා දෙයක් නැලු.
එත් එක නිකන් හතර බීරි කතාවක් වගේ.
ගයන්ත හැම වෙලවෙම ඇබලයා වගේ ඉන්නෙම එ කෙල්ල වටේ.
දැක්කනේ සින්දු කියද්දි කට්ටිය,...
ගයන්ත හිටියේ මාෂාව තුරුල් කරන් වගේ....
අනේ මන්ද මට මොන කෙහෙල්මලකටද එවා
මම අයෙත් බිදුනු සිතුවිලි වලින් මිදිලා පියවි ලොවට ආවෙ
සම්පත් යනවා කියල කියන්න තට්ටුවක් දැම්ම නිසා.
මම ලලනි අක්කා එක්කම ඇවිල්ල බස් එකට නැග්ගා
ගයන්ත මාෂා ලගින්ම වාඩි උනා.
මට නම් මේ මල මගුල තේරෙන්නේම නැ.. චික් ඔලුවත් විකාරයි වගේ...
මේ ඔක්කොම විකාර ඔලුවට එන්න ගත්තේ ගයන්ත මාෂා ට හොරෙන් විටින් විට මගේ දිහා බලන්න ගත්ත නිසා තමයී කියලා මට හිතුනා... හවස ගෙදර ආව විතරයි ඉතින් සර්ව සම්පූර්ණ විස්තරයම අක්කට අප්ඩෙට් කලා.
එත් ගෙදර ආව වේලාවේ ඉදන් මගේ හිතේ හොල්මන් කලේ
මෙලො රහක් නැති "ගයන්ත මාෂා" යුවල.
මට එපා උනා.
ඔක්කොම අමතක වෙලා යන්න කියලා හිතල කවියක් ලියන්න ගත්තා.
"නංගි ඔයාට කෝල් එකක්"
"මේ වෙලාවේ කවුද හලො?"
අමාරුවෙන් උනත් කවුද කියලා දැන ගන්න හිතාගෙන රිසිවර් එක අතට ගත්තා.
"හෙලො...ව්"
"නෙතු මම ...."
"ආ.........!!! ඔ... ඔ.....යා.... ? ඔ...යා හොදින්ද?" මට එ හඬ ඇහෙද්දි දෙයියනේ වචන පිට උනෙත් නෑ
"හ්ම්ම් ...... ඔව් ඔයත් හොදින් නේද?"
"සමාවෙන්න ඔයාට කතා කරලා අයෙම වතාවක් මම හිත පෑරුවානම් ...මම දන්නව ඔයාට මාව අමතක කරන්න බැ කියලා එ වගේමයී මටත්"
දෙකම්මු හරහා යන කදුළු පෙළි පිහින ගමන් මම "හ්ම්ම්" කිවුවා.
"තාමත් මම ඔයට ආදරෙයී නෙතු" උන් හිටි තැන් මතක නැතුව මට ඉකිගැහුනා...
"මාත් "
"මම තියන්නම් බුදු සරණයී"
"බු.....දු සරණයී, ප...රි...ස්....ස...මෙ....න් ඉන්න..."
මම රිසිවරය තිබ්බේ ඇස් දෙකේ කදුළු පෙරාගෙන.
කාමරේට ඇවිල්ලා දොර වහගත්තා
මාස තුනකට විතර පස්සේ ආයෙමත් සිමාවක් මායිමක් දන්නේ නැති මගේ කදුළු කඩන් වැටෙන්න පටන් ගත්තා....
මේ මොහොතේ මේ කදුළු කඩන් වැටේන්නේ මේ ඇස් දෙකෙන් විතරක් ම නෙවෙයි කියන්න නම් මම හොදටම දැනගෙන හිටියා....
දෙයියනේ ආයේ ආයේමත්............??????????

4 comments:

  1. ම්ම් කතාව ලස්සනයි, ඉක්මනට කොටස් දාන්න, බලාගෙන ඉන්නවා

    ReplyDelete
  2. ලස්සනයි....

    ReplyDelete
  3. රන්දිකMarch 20, 2010 at 3:04 PM

    ඔයාගේ කතාව කියවනකොට අපේ ඇස් වලිනුත් කදුලු එනවා.දිගටම ලියන්න.මගේ සුබ පැතුම්....

    ReplyDelete
  4. @Dish[Savi] ඉක්මනින්ම නැවත එන්නම්.. ස්තුතී
    @ shashi ස්තුතී
    @ රන්දික ස්තුතී

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~