Sunday, December 19, 2010

අඳුර


අතීතය හකුලගෙන
ගෙදර තියන්
රාමු කරල
බිත්තියෙ ගහන්
අනාගතේ හීන
අතේ තියන්
වර්ථමානය
කටුගාන උන්ගේ
හෙට දවසේ
සාක්ෂියේ
විත්තිකරුයි
නුඹ

Wednesday, December 8, 2010

"ඒ නුඹම නම්"



සිතා ගත නොහැකි මොහොතක
හඩන්නට අවසර පතමි...
දරා ගන්නට නොහැකි දුක දැක
ඔබේ දෙනෙත් මත දිය කරන්නෙමි
කියන්නට නොහැකි දුක...
සඟවන්න හිතයි පෙම.....
එ නුඹම නම්..
මට අහිමි

Tuesday, December 7, 2010

අනේ මට කියලා දෙන්න


අනේ මට පිස්සු හැදීගෙන එනවා වගේ
ජිවිතේ මේ කොයි අතට පෙරලෙනවද කියන්න මම දන්නේ නැ
උබ මට ඈත අහසේ පායපු තරුවක් වගේ
ඒත් උබ පුර හදටත් වඩා මට එළියයී
ඒ එලියේ ඇවිදන් යන්න...........
උබේ දිහා බලන් ඉන්න.............
උබ වටේ කැරකෙන්න.............
උබේ ඇස් වලින් ලොකේ දකින්නයී මම ආස කලේ
ඒත් උබ කොහෙද මම කොහෙද
අපි අපිට කොයිතරම් දුරයිද?
සත්තකින්ම අපි අපිට හුගාක් දුරයී
ඒත් දෙයියනේ මේක ඇයී මේ මොඩී තේරුම් නොගන්නේ
මට උබව විද ගන්න පුලුවන් දුර ඉදන් විතරයි කියල මම දන්නවා
ඒත් මගේ හිත තේරුම් ගන්නේ නැ
අනේ දෙයියනේ මට මේ දේ තේරුම් කරන්න උබ කොයි තරම් උත්සහා කලාද?
ඒත් මේ හිතුවක්කාරිට මේක තේරෙන්නේ නැ
එහෙම නැත්තම් මේකිට තේරෙනවා ඒත් තේරුම් ගන්න ඔනේ නැ............
අනේ ඇයී මේ ................
කවුරුහරී කියලා දෙන්න ඇයී මේ කියලා

Sunday, December 5, 2010

ආදරණීය ආයාචනාවක්


ආදරය මිහිදන් කළ
පාළු සුසානයට ඉහලින්
හැම රැක සඳ
ගිනි ගත්තාවේ....

අපි අපේ පාඩුවේ
ගිනි ගත්ත හඳ යටින්
සෙනෙහසින් ළං වෙලා
යළි යළිත්
අපි අපේ වී
උන්නාවේ...............


මගේ ආදරණීය කොල්ලාට...............
ඔයා දන්නේ නැ මම කොයිතරම් ඔයාට ආදරෙයි ද කියලා ඒක ආදරයක් ද ඊට එහා ගිය හැගීමක් ද කියන්න නම් මම දන්නේ නැ...... ඒ මොකක් උනත් ඒ හැගීමට මම හුගාක් ලෙංගතුයී...
මට ඔයාගේ ඇහි පිහාටුවකට බර නොදි ඔය දැස සිපගන්න ආසයී....
ඉතින් මට ඉඩ දෙන්න...
මම ඔයාගේ හිසට උඩින් පායන්නම් මට ඔය නළල් තළය ආදරෙන් සිප ගන්න අවසර දෙන්න ..
මම එකම එක වචනයක් වත් නොකියා හිදින්නම්
අනේ මට ඔය පපුවේ උණුහුමට ගුලිවෙලා ඉන්න දෙන්නකෝ....
වෙන මම ඔයාගෙන් මොකුත්ම ඉල්ලන්නේ නැ
මට ඔයාගේ හිත ගාව ඉදගෙන ජිවත් වෙන්න විතරක් මට ඉඩ දෙන්න මගේ කොල්ලා..............
ඔයා කවදා හරි වෙන කාට හරි අයිති වෙවී ....
එතකන් මට ඔයාව මගේ ඇස් දෙකේ තියාගෙන රැකගන්න ඉඩ දෙන්න...
මං
ඔයාව මේ දැසේ, මේ හිතේ හංගාගෙන ඉන්නම් කුරා කුහුඹුවකුටවත් නොපෙනෙන්න ......
ඔයා දිහා බලාගෙන මට හිනා වෙන්න ඉඩ දෙන්න....
ඔයා ළඟ ඉදන් මට ජිවත් වෙන්න ඉඩ දෙන්න මගේ රත්තරන්.........
ඉල්ලන්නේ මේ කෙල්ල
එච්චරයී ඔයාගෙන් හැමදාම

Friday, December 3, 2010

නුඹ වෙනුවෙන්මයි...


මට නුඹව ලබා ගන්නට සිතේ....
නුඹ ලඟ සෙවනැල්ල සේ
සක්මන් කරන්නට සිතේ.....
දැන් ඉතින්,....
ජිවිතයෙන් කල් ඉල්ලමි
කෝටියක් සිතුවිලි
ප්‍රකෝටියක සෙනෙහසකට
හරවා ගමි......

"නුඹ වෙනුවෙන්මයි".........