Tuesday, December 7, 2010

අනේ මට කියලා දෙන්න


අනේ මට පිස්සු හැදීගෙන එනවා වගේ
ජිවිතේ මේ කොයි අතට පෙරලෙනවද කියන්න මම දන්නේ නැ
උබ මට ඈත අහසේ පායපු තරුවක් වගේ
ඒත් උබ පුර හදටත් වඩා මට එළියයී
ඒ එලියේ ඇවිදන් යන්න...........
උබේ දිහා බලන් ඉන්න.............
උබ වටේ කැරකෙන්න.............
උබේ ඇස් වලින් ලොකේ දකින්නයී මම ආස කලේ
ඒත් උබ කොහෙද මම කොහෙද
අපි අපිට කොයිතරම් දුරයිද?
සත්තකින්ම අපි අපිට හුගාක් දුරයී
ඒත් දෙයියනේ මේක ඇයී මේ මොඩී තේරුම් නොගන්නේ
මට උබව විද ගන්න පුලුවන් දුර ඉදන් විතරයි කියල මම දන්නවා
ඒත් මගේ හිත තේරුම් ගන්නේ නැ
අනේ දෙයියනේ මට මේ දේ තේරුම් කරන්න උබ කොයි තරම් උත්සහා කලාද?
ඒත් මේ හිතුවක්කාරිට මේක තේරෙන්නේ නැ
එහෙම නැත්තම් මේකිට තේරෙනවා ඒත් තේරුම් ගන්න ඔනේ නැ............
අනේ ඇයී මේ ................
කවුරුහරී කියලා දෙන්න ඇයී මේ කියලා

6 comments:

  1. දුරක ඉඳන් ආදරේ කරන්නත් පුළුවනිනේ.

    ආදරේ තියෙන සුන්දරම බව තමයි, කාගෙන්වත් අවසරයක් නැතුව, කාටවත් නොකියා, දුරින් ඉඳන් උනත් කරන්න පුළුවන් වීම නේද.

    තියරියේ හැටියට නම්, ඒ නිසා, දුරින් හිටියයි කිය්ලා, අයිතිකරගන්න බැරි උනා කියලා, ආදරයක් මියෙන්නේ නෑ..

    ReplyDelete
  2. අනේ මගේ යාළුවේ..ඔයා ආදරෙන් දුක් විඳිනවා නේද...මට කියන්න බෑ දුක් වෙන්නෙපා කියලා.මොකද දුක දරා ගන්න අමාරු නිසා...ඒත පොඩ්ඩක් හිතලා බලන්න යථාර්තය...සමහර විට ඔයා නෙදකින පැත්තක් දකින්න පුළුවන් වෙයි..

    ReplyDelete
  3. “හිදීවි කොතනක හෝ හිමිතාරයා නුඹේ නමින්
    වඩීවි කෙදිනත හෝ ඒ එනතුරා
    හිත හදාගෙන ඉදින්“

    ඒත් ආවට පස්සෙ තේරෙයි දුර හිටියනම් කොච්චර වටිනවද කියලා?

    ReplyDelete
  4. සඳට ඉකිබිඳ හඬන
    නොදරුවන් නොවී අප
    සිනාසෙමු අතීතෙට
    සෙනෙහසින්

    ReplyDelete
  5. @සමීර අපිට ආදරේ කරන්න අවසර ඕනේ නැ තමයී
    දුර ඉදන් කරන ආදරේ ලස්සනයී

    @තරු අහස .. ම්ම්

    @තනොජා අක්කා.. ඔව් අක්කි එහෙම වෙයිද මන්දා?
    හේ හේ :)

    @ දුකා ම්ම්

    ස්තුතී හැමෝටම

    ReplyDelete
  6. හම්.. ජීවිතේ ඔහොම තමයි ඉතිං..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~