Thursday, November 25, 2010

ඈ...

වියපත් වූ යෞවනය ලඟ
දරු පැටවු බඩ බැදන්
විදියක් විදියක් පාස යන
හිඟන්නියේ,........
වැරහැලි පෙරවගත්
කඩමළු පොදි බැද
යන මග සැනසුම සොය නුඹ.....
දේවදත්තයන් නුබට
බෝධිසත්වයන් වේවි
මඟ බොහොම කටුකයි
දෙනෙත් හැර තියාපන්...
දරු පැටවු තනි වෙවි
උන් ගැනම හිතාපන්..........

Friday, November 19, 2010

නොකියු සෙනෙහස...නුඹට


නොකියු සෙනෙහස...නුඹට

බෝම සංයමයකින්
එකින් එක ගෙන
ගලපන්නට
බලා උන්නෙමි
ඔය දෙනෙත් ළඟ...
අසීරුවෙන් මුත්
බලා ඉමී....
තවත් මොහොතකින්
සියල්ල හැර දමා
නුඹ
යන්නට යන බවත් දනිමි
බලා ඉදිමි....
නොකියු සෙනෙහස
තවමත්
නොයන්නට යැයි
ම'හැර....
කියන්නට වෙර දරමි
තවත් වතාවක්
නොහැකි මුත්
කියන්නට
නිහඩවම බලා ඉමී....

Thursday, November 11, 2010

ආයෙමත් නැ දවසක්

මේ සොඳුරු නින්ද්‍රාවේ
ආයෙමත් නැ දවසක්,
අපට මේ අද වාගේ
..........
මොහොතකට අමතක කරදමා
අවට ලෝකයම
හුදෙකලා වෙමුද
අපි?
මේ අහස යට.....
ආයෙමත් නැ දවසක්,
අපට මේ අද වාගේ
..........
ඉතින්
හ මෙරක ආදරේ
හංගං ඉන්න ඔය පපුවේ

තුරුළු වී හිදින්නට
දෙන්න මට

එකම එක මොහොතකට

ආයෙමත් නැ දවසක්,
අපට මේ අද වාගේ
..........
ඔය ඇහි පියන් යටින්
ගිලිහෙනා
පිණි කදුලක
සීතල පහස යට

රැදෙන්නට දෙන්න මට

මේ ඉර හඳ පායන තුරු

ආයෙමත් නැ දවසක්,
අපට මේ අද වාගේ..........

ඉදින් දැන් වත් මට
දෙන්න මොහොතකට ඉඩ

ඔය ආදරෙන් පිළිස්සී

දැවී ගිනිගෙන

පරඩැල් පතක් වී

මියෙන්නට

ආයෙමත් නැ දවස
ක්,
අපට මේ අද වාගේ
..........

මට අමතක උනා


ආත්ම ගානක ඉදන්
පෙරුම් පුරාගෙන ඇවිත් අපි
එකම අහසක් යට ඉදන්....
එකම තරු පොකුරු මැද ඉදන්......
එකම සදක් යට හිටියත් .....
කොයිතරම් නම් දුරයි ද අපිට අපි........?
නුඹ සඳ වෙනදාකට
ඒ අහසේ තරුවක් වෙන්න මං පැතුවා........
අමතක උනා මට
ඒ අහසෙ සඳ මඩල වෙන්නට.........
නුඹ මලක් උනුදාක
ඒ මලේ නටුව වෙන්නට ආශා කල මම
ඒත් මට අමතක උනා
ඒ මලේ සුවද වෙන්නට..........
අනේ එහෙම උනා නම් ..............
ආයෙමත් මට අමතක උනා
මම නුඹට ආදරේ කලාට
නුඹ මට ආදරේ කලේ නැති වඟ...........


Wednesday, November 10, 2010

නුඹ නිසා මං


මම මාවම හබා යමී....
මම මාවම විනිවිද යමී......
මා සන්තකයේ ඇති මගේ සිත සොයා යමි......
හැකි උනා නම් හොයා ගන්නට මේ සිත
උදුරාගෙන විත් ගිනි තබා පුළුස්සා අළු කරමී..........

[එවිටවත් නුඹ ගැන නොසිතා ඉන්නට මට හැකි වෙවී............]