Wednesday, February 22, 2012

අපේ ආදරේ

හීනයක හිරි වැටුණු 
හිත ගාව දිගහැරුණු
කඳුලකින් ඉකිගසා
පෙළි න් පෙළ 
ලියාගත් 
ආදරේ.............


පෙම්වතුන් සේ ඉදන් 
ආදරෙන් තුරුළු කර
බිඳින් බිඳ සැඟවිලා
රස බලා විදගත්තු 
ආදරේ...............


ළය මඩලේ හිස හොවා
තරු අහසේ රෑ පුරා
සීතලේ ගුලිවෙලා
ජිවිතේ හොයාගිය
තරු පාට 
ආදරේ................


පාට හුළගේ පා වෙලා
අපේ ලොකේ තනි වෙලා
රැකගත්තු මහ මෙරක් 
ස්නේහයේ දිය බිඳයි
ආදරේ................


උඹට මා ඇති වෙලා
පෙමට ලොකු තිත් තියා
හිතක් පපුවත් ගිලන් කරලා
මහ මගට විසිකරපු
එය නොවෙද උඹේ
ආදරේ...................







Wednesday, December 28, 2011

මා මළ දා


:::::::::රිද්දුවත් ඒ තරම් රිදවන්න එපා නුඹ නම්
කම් නැ ඒ ඇරයුම් පත ලැබුණු
දිනකටවත් පිළිගනිවී මේ හිත හැබැවටම නුඹව
මට හිමි නොවෙන වඟ:::::::::
සුළැගිල්ල නුඹේ ඇ හා පටලලා
එක් කරන විට දැගිළි පැන් දමා
සීතල වෙලා ඇති මගේ අත් පා නුරා
සුසුම් ගෙන යන්නයමි වා තලයේ හැංගිලා

නුඹේ ලොකේ හිමිකාරිය වෙලා
ඈ යද්දි පාවඩ අතුරලා
සමුගන්න අවසරයි නුඹේ ලොවෙන් හුදෙකලා
නුඹ එන්න ඈ සමඟ මළ ගමට මගේ එක්වෙලා

නුඹේ ලොවෙන් යන්න යම් යළි නො එන වඟ කියා
දැන් ඉතින් සතුටු වෙයි ලෝකයම එක්වෙලා
මා නමින් හඩන්නට වෙන එවුන් නැති නිසා
දුර ඉදන් බලා ඉමි ඇගේ සතුට නුඹ නිසා







Friday, August 19, 2011

නිකන් ලැබුණු හිනාවට වෙච්ච දේ


ටික දවසක් ඉදන් කරුණු ඇහිදමින් හිටියා ලිපියක් ලියන්න අද ලියන්න ආවමයී දන්නේ දන්නේ මේ මම ලියන්න යන්නේ මගේ සිය වෙනි ලිපිය වඟ

ඒ කියන්නේ මටත් ලාවට හරි එකම වැඩක් දිගටම කරගෙන යන්න පුළුවන් කියන එක නේද?
හෙහේ කාටද ආඩම්බර මට මිසක් මට ජය වේවා......!!!
ඉතින් කොහොමෙන් හරි ලියන්න ගිය ලිපියම ලියලා අහවරක් කරන්නම්කෝ
මම ඉතින් දැන් දැන් පුංචි පහේ රස්ස්වක් කරන නිසා ඉස්සර වගේ නිදහසක් නම් නැ

මට ඉතින් ඉස්සර ඉදන් පුරුද්දක් හැටියට තිබුණු දෙයක් ද කරන දෙයක් ද මන්දා වෙලාවට වැඩක් කර ගන්න බැරිකම ඒ ගැන කියන්නේ නම් ටිකක් ලැජ්ජාවෙන්
ඉතින් ඔය විදිහට හැමදාම උනාට
රස්සව ලැබුණු මුල් කාලේ නම් මම ටිකක් කලින් ගියා.
ඔහොම ඔහොම සති දෙකක් විතර යද්දී මට එකම වෙලාවට යන්න බැ වගේ උදේට දෙයියනේ කියලා නින්ද යනවා...
කොහොමෙන් හරි මම යන සමහර දවසට මගේ ශිෂ්‍යයෝ මට කලින් ඇවිල්ලා මම එනකම් බලන් ඉන්න වෙලාවලුත් නොතිබුණාම නෙවෙයී ඉතින්.
( සඳරුවාගේ රැකියාවමයී)
ඒත් දවසක් යද්දි කරුමෙටම ඉන්ස්ටියුට් එකේ අයිතිකාරය එතන ඒ කිව්වේ අපේ ලොක්කා
මම ඉතින් බිම බලගෙනම ඇතුලට යද්දි අඩගැහුවා කියන්නකෝ අෆ්ෆා ඔක්කොමත් හරි මේ මනුස්සය එක්ක කතා කරන්න ගිහාම තමයී මට ඉතින් එෆා වෙන්නේ
මේ මනුස්සයට සිංහල බැ හරියට.....
දැන් ඉතින් මට කතා කරලම හිනා වෙවී කිවුවනේ අනිත් දවසේ ඔන්න පරක්කු උනොත් මට මීටින් එකේදි ඔයාගේ නමත් කියන්න වෙයී කියලා.
ඒක ඔක්කොටොම වඩා ලැජ්ජාවයීනේ
මොකද මම ඉතින් එතන ඉන්නේ කාගෙන්වත් වචනයක් මට එල්ල නොවෙන තැනක ඉදන්
එකටත් හේතුවක් තියේ හිටින් සැරේ කියන්නම්කෝ
දැන් ඉතින් කුකුලට මාව ඇහැරවලා එපා වෙනකම් මට නිඳා ගන්න වෙන එකක් නැ කියල හිතාගෙන මම එදා ගෙදර ආවා කියන්නකෝ.
පහුවදාම මම කුකුළට කලින් නැගිටලා ඌවත් ඇදගෙනම 8.15 වගේ වෙනකොටම ක්ලාz එකට බැස්සා...
මම ඉතින් සුපුරුදු ලෙස මගේ මාර්ගයේ ගමන් ගනිද්දී
බස් එකෙන් බැහැලා ක්ලාz එක පැත්තට පියවර මැන්නා...
සුපුරුදු දර්ශණය අදත් නැ.
මම හැමදාම බස් එකේන් බැහැලා ගාලුපාර දිගේ ඇවිදන් එද්දී ට්‍රෆික් අඩු කරන්න ඉන්න පොලිස් අයියා කෙනෙක් ඉන්නවා.... අදත් එයා නැ.
දැන් කට්ටිය බලයී අදත් කිව්වේ එයා ඊයේත් නැද්ද කියලා?.

ඔව් ඇත්තටම ඒක මෙහෙමයී උනේ.

මම ඉතින් බස් එකෙන් බැහැලා ලතාවට ගාළුපාර දිගේ ඇවිදන් යද්දි දවස් දෙකක් විතර එයා මාව දැක්කා මම ත් ඉතින් එන ගමන් බලන් ආවා. එයා වාහන හසුරවන එක දිහයි මම බැළුවේ
නැතුව කැත හිතකින් නෙවෙයී ;)
කොහොමෙන් හරි මම හැමදාම යද්දි එයා පුරුද්දක් කරගත්තා බලන්න සහ ඔය අතර හිනාවකුත් පැවා
මාත් ඉතින් මොකෝ නිකන් දෙන්න පුළුවන් ඔච්චරනේ මනුස්සයෙක්ට ඒ නිසා මම ත් හිනා උණා හැමදාම..
පුංචි කාලේ ඉදන් මට පුරුද්දක් තිබුණා අදුරන්නේ නැති උනත් මිනිස්සුත් එක්ක හිනා වෙන්න.
දැන් නම් හුගාක් ඒක මගේන් නැති වෙලා
ඉදිරියට නම් දන්න එකෙක් එක්කවත් හිනා වෙන්නේ නැ
ආ ඉතින් කතාව ඉවර කරන්නම්කෝ
දැන් හැමදාම මෙහෙම හිනාවෙන පොලිස් අයියා හැඩකාරයී තළෙලු කොලුවෙක්..
දැන් ඉතින් මම ත් දැන් හැමදාම හිනා වෙනවා එයත් හිනා වෙනවා...
දවසක් මම පරක්කු වෙලා ගෙදරින් යන්න තීරනේ කළා..
මල්ලිගේ සද්දේ දාන දඬු මොණරා එක්ක...දැන් ඉතින් මල්ලි මාව ක්ලාz එක ලඟට ම දාන්නම් කිව්ව නිසා මාත් ගියා.
කොහොම හරි එදා කුකුළත් හොදට නිදා ගත්තා මාත් හොදට නිදාගෙන අපි වෙලාවටත් එතනට යන්න ප්ලැන් කලා.
ඔන්න ඉතින් ගියා කියන්නකෝ

හරියටම පොලිස් අයියා ලඟින්ම මල්ලිගේ මොණරා නැවැත්තුවා, නැවැත්තුවා නෙවෙයී ඇත්තටම නැවතුණා පාරෙන් එහා පැත්තේ කිරි කැල්ලක් වගේ ලස්සන කෙල්ලෙක් දැක්ක මල්ලි එතනදිම මොණරගේ සද්දේ වැඩිකලා......
මම මල්ලිගේ පිටිපස්සේ ඉන්නවා දැක්කා. මූට මම මල්ලි කිව්වට මූ මගේ අයියා වගේ. මම නම් සුපුරුදු විදිහට හිනා උණා, ඒත් පෙරලා ආවේ මට පපඩම් කැල්ලක් විතරයී, පොලිස් අයියාගේ වෙනදට මලක් වගේ පිපෙන මූණ කන්ටේනරයකට අහු උණු පපඩමක් වගේ ඇදවෙලා ගියා...
හෆොයි දෙවියනේ
කවුද දන්නේ මේ මනුස්සයා මා එක්ක හිනා උනේ වැරදි හිතකින් කියලා
හත් වලාමයී කිව්වලු
එදායින් පස්සේ එතන පොලිස් අයියාලා තියා අන්කල් කෙනෙක්වත් නැ
මම දැනගෙන හිටියේ නැ පොලිස් අයියා මාත් එක්ක හිනා උනේ මනුස්ස කමකට නෙවෙයී කියලා.
චික් මම කිසිම කැත සිතුවිල්ලක් නැතුව එයා එක්ක හිනා උනෙ.

ඔන්න ඔහොමයි මට නිකන් ලැබුණු හිනාව නැති උනේ
හෙහෙ ඒ විතරක් නෙවෙයී දැන් පාරේ එතන ට්‍රෆික් බලන්න පොලිස් අයියා කෙනෙක් තියා මාමා කෙනෙක් වත් නැති වෙලා ගියා



මම ඉගෙන ගත්ත පාඩම තමයී :- ආයේ නම් කිසිම කෙනෙක් එක්ක මනුස්ස කමකට නම් හිනා වෙන්නෙ නැ කියලා

(සඳරුගේ ඇන්ටිගේ ඩබල් ක්ලික් එකේ පර්ට් ටූ මගෙන් බලාපොරොත්තු වෙන්න)




Monday, August 8, 2011

එන්න අපි ඇවිද යමු ඉතින්


දඩිබිඩි ගමනින්
ජීවිතේ ඇවිදන් යන
දහසකුත් මිනිසුන් අතර
ඉබි ගමනින්
ජීවිතේ හොයන් යන
මටත් උදා උනා වසන්තය
මඟ නොහැර හැමවිටම
නිබඳ මා ලඟ හිඳින
ඔබ එක්ක
ඇවිද යන්නට හිතෙයි
හීතලම වැහි වැටෙන
මොහොතක
දඟකාර කම් මැදින්
ආදරෙන් තුරුළු වී
ඇහිදින්නට හීනයක්
තියේ මටත්
ඔබ එක්ක ...............




Tuesday, July 5, 2011

ගෙවුනු ඊයෙට


සිළි සිළි බෝ සුළඟ ලඟ
නුඹේ හිත පණගහන
හැම සුසුම් සුවදක්ම
එක්ව කැටි කොට රැගෙන
සංයමයකින් එක්සිත්ව
මල් පහන් සුවද ගෙන
ළයාදර නුඹ නමින්
පුද කලා බුදු කුටිය මත
ඔය හිතේ හැම පැතුමක්ව
හීනයක් නොවී මේලොව
නුඹේ මුවට සිනා කැන්දන
නුඹේ සතුට නිති රැකෙන
හුදෙකලා සිතින් මම
නුඹ රුවා හද ගැබේ
දහසකුත් පහන් දල්වා
පැතුවෙමි සතුට නුඹේ නමට
ගෙවුනු ඊයේ ලැබු
සුභ උපන්දිනය වෙනුවෙන්.................

සසර වසනා තුරා
නුඹේ නමට පේ වෙලා
පතමි දිවි ඇති තුරා
සුභ උපන් දිනයක්ම වේවා..................!!!

සැ:යු ඊයේ විදුලිය ඇණ හිටි නිසාවෙන් ලිපිය ප්‍රමාද විය :(:

Friday, June 24, 2011

ඉන්නවා මම බලන් තාමත්

නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා




ආපස්සට හැරී නුඹ
බලන විට අප මතක
නොමැති ඔබේ මාවතේ
හිඳී මම නිහඩවම
වල් වැදී අප මතක
මිය යන්න හදන කල
ඒ මතක මාවතේ
එක්වරක් වත් එන්න


මම තාමත් බලන් ඉන්නවා

Sunday, June 5, 2011

ආදරේ නිසා මම
















දඟකාර මඳ සුළග ළගට ගෙන
තරු පාට ඇස් දෙකට බර වෙලා
හැගීමක් ගැන රහසින් කීවෙමී
බිඳක්වත් නුඹට වැටහෙයී කියා

දෙවුර මත හිස හංගලා තව
පපුතුරට මම ළං වෙලා හිඳ
හිමින් මුමුණා යළිත් කිවෙමි
ආදරේ නුඹටයී කියා මම

තරු වළා මැද හැංගිලා නුඹ
සුළං රැල්ලේ දැවටිලා මම
සුපෙම්වත් හිත ළඟට වූවෙමි
මා නුඹේ පමණක් නිසා අද

සෙමින් දෙකොපුල් තෙත් කලා මම
පියුම් පෙති මදහස් නංවලා නුඹ
හොරෙන් ඉස්සි යලිත් බැලුවෙමි
බිඳක් වත් ආදරේවීදෝ කියා මට