Friday, April 16, 2010

කාගේ දෝ කතාවක්


ජිවිතේ උඩු යටිකුරු වෙලා ගියා...... එත් මම ගොලාකාර උනා... එ ඇයී දන්නවද? නුඹ නිසා.......
හැමදේම අහිමි වෙලා යන මොහොතක ලැබුනු පුංචි දේ මට මහ මෙරක් තරම් වටිනවා......
ජිවිතේ අලුතෙන්ම පටන් ගන්න හිතුනා...
අත්වැලක් පටලා හිමි හිමින් හිමි හිමින් දනගා​ெල බඩගාල නැගිටින්න උත්සහා කරන මොහොතක් මේ....
ජිවිතේ කොයිතරම් සතුටුයි ද කියල හිතෙන හැම වෙලවකම තවත් දවසක් හරි වැඩියෙන ජිවත් වෙන්න හිතෙනවා...
එත් දුක හිතුනු වෙලාවට නම් හිතුනේ අනේ දැන්ම මේ ජිවිතේ අවසන් වෙනවා නම් කියලා.
එත් අපිට නොදැනුනාට ජිවිතේ කොයිතරම් ලස්සනද
රූකාන්ත ත් කියන්නේ
"ජිවිතෙ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවා..."
සතුට වැඩිකමටද කොහෙදෝ කිසිම දෙයක් ගලප ගන්න බැ මට.....
දුක හිතුනු හැන්දෑවන් ගෙව්ලා අවසානයී
මේ උදාවෙන්නේ සන්තොසයේ හෝරාවයී.........
අදින් පසු මම සිනාසෙමි..
තැවුල්... ළතැවුල් දියකර දා මම සිනාසෙමි...........
ලෝකයම මට ලැබුනු නිසා මම සිනාසෙමී......
මේ සතුට සදාකාලිකයී...
ඉතින් මම සිනාසෙමී........
ලෝකයම මා ලඟ නිසාවෙන්
සිනාසෙමී......
එන්න අපි සිනාසෙමු...
මේ සතුට විදගමු...
මේ සතුටේ හවුල් කාරයෙක් වෙමු
එන්න ඉතින් තවත් පමානොවී.......
මේ මිහිරිම වසන්තයේ හිමි උනු මේ මිහිරියාව විදගනිමු..............






Wednesday, April 14, 2010

අහිංසකීගෙන් සුභ පැතුම්


මගේ ආදරණීය යාළුවො හැමොටම ලැබුවාවු අලුත් අවුරුද්ද ඔයාලගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරොගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියාල අහිංසකී හද පතුලෙන්ම පතනවා........


Monday, April 12, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි


නුඹ
පහන් දැල්ලක් වූ
මගේ ලෝකයේ ....
මම
එ වටා කැරකෙනා පළගැටියෙක් වී
නුඹේ ප්‍රේමයෙන්
පිළිස්සී.......
දැවී.............
ගිනිගෙන.........
මිය යන්නම් ..........

Friday, April 9, 2010

කාගේ දෝ කතාවක්



මේ තරම් නුඹහට පෙම් කරන මා
හෙට අනිද්දා හෝ ලඟදීම දවසක
නුඹ
මහ දවාලක.......
අමු අමුවේ...........
ගිනි තියනවා නිසැකයී
එත් මේ අහිංසක හිත නම් මරා දමන්න එපා
පිං සිද්ධ වෙයි නුඹට


ඇස් දෙක මග බලාගෙන හිටියා.......
හුගාක් හැගිම්බර මොහොතක් කියලා හිතුනා.
දවස් ගානක් ඉදන් රැයක් දහවලක් නැතිව දින පැය ගණන් කරන් බලන් හිටියේ ඔය ඇස් දෙක දකින්න වග නොදන්නවා සේ ඉන්නකොට ඉහිලුම් නැතුව ගියා.
ජිවිතේ මං සතු වෙලා තියෙන හැම දෙයක්ම අතැහැරලා උනත් ලගට එන්න මග බලගෙන ඉන්න මාව මේ තරම් රිද්දද්දීත් කොහොම හිත හදාගෙන මම ඉන්නවද කියල හිත ගන්න මට තාම බෑ.
යාන වාහන මිල මුදල් පෙරටු කරගෙන ආදරය හොයන් යන සමාජයක මම ආදරය කලේ ඔය හිතේ තිබුනු සොදුරු බවට......
මම ජිවිතය පුරාවට හොයපු හුගාක් දේ ඔය හිත පුරාම ගැබ් වෙලා තියෙනවා දැක්කා.
මිල මුදල් එකතු කරගෙන ආදරේ හොයන් යන්න මට ඕන උනේ නෑ.
මම නුඹට ආදරෙ කලේ
නුඹ කාගේ කවුද.............?
ඉන්නේ කොහෙද..............?
කරන්නේ මොනවද...............? කියන කරුණු කාරනා හොය හොයා නෙවෙයි.
කාලයා මහ හයියෙන් ඉගිලිලා ගියා.........
මම තාමත් බලන් ඉන්නෙ නුඹ එන පෙර මගයී...
කාලයා ඉගිලුනාට, පිපෙන මල් පර උනාට, නුඹ එ දේ දැක්කට, මම මග බලන් ඉන්න වග නම් දැනෙන්නේ නැතුව ඇතී .
මතක් වුනු දවසක එන්න මම තාම මඟ බලන් ඉන්නවා.....