Friday, June 24, 2011

ඉන්නවා මම බලන් තාමත්

නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා




ආපස්සට හැරී නුඹ
බලන විට අප මතක
නොමැති ඔබේ මාවතේ
හිඳී මම නිහඩවම
වල් වැදී අප මතක
මිය යන්න හදන කල
ඒ මතක මාවතේ
එක්වරක් වත් එන්න


මම තාමත් බලන් ඉන්නවා

Sunday, June 5, 2011

ආදරේ නිසා මම
















දඟකාර මඳ සුළග ළගට ගෙන
තරු පාට ඇස් දෙකට බර වෙලා
හැගීමක් ගැන රහසින් කීවෙමී
බිඳක්වත් නුඹට වැටහෙයී කියා

දෙවුර මත හිස හංගලා තව
පපුතුරට මම ළං වෙලා හිඳ
හිමින් මුමුණා යළිත් කිවෙමි
ආදරේ නුඹටයී කියා මම

තරු වළා මැද හැංගිලා නුඹ
සුළං රැල්ලේ දැවටිලා මම
සුපෙම්වත් හිත ළඟට වූවෙමි
මා නුඹේ පමණක් නිසා අද

සෙමින් දෙකොපුල් තෙත් කලා මම
පියුම් පෙති මදහස් නංවලා නුඹ
හොරෙන් ඉස්සි යලිත් බැලුවෙමි
බිඳක් වත් ආදරේවීදෝ කියා මට