Wednesday, February 22, 2012

අපේ ආදරේ

හීනයක හිරි වැටුණු 
හිත ගාව දිගහැරුණු
කඳුලකින් ඉකිගසා
පෙළි න් පෙළ 
ලියාගත් 
ආදරේ.............


පෙම්වතුන් සේ ඉදන් 
ආදරෙන් තුරුළු කර
බිඳින් බිඳ සැඟවිලා
රස බලා විදගත්තු 
ආදරේ...............


ළය මඩලේ හිස හොවා
තරු අහසේ රෑ පුරා
සීතලේ ගුලිවෙලා
ජිවිතේ හොයාගිය
තරු පාට 
ආදරේ................


පාට හුළගේ පා වෙලා
අපේ ලොකේ තනි වෙලා
රැකගත්තු මහ මෙරක් 
ස්නේහයේ දිය බිඳයි
ආදරේ................


උඹට මා ඇති වෙලා
පෙමට ලොකු තිත් තියා
හිතක් පපුවත් ගිලන් කරලා
මහ මගට විසිකරපු
එය නොවෙද උඹේ
ආදරේ...................