Sunday, March 18, 2012

අසම්මත හැඟුම්


පළල් උරතල වලට මැදිකර 
ස්නේහයෙන් මා රදවා ගත් හැටි
සිසිල් සෙවනක හුදෙකලාවක
ළඟට ළංවී පෙම් කෙරු හැටි


කියාගන්නට කිසිත් නැතිවිට 
මුනිවතට ඉඩ දී බලා උන් හැටි 
ගංදියෙන් ළද සිසිල් සෙවනේ
සිතුම් පාකර නිහඩ වු හැටි


හිතින් හිතකට ගැලූ ප්‍රේමය 
දෙහද පතුලේ සැඟව ගිය හැටි
මටත් අහිමී මාත් අහිමිව 
අපිට අපි නැතිවී යන්න ගිය හැටි


කල්ප ගණනක් පෙරුම් පුරලා
එක් දිනක් අපි අපේ වූ හැටි
ඔහුට හිමි මා ඇයට හිමි ඔබ
අසම්මතයේ වෙළි උන් හැටි


තවත් වරෙකට අපිව හිමිදැයි 
අසන්නට වත් හිත් නොවු හැටි
එදා සෙනෙහස නොපිළිගත්දා
අද ඉතින් අපි විදවනා හැටි

Thursday, March 1, 2012

දැන් මම ලොකු ළමයෙක් මට අවු 2යී ලූ


මතකන් යළි කුරුටු ගෑ......















වැහි මන්දරමේ
මල් කුඩය යටින් අපි
එකා මත හැපි හැපී 
ඇවිද ගිය අතිතය 
සුන්දරයී තමත්.............


සීතලේ ගැහෙන හිත
උණුහුමට ළං වෙද්දී
ලොවට රහසින් 
අපිට හොරැහින් 
සිපගත්තු හැටි මිහිරියි..............



රුබරූසියා මල් යායේ
සරසවියේ ගුරුපාරේ
ලං වෙලා ආදරෙන් 
නිනව්වක් නැති කාලක් 
ගෙවී ගිය හැටි 
 සිහිනයක් සේ  මතකයි..........


මල් ගවුමේ රැලි අස්සේ 
හෙරොහින් ලොවෙන් 
රහසින් ලියූ
පෙම් කවියේ බොඳ අකුරු 
වස්සානයේ අග්ගිස්සේ 
තාමත් ම ඉඟි කරයී...............



Wednesday, February 22, 2012

අපේ ආදරේ

හීනයක හිරි වැටුණු 
හිත ගාව දිගහැරුණු
කඳුලකින් ඉකිගසා
පෙළි න් පෙළ 
ලියාගත් 
ආදරේ.............


පෙම්වතුන් සේ ඉදන් 
ආදරෙන් තුරුළු කර
බිඳින් බිඳ සැඟවිලා
රස බලා විදගත්තු 
ආදරේ...............


ළය මඩලේ හිස හොවා
තරු අහසේ රෑ පුරා
සීතලේ ගුලිවෙලා
ජිවිතේ හොයාගිය
තරු පාට 
ආදරේ................


පාට හුළගේ පා වෙලා
අපේ ලොකේ තනි වෙලා
රැකගත්තු මහ මෙරක් 
ස්නේහයේ දිය බිඳයි
ආදරේ................


උඹට මා ඇති වෙලා
පෙමට ලොකු තිත් තියා
හිතක් පපුවත් ගිලන් කරලා
මහ මගට විසිකරපු
එය නොවෙද උඹේ
ආදරේ...................