
පළල් උරතල වලට මැදිකර
ස්නේහයෙන් මා රදවා ගත් හැටි
සිසිල් සෙවනක හුදෙකලාවක
ළඟට ළංවී පෙම් කෙරු හැටි
කියාගන්නට කිසිත් නැතිවිට
මුනිවතට ඉඩ දී බලා උන් හැටි
ගංදියෙන් ළද සිසිල් සෙවනේ
සිතුම් පාකර නිහඩ වු හැටි
හිතින් හිතකට ගැලූ ප්‍රේමය
දෙහද පතුලේ සැඟව ගිය හැටි
මටත් අහිමී මාත් අහිමිව
අපිට අපි නැතිවී යන්න ගිය හැටි
කල්ප ගණනක් පෙරුම් පුරලා
එක් දිනක් අපි අපේ වූ හැටි
ඔහුට හිමි මා ඇයට හිමි ඔබ
අසම්මතයේ වෙළි උන් හැටි
තවත් වරෙකට අපිව හිමිදැයි
අසන්නට වත් හිත් නොවු හැටි
එදා සෙනෙහස නොපිළිගත්දා
අද ඉතින් අපි විදවනා හැටි
ලස්සනයි ......
ReplyDeleteස්තූතී ගොඩාක් අමා
Deleteලස්සනයි...ඒත් වේදනාකාරීයි....ඇයි ඔය විධිය නිර්මාණම කරන්නේ?
ReplyDeleteස්තූතී ගොඩාක්
Deleteවේදනාකාරි දේවල් හුගාක් හිතට දැනෙන්න ලියන්න පුලුවන් නිසා මම ඉතින් ලියනවා...
ලස්සන අදහසක්..
ReplyDeleteස්තූතී ගොඩාක්
Deleteඑහේ මෙහේ ගිය බැදිමි
ReplyDeleteඅසමිමත නමි
සමිමතය දෙස නොබලාම
පොදි බදිමූ හැගිමි
අපට සිතැඟි පරිදි
හ්ම්ම්ම්
Deleteහ්ම්ම්ම්....
ReplyDeleteහොදා..හොදා...
හ්ම්ම්ම්
DeleteLASSANAYI :_
ReplyDeleteහ්ම්ම්ම් ස්තූතී ගොඩාක්
Deletemaarama lassanai.. duka hithena sithuvillak
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්
Deleteපෙරුම් පුරන් ආදරේ කරපු,
ReplyDeleteජීවිතේ බෙදාගන්නට හීන දැකපු,
ළඟට ළංවී පෙම් කරපු,
අසම්මතයේ පෙම්වතුන්ද අපි,
ලොවට හොරෙන් ආදරේ විඳපු.........
ඇත්තමයි සොදුරුයි
Deleteපෙරුම් පුරන් ආදරේ කරපු,
ReplyDeleteජීවිතේ බෙදාගන්නට හීන දැකපු,
ළඟට ළංවී පෙම් කරපු,
අසම්මතයේ පෙම්වතුන්ද අපි,
ලොවට හොරෙන් ආදරේ විඳපු.........
නැතිවූ දේ ගැන පශ්චාත්තාව වෙනවට වඩා ඒ දේ කොහොමහරි ලබා ගන්න කරන විප්ලවය වඩා ප්‍රායෝගිකයි නේද?
ReplyDeleteහදවතේ ඇතුලෙ තියෙන දේ නොදැනිම පිට වෙනව වගේ :(
ReplyDeleteකවිය කියවද්දි දුක හිතුනා. එත් ආපහු බකස් ගාල හිනා ගියා මේක දැකලා.
//උපුටා ගැනීම තහනම් සියළු හිමිකම් අහිංසකී සතුය//
හැගුම්බර කවි පෙළකි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)