Wednesday, December 28, 2011

මා මළ දා


:::::::::රිද්දුවත් ඒ තරම් රිදවන්න එපා නුඹ නම්
කම් නැ ඒ ඇරයුම් පත ලැබුණු
දිනකටවත් පිළිගනිවී මේ හිත හැබැවටම නුඹව
මට හිමි නොවෙන වඟ:::::::::
සුළැගිල්ල නුඹේ ඇ හා පටලලා
එක් කරන විට දැගිළි පැන් දමා
සීතල වෙලා ඇති මගේ අත් පා නුරා
සුසුම් ගෙන යන්නයමි වා තලයේ හැංගිලා

නුඹේ ලොකේ හිමිකාරිය වෙලා
ඈ යද්දි පාවඩ අතුරලා
සමුගන්න අවසරයි නුඹේ ලොවෙන් හුදෙකලා
නුඹ එන්න ඈ සමඟ මළ ගමට මගේ එක්වෙලා

නුඹේ ලොවෙන් යන්න යම් යළි නො එන වඟ කියා
දැන් ඉතින් සතුටු වෙයි ලෝකයම එක්වෙලා
මා නමින් හඩන්නට වෙන එවුන් නැති නිසා
දුර ඉදන් බලා ඉමි ඇගේ සතුට නුඹ නිසා







Friday, August 19, 2011

නිකන් ලැබුණු හිනාවට වෙච්ච දේ


ටික දවසක් ඉදන් කරුණු ඇහිදමින් හිටියා ලිපියක් ලියන්න අද ලියන්න ආවමයී දන්නේ දන්නේ මේ මම ලියන්න යන්නේ මගේ සිය වෙනි ලිපිය වඟ

ඒ කියන්නේ මටත් ලාවට හරි එකම වැඩක් දිගටම කරගෙන යන්න පුළුවන් කියන එක නේද?
හෙහේ කාටද ආඩම්බර මට මිසක් මට ජය වේවා......!!!
ඉතින් කොහොමෙන් හරි ලියන්න ගිය ලිපියම ලියලා අහවරක් කරන්නම්කෝ
මම ඉතින් දැන් දැන් පුංචි පහේ රස්ස්වක් කරන නිසා ඉස්සර වගේ නිදහසක් නම් නැ

මට ඉතින් ඉස්සර ඉදන් පුරුද්දක් හැටියට තිබුණු දෙයක් ද කරන දෙයක් ද මන්දා වෙලාවට වැඩක් කර ගන්න බැරිකම ඒ ගැන කියන්නේ නම් ටිකක් ලැජ්ජාවෙන්
ඉතින් ඔය විදිහට හැමදාම උනාට
රස්සව ලැබුණු මුල් කාලේ නම් මම ටිකක් කලින් ගියා.
ඔහොම ඔහොම සති දෙකක් විතර යද්දී මට එකම වෙලාවට යන්න බැ වගේ උදේට දෙයියනේ කියලා නින්ද යනවා...
කොහොමෙන් හරි මම යන සමහර දවසට මගේ ශිෂ්‍යයෝ මට කලින් ඇවිල්ලා මම එනකම් බලන් ඉන්න වෙලාවලුත් නොතිබුණාම නෙවෙයී ඉතින්.
( සඳරුවාගේ රැකියාවමයී)
ඒත් දවසක් යද්දි කරුමෙටම ඉන්ස්ටියුට් එකේ අයිතිකාරය එතන ඒ කිව්වේ අපේ ලොක්කා
මම ඉතින් බිම බලගෙනම ඇතුලට යද්දි අඩගැහුවා කියන්නකෝ අෆ්ෆා ඔක්කොමත් හරි මේ මනුස්සය එක්ක කතා කරන්න ගිහාම තමයී මට ඉතින් එෆා වෙන්නේ
මේ මනුස්සයට සිංහල බැ හරියට.....
දැන් ඉතින් මට කතා කරලම හිනා වෙවී කිවුවනේ අනිත් දවසේ ඔන්න පරක්කු උනොත් මට මීටින් එකේදි ඔයාගේ නමත් කියන්න වෙයී කියලා.
ඒක ඔක්කොටොම වඩා ලැජ්ජාවයීනේ
මොකද මම ඉතින් එතන ඉන්නේ කාගෙන්වත් වචනයක් මට එල්ල නොවෙන තැනක ඉදන්
එකටත් හේතුවක් තියේ හිටින් සැරේ කියන්නම්කෝ
දැන් ඉතින් කුකුලට මාව ඇහැරවලා එපා වෙනකම් මට නිඳා ගන්න වෙන එකක් නැ කියල හිතාගෙන මම එදා ගෙදර ආවා කියන්නකෝ.
පහුවදාම මම කුකුළට කලින් නැගිටලා ඌවත් ඇදගෙනම 8.15 වගේ වෙනකොටම ක්ලාz එකට බැස්සා...
මම ඉතින් සුපුරුදු ලෙස මගේ මාර්ගයේ ගමන් ගනිද්දී
බස් එකෙන් බැහැලා ක්ලාz එක පැත්තට පියවර මැන්නා...
සුපුරුදු දර්ශණය අදත් නැ.
මම හැමදාම බස් එකේන් බැහැලා ගාලුපාර දිගේ ඇවිදන් එද්දී ට්‍රෆික් අඩු කරන්න ඉන්න පොලිස් අයියා කෙනෙක් ඉන්නවා.... අදත් එයා නැ.
දැන් කට්ටිය බලයී අදත් කිව්වේ එයා ඊයේත් නැද්ද කියලා?.

ඔව් ඇත්තටම ඒක මෙහෙමයී උනේ.

මම ඉතින් බස් එකෙන් බැහැලා ලතාවට ගාළුපාර දිගේ ඇවිදන් යද්දි දවස් දෙකක් විතර එයා මාව දැක්කා මම ත් ඉතින් එන ගමන් බලන් ආවා. එයා වාහන හසුරවන එක දිහයි මම බැළුවේ
නැතුව කැත හිතකින් නෙවෙයී ;)
කොහොමෙන් හරි මම හැමදාම යද්දි එයා පුරුද්දක් කරගත්තා බලන්න සහ ඔය අතර හිනාවකුත් පැවා
මාත් ඉතින් මොකෝ නිකන් දෙන්න පුළුවන් ඔච්චරනේ මනුස්සයෙක්ට ඒ නිසා මම ත් හිනා උණා හැමදාම..
පුංචි කාලේ ඉදන් මට පුරුද්දක් තිබුණා අදුරන්නේ නැති උනත් මිනිස්සුත් එක්ක හිනා වෙන්න.
දැන් නම් හුගාක් ඒක මගේන් නැති වෙලා
ඉදිරියට නම් දන්න එකෙක් එක්කවත් හිනා වෙන්නේ නැ
ආ ඉතින් කතාව ඉවර කරන්නම්කෝ
දැන් හැමදාම මෙහෙම හිනාවෙන පොලිස් අයියා හැඩකාරයී තළෙලු කොලුවෙක්..
දැන් ඉතින් මම ත් දැන් හැමදාම හිනා වෙනවා එයත් හිනා වෙනවා...
දවසක් මම පරක්කු වෙලා ගෙදරින් යන්න තීරනේ කළා..
මල්ලිගේ සද්දේ දාන දඬු මොණරා එක්ක...දැන් ඉතින් මල්ලි මාව ක්ලාz එක ලඟට ම දාන්නම් කිව්ව නිසා මාත් ගියා.
කොහොම හරි එදා කුකුළත් හොදට නිදා ගත්තා මාත් හොදට නිදාගෙන අපි වෙලාවටත් එතනට යන්න ප්ලැන් කලා.
ඔන්න ඉතින් ගියා කියන්නකෝ

හරියටම පොලිස් අයියා ලඟින්ම මල්ලිගේ මොණරා නැවැත්තුවා, නැවැත්තුවා නෙවෙයී ඇත්තටම නැවතුණා පාරෙන් එහා පැත්තේ කිරි කැල්ලක් වගේ ලස්සන කෙල්ලෙක් දැක්ක මල්ලි එතනදිම මොණරගේ සද්දේ වැඩිකලා......
මම මල්ලිගේ පිටිපස්සේ ඉන්නවා දැක්කා. මූට මම මල්ලි කිව්වට මූ මගේ අයියා වගේ. මම නම් සුපුරුදු විදිහට හිනා උණා, ඒත් පෙරලා ආවේ මට පපඩම් කැල්ලක් විතරයී, පොලිස් අයියාගේ වෙනදට මලක් වගේ පිපෙන මූණ කන්ටේනරයකට අහු උණු පපඩමක් වගේ ඇදවෙලා ගියා...
හෆොයි දෙවියනේ
කවුද දන්නේ මේ මනුස්සයා මා එක්ක හිනා උනේ වැරදි හිතකින් කියලා
හත් වලාමයී කිව්වලු
එදායින් පස්සේ එතන පොලිස් අයියාලා තියා අන්කල් කෙනෙක්වත් නැ
මම දැනගෙන හිටියේ නැ පොලිස් අයියා මාත් එක්ක හිනා උනේ මනුස්ස කමකට නෙවෙයී කියලා.
චික් මම කිසිම කැත සිතුවිල්ලක් නැතුව එයා එක්ක හිනා උනෙ.

ඔන්න ඔහොමයි මට නිකන් ලැබුණු හිනාව නැති උනේ
හෙහෙ ඒ විතරක් නෙවෙයී දැන් පාරේ එතන ට්‍රෆික් බලන්න පොලිස් අයියා කෙනෙක් තියා මාමා කෙනෙක් වත් නැති වෙලා ගියා



මම ඉගෙන ගත්ත පාඩම තමයී :- ආයේ නම් කිසිම කෙනෙක් එක්ක මනුස්ස කමකට නම් හිනා වෙන්නෙ නැ කියලා

(සඳරුගේ ඇන්ටිගේ ඩබල් ක්ලික් එකේ පර්ට් ටූ මගෙන් බලාපොරොත්තු වෙන්න)




Monday, August 8, 2011

එන්න අපි ඇවිද යමු ඉතින්


දඩිබිඩි ගමනින්
ජීවිතේ ඇවිදන් යන
දහසකුත් මිනිසුන් අතර
ඉබි ගමනින්
ජීවිතේ හොයන් යන
මටත් උදා උනා වසන්තය
මඟ නොහැර හැමවිටම
නිබඳ මා ලඟ හිඳින
ඔබ එක්ක
ඇවිද යන්නට හිතෙයි
හීතලම වැහි වැටෙන
මොහොතක
දඟකාර කම් මැදින්
ආදරෙන් තුරුළු වී
ඇහිදින්නට හීනයක්
තියේ මටත්
ඔබ එක්ක ...............




Tuesday, July 5, 2011

ගෙවුනු ඊයෙට


සිළි සිළි බෝ සුළඟ ලඟ
නුඹේ හිත පණගහන
හැම සුසුම් සුවදක්ම
එක්ව කැටි කොට රැගෙන
සංයමයකින් එක්සිත්ව
මල් පහන් සුවද ගෙන
ළයාදර නුඹ නමින්
පුද කලා බුදු කුටිය මත
ඔය හිතේ හැම පැතුමක්ව
හීනයක් නොවී මේලොව
නුඹේ මුවට සිනා කැන්දන
නුඹේ සතුට නිති රැකෙන
හුදෙකලා සිතින් මම
නුඹ රුවා හද ගැබේ
දහසකුත් පහන් දල්වා
පැතුවෙමි සතුට නුඹේ නමට
ගෙවුනු ඊයේ ලැබු
සුභ උපන්දිනය වෙනුවෙන්.................

සසර වසනා තුරා
නුඹේ නමට පේ වෙලා
පතමි දිවි ඇති තුරා
සුභ උපන් දිනයක්ම වේවා..................!!!

සැ:යු ඊයේ විදුලිය ඇණ හිටි නිසාවෙන් ලිපිය ප්‍රමාද විය :(:

Friday, June 24, 2011

ඉන්නවා මම බලන් තාමත්

නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා




ආපස්සට හැරී නුඹ
බලන විට අප මතක
නොමැති ඔබේ මාවතේ
හිඳී මම නිහඩවම
වල් වැදී අප මතක
මිය යන්න හදන කල
ඒ මතක මාවතේ
එක්වරක් වත් එන්න


මම තාමත් බලන් ඉන්නවා

Sunday, June 5, 2011

ආදරේ නිසා මම
















දඟකාර මඳ සුළග ළගට ගෙන
තරු පාට ඇස් දෙකට බර වෙලා
හැගීමක් ගැන රහසින් කීවෙමී
බිඳක්වත් නුඹට වැටහෙයී කියා

දෙවුර මත හිස හංගලා තව
පපුතුරට මම ළං වෙලා හිඳ
හිමින් මුමුණා යළිත් කිවෙමි
ආදරේ නුඹටයී කියා මම

තරු වළා මැද හැංගිලා නුඹ
සුළං රැල්ලේ දැවටිලා මම
සුපෙම්වත් හිත ළඟට වූවෙමි
මා නුඹේ පමණක් නිසා අද

සෙමින් දෙකොපුල් තෙත් කලා මම
පියුම් පෙති මදහස් නංවලා නුඹ
හොරෙන් ඉස්සි යලිත් බැලුවෙමි
බිඳක් වත් ආදරේවීදෝ කියා මට


Wednesday, May 25, 2011

...එහෙම උනා නම් ...


මේ අඳුරු දෙනෙත් ලඟ
සොඳුරු වූ එළියක් වන්නට....
එ සහන් එළිය ලඟ
මිහිරි වූ සිනහව වන්නට....
එ සිහින් සිනා ලඟ
හැඩකාර ජිවිතය වන්නට....
එවන් ජිවිතය ලඟ
හෙට දිනක් වන්නට....
එ උතුම් හෙට දවසෙ
සෙවනැල්ල සේ
හැකිනම් රැදෙන්නට නුඹට,.....
හැකි වෙවි හිනහෙන්න
සංසාරේ හැමදාම....
ලඟ ඉදන් ආදරෙන්

"....එහෙම උනා නම් ...."

Friday, May 20, 2011

සමුගෙන ගියා නුඹ නොකියාම කාටවත්




මට තාමත් මතක් වෙන්නේ එදා ඉළංදාරියාට පසන් මාව පෙන්නලා දන්නවද කවුද කියලා ඇහුවාම එයා දුන්නු උත්තරේ
"මොකද මම නොදන්නේ මම දන්නවා මම අදුරගත්තා" කිව්වා.....
ඒ මම මුල්ම වතාවට ඉළංදාරියාව දුටු දිනය ඒ අපේ සිහින බක්මහ උත්සවයේදි.
හැමදාකම විස්තර එක එකෙනාගෙන ඇහුවට එද තමයි මම මුලින්ම දැකලා කතා කලේ
ඒත් මම දැනන් හිටියේ නැ ඒ අපි හමු උනු ප්‍රථම සහ අවසන් වතාව කියලා
වී කරල් ගොඩාක් ගෙනත් දිලා සරසන්න කියලා පහන ලඟ හිටියා මට තාමත් ඇස් වල මැවෙන්නේ එදා ඉළංදරියා හිටපු විදිහ.....


නුඹ අපෙන් සමු අරන්
යන්න ගිය හැටි මෙහෙම
මිතුරන් උනු නිසා අපි නිබඳ
බැ කොහොම දරාගන්නට
ඉළන්දාරියෝ නුඹ.........
නැවත නෑවිත් මේ මහපොළොව මත
නිවන් දැකපන් අපෙත් පින් ගෙන


Wednesday, May 18, 2011

එනවා නම් ආයෙමත්





















තටු ලිහා ගළවා තබා නුඹ ගිය
අතීතයේ මං සළකුණු කියාගෙන
එද්දී යන්නට ඒ මතකයන් රැගෙන
නොහී දෙන්නට කිසිවක් ඉතිරිව

පාරනා මා හිත ඒ සුවඳ
ඉල්ලා හඩන විට නුඹේ ප්‍රේමය
නුඹ සතුව නැත මා ළඟ
අයදින්නට රැදෙන ලෙස මා සමඟ

දකින දසකුත් එක් හීනයක
දුටුවා පැමිණ ඇති වඟ නුඹ මා වෙත
නො ඉහිලුම් හදවත විවරව
සිප වැළද හැඩුවා නුඹව මම

යළි කවදවත් වෙනස් නොවෙනු ඇත
කියා ලේබල් ගසා වෙන් කළ හිත
මේ ලෙස යදම් බිඳ නුඹ සොයාගෙන
යන්නේ කිමද නොදනිමි මගේ සඳ

නොකියා හංගාන හිටියාට පෙම් හිත
වෙලා මදි මට මේ සංහදිය
ආයෙමත් එන්නට හැකි නම් මුලක හිඳ
ඉන්නවා සත්තකයී මම නුඹේ ලඟ

සැගවී හඩන ම'හිත බදාගෙන
කවදාකවත් නුඹ නො එන බවත් දැනගෙන
බැ තවත් ඉවසන්න මේ ලෙස
මැරෙන්නට අවසරයී දැන් ඉතින් මට

Saturday, April 30, 2011

මගේ ලෝකයෙන් උන්ගේ ලෝකයට

මුලු ලෝකයම මා වටා හිටියත් මම තනිවෙලා...

හැම කෙනෙක්ම ජිවත් වුනේ තම තමන් විසින් නිර්මාණය කරගත් තමන්ගේ ලෝකයන් තුල..
මට මං වගේ ජිවිතයක් හදගන්න ගත් තිරණයට උන්ට වැරැද්දක්ලු
එසේ වු උන් මගේ ලෝකය වෙනස් කරන්නට සැරසෙනවා…..
අවී අමොරා මා මරන්නට හදනවා...

ප්‍රේමයෙන් මාව මුදවන්න හදනවා....
හිතේ සතුට නැති ජිවිතයක පලය මුදල් නොවන වඟ හිතන්නට එකෙක්ටවත් උවමනවක් නැති තරම් උන් අන්ධ වෙලා………..

මහප්ප්‍රාණ අකුරු එකතු කරලා ගොතපු වාක්‍ය වලින් මුන් මාව වටලන්න හදනවා මුන් නිරුවතින් ඉදගෙන අනුන්ගේ නිරුවතට හිනා වෙනවා....

දානයක් මානයක් නොදුන්නු
බණ පදයක් නොඇසු උන්
බ්‍රහ්ම ලෝකේ ගිහින් උපදින්න හීන මවනවා....

මට පිස්සු නෑ දෙයියනේ උබලට මාව එහෙම පේනවද........?

***********************************


ඉස්සර දවසක 100 ට මා ලියූ දේ අතුරින් මම අද උපුටා ගෙන නැවත මෙහි සටහන් තබමී

ලියන්නට දහසක් දේ තිබුනද ලියාගන්නට නොහැකි තැන මෙවන් ලිපියක් තබා යමී ඉතාමත් ඉක්මනට මෙහි පැමින අලුතෙන් යමක් සටහන් තැබිමට ආශා කරමී.............



Monday, April 4, 2011

වැව් ඉස්මත්තට වී නුඹව සොයමින් තාමත් මං

දළදා මාලිගාවේ වැව ඉස්මත්තේදි පුංචි බංකුවේ වාඩි වෙලා මම බලන් හිටියා පැයක් දෙකක් විතර බලන් හිටියා...........
කොළඹ ඉදන් නුවරට එන්න මහා හුගාක් වෙලා යන්නේ නැ ඒත් මේ තරම් මට වෙලාව ඉක්මනටම යනවා වගෙ දෙනෙන්නේ ඇයී.........................?????
නොඉවසිලිමත් හිතේ හැටි එහෙමයි කියල දවසක් ඔයා මට කියලා දුන්නා....
මම හිමි හිමිට අත් ඔරලොසුව බැලුවා 10.20 එහි සටහන් වෙලා
ඔයා තාමත් නැ......
මම අයේම වතාවක් දළදා මාලිගාව වෙත නෙත් යොමු කරගෙන දැස් අයා බලන් හිටියා
ජීවිත කාලේම උනත් මම බලන් ඉන්නම් කියන්නයි අද මම ඔයාට මාව දකින්නට එන්න කියුවේ විත්තිය ඔයා දන්නේ නැතුව ඇතී.
සමහරවිටක ඔයා ජිවිත කාලයටම මගේ ලඟින් ඉන්නම් කියන්නට මා සොයා එනවා වන්නටද බැරිකමක් නැත..
අපි අපිට ඒ තරමටම ආදරේ වඟ මුලු ලොකයටම නොරහසක් බව අපි හොදින්ම දැන හිටියා.............
දවල් මද්දහන උදා වෙන්න අර අදිනකොට හිමි හිමින් නුඹ සීතල නුවරට ආවා........
කැප්පැටිපොළ ශාලව ලඟින් පාරේන් එහා පැත්තේ බස් එකෙන් බැස්ස නුබව මම අදුනා ගත්තේ කකුල් දෙකෙන්
නුඹ හිමි හිමින් වට පිට බලනකොට මම හොරෙන්ම ලඟට ඇවිත් කතා කලා.
මතකයී නේද තවමත්............?
අපි එතන ඉදන් ලොකු නිහඩ බවකින් මාළිගාවට පිය මැන්නා.
නුඹ ආසම කරන නිල් මානේල් මල් අරගෙන අපි හිමි හිමින් දළදා වැන්දා......
එදත් මම ප්‍රාර්තනා කලේ හැමදාම ජිවිතේ ඔයාව සතුටෙන් තියන්න කියලා විතරයී.
මට ඔයාව මගේ කරල දෙන්න කියලා කියන්න අමතක වෙන්න ඇති නැ අමතක උනා නෙවෙයී.
ඔයා ව මගේ ලඟට කරන් තියගන්න තරම් ආත්මාර්තකාමි හැගීමකින් එහෙම දෙයක් දළදා හාමුදුරුවන් ලඟදි මට ඉල්ලන්න ඔන උනේ නැ.....
ඒ නිසාවෙන් මම ඔයාගේ සතුට විතරක් ඉල්ලුවා.....
අවසානයද......... ආරම්භයද.... කියන්න මම දන්නේ නැ අපි හිමිට ඇවිදගෙන ගියේ වැව රවුම වටේටයි...........
පුංචි බංකුවක ඉදගෙන අපි නිහඩ බව රැක්කා..........
ඉතින් කියන්න ඔය ඒ නිහඩ බව බින්දේ මගේ දිහවට ඔලුව හරවලා චුට්ටක් මට ලං වෙලා
සිතුවිලි ගඟ උතුරා ගලා බැස මම ගොළු උනා..
ඒත් වචනයෙන් වචනය එකතු කරලා කතා කරන්න උත්සහා කලා.
ගැහෙන හඩින් එකින් එක මම අමුණන්න ගත්තා.....
ඒත් වචන දහයක්වත් මට කතා කරගන්න බැරි උනා........හිතේ තෙරෙපගෙන හිටි දුක වේදනාව වෙනදා වගේම නුඹ ඉදිරියේ කදුලක් එතිලා ඉකිගැස්මකට මැදිවෙලා ගලන් ගියා.
අඩන්න එපා "............"
ඔයා මට කිව්වා.
ඒත් වෙනදා වගේ මගේ ඔලුව අතගැවේ නැ.....
චුට්ටක් වෙලවාක් එහෙම හිටපු ඔයා සංසාරේ පුරාවටම මාව නැති උනත් මේ ආත්මෙද් වත් ඔයාගෙ වෙන්න කියලා කිව්වා.....
මහ අපුරුවට ඔයා මට ආයේමත් ඔයාගේ වෙන්න ආරාධනා කලා......
ඇසිල්ලකින් මගේ වේදනාව තුනී උණා......
අපි හුගාක් දෙවල් කතා කලා.....
*********
කාලයත් එක්කම අපි ආයෙමත් අපේ වෙලා කොහෙන්දෝ තැනකින් ආයේමත් අපිට වැරදුනා
කාලයක් අයාලේ ගිය හිත ආයෙමත් එක් තැන් කරගෙන නුඹ ලඟට එන්නට හීනයක් මැව්වා ඒ මම තනියම මුළු ලොවටම හොරෙන් නුඹටත් හොරෙන්........
ඒ හීනේ නොහිතපු මොහොතක නොහිතපු තැනකදි බිදගෙන වැටුනා........
**********
හුරු පුරුදු සුවඳක් ලඟ ලඟදෝ කොහෙදො හිත නතර උනා.....
ඒත් ඒ හීනයක් වඟ මට දැනෙනකොට හැබැ ලොකයේ නුඹ සොදුරු ලඳකගේ ආදරණීය සැමියකු වී හමාර වී තිබුනා.......
**************
අවසානයේදී සදහටම මට නුඹව අහිමි වී ගියා.
තාමත් මම ඒ වැව් ඉස්මත්තට වී නුඹව සොයන වඟ නුඹ නොදන්නවා ඇත .....

Monday, March 7, 2011

පරණ දිනයක්


දුවගෙන විත් නැගුනි පය ලිස්සද්දීම මා නොවැටීම බස් රථයකට
බසය පුරාම නෙත් යොමලා දුටු අසුනේ වාඩි උනේමි හති දමමින්..........
දුටුවා ඉදිරියෙන් මගේ ප්‍රේම වන්ත රුවැත්තියක් අලුත ගෙනා මනාලියක් ......හැඩකාර කිරිල්ලියක්..........
මුකුළු බසින් හිනා නගන හැඩි දැඩි තරුණයකු අතගෙන යයී ඇ බසයේ ඉදගෙන
අහිමි වූ පාදයක් ඇති තරුණයකු නැගගත්තා ඒ බස් රියටම
පිදුවා අසුන මම සැනකින් මිල නොකොටම සිනාවකුත්
හැගුනා වැදුනු වඟ නම් ඔලුව කොහේ හෝ කළු ගල් තලාවක
සිතුනා මට නැගිටු සැනින්..........
ටීක් බෝල වගේ කඳුලු බිංදු තුනක් ගලන් ගිහින් සට සට ගා ඇද වැටුනා............
ගල් ගැසුනු මහිත එක්කම මම ආයේත් හොරෙන් බැලුවා............
ඉවසා.........................
දරා....................
වදාරා.....................
කඳුළු සඟවා.....................
හැඩුම නවතා.................
කඳුළු පිසදා...........................
මොහොතක් සිතා.................
යළිත් ඒ දෙස බලා...........................
නගා ගත්තා ආයාසයෙන් පපඩමක් වූ මගේ මුවගට මද සිනාවක්
ප්‍රේම වන්ත රැවැත්තිය ඉල්ලුවා මා අත් බෑගය
වැටුනා කඳුලක් යලිත්
බැලුවා මා දෙස නිහඩ දැසීන් කදුලු අත දරාගෙනම හැඩිදැඩි තරුණයා සැනෙකින්
කඳුලු පිසිනා විට මා දැතින්
දුටුවා රන් මුදුවක්
පරණ දිනයක ඔහු මට පැලැන්දු
හැප්පෙන්න ඇති කළුගල් තලාවෙම ඔහුත් මා මෙනම මොහොතක්
"බොහොම ස්තුතී"
රුවැත්තියහට මා කියා
සැනින් මා පිටු පස දොරෙන් බැස නොපෙනී ගියා..

රුවැත්තිය තරම් මා හැඩ නොවුනාට
රුවැත්තිය තරම් මා රූමත් නොවුනාට
රුවැත්තිය තරම් මා ධනවත් නොවුන්නාට
පණටත් වඩා පෙම් කළෙමී මා නුඹට

Tuesday, March 1, 2011

ආගිය වසරක මතක ආවර්ජනයක සටහන්


තිතයට යන්නට ආයෙමත් අවසරයී.
අදට හරියටම වසරකට කලින් අද වාගේ දවසක මේ බ්ලොග් අවකාශයට එන්නට මට අවස්තාව ලබා ගත් හැටි සිට මතකය මා මනසේ පෙළගැසෙයි.....
බුකියේ කවි ලිය ලියා උන් මා විසින් ලියන ලද එක කවියක මා විසින් ටැග් කරනු ලැබු පුද්ගලයකු දැකීමෙන් "මගෙ මරණය" මා සමග ඔහුගේ තාප්පයේ කතා කලා මතකයි.
එදායින් ඇරඹුණු ඒ මිතුරු දම තව තවත් වැඩිදියුණු වෙමින් ඔහු මට බ්ලොග් අවකාශයට පාර කියු හැටි මතකයී
"ඔයා කැමතිද බ්ලොග් එකක් කරන්න?"
"ෂා නියමයී,............... ඒත් කොහොමද කරන්නේ................?"
"මම කියලා දෙන්නම්, අපි කරමු"
එදා ඒ කියු වදන් තාමත් මගේ මතකයේ රැදේ.
දහ දොළොස් වතාවක් පමණ "මගේ මරණය" ට කරදර කරමින් සදාගත් මගේ පැල්පත බදු බ්ලොග් එක තුල මම එදා සිට හැකි හැම විටකම සැරි සැරුවා මතකය
*අතරමං වු ජිවිතය*
*මතකය අතර දොලනය වන මගේ කවි*
*කාගෙදෝ කතාවක්*
*තනි උනාම හිත කියන දේ*
ආදී වර්ගීකරණයකින් යුතුව ලියාගෙන ගිය දෙවල් අතර මැද නවතමින්ද නැවත නැවත ලියමින්ද ඉදිරියට අවුරුද්දක්ම ආ වග සතුටෙන් දැනුම් දෙමි........
මේ ආ ගමන් මඟ තුල මා පසු පස සිටි අය බොහෝ වෙති.
ඒ හැම කෙනෙකුම නොවුනත් මේ ආදරෙන් මතක් කරන්නේ ඔවුන්මය...
"මගේ මරණය" මගේ හද පිරි ස්තුතීය හැමදාම ඔයාට ලැබෙනවා.....
මේ බ්ලොග් අවකාශයට මාව ගෙන ආව ට සහ මෙතෙක් හැම අවස්තාවකදීම මා සමඟ මගේ ආදරණීය යහළුවෙකු සහොදරයකු ලෙස මා පසු පස ආවාට සහ ඉදිරියට ත් ඔයාව එලෙසින්ම මම බලාපොරොත්තු වන වගත් දැනුම් දෙමි... හේහේ
එමෙන්ම අන්ශ
අන්ශ් හැමදාකම මගේ පැල්පත වෙත ආව ගිය කෙනෙකු සේ මම දැක ඇත්තෙමි
ඇයටත් මගේ ස්තුතීය
අදටත් මෙහි නිතර එන යන සහ මම කියන ලියන දේ බලා නිහඩවම ඇත සිටන් බලන් ඉන්න බොහෝ දෙනා අතර *ගයාන් තාරක*ව ආදරයෙන් මතක් කරමි....
ඔහු මා සමඟ එක් වී එකට කවිකම් කල සහ මා නිසාවෙන් කවි ලියන්නට පුරුදු උනු එක් චරිතයක් විය එය මට සතුටක් බව අද මම ඔහුට කියමි...
මා සමඟ පැමිණි බොහෝ දෙනා අතර ඉතාමත් ලෙංගතුව මතක් කරන ආදරණීය චරිත දෙකක් ඇත...
ඒ මගේ ආදරණීය නංගා *අමාදි ජයසිංහ*
ඇය මා ලියු බොහෝ දෙවල් කියවමින් සයිබර් අවකාශයේ මා සොයා පැමිණ මට ආදරණීය යෙහෙලියක් *ලක්ශිකා සමරසිංහ* සොයා දුන් ඒ මගේ ආදරණීය නංගා අද අපි අතර ජීවත් වෙනවාද කියාවත් සොයා ගැන්මට නොහැකිව හිදින මොහොතක ඇවා ආදරයෙන් මතක් කරමී..
කොහේ හෝ හිඳ මගේ නංගා මේ සටහන් බලනවා නම් ආයෙම්ත් එන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු............!!!
මේ හැම දෙයක්ම ඈත ඉදන් බලා මගෙන් හිමි හිමින් ප්‍රශ්න කර කරා හැමදේම කියවන මගේ ආදරණීය කොල්ලාවත් (උදයංග ) ආදරෙන් මතක් කරමි.....
එමෙන්ම රවා මගේ සහොදර මලයා ඔහු සහ රනා,හේමලයා ආදී මෙකි නොකි අය මා සමඟ මා මෙහි ආදා සිට හිටියා මතකය
ඒ හැමොටම ස්තුතී...........
මෙහි පැමිණීමෙන් පසුව මට ලැබුණු හැමදෙයක්ම ශේෂයක් කොට ගතහොත් ලබා ගත් වටිනාම දෙය නම් ඒ මිතුරු දමක් ම විය. එය කොතෙක් වටිනාකමක් මා සතු විද යන්න මම කිය යුතු නැතැයි සිතමි. :) ( ලබාගත් වටිනාම දෙවල් ගැන මම අමුතුවෙන් කුරුටු ගැ යුතු නැතෙයී සිතනවා හේහේ )
මා විසින් ලියන බොහො දේ දෙස බලා හුදෙක් මා මිතුරන් ඇසුවෙ සහ සිතුවෙ මේ සියල්ලම මා සටහන් තබන්නේ මගේ ජීවිත කතාවද ජිවිතේ කතාවේ හිත රිදුනු තැන්ද යන්න එහෙත් අද පවසමී මේ සියල්ලම මගේ ජීවිත කතාවම නොවන වඟ දැනුම් දෙමී. හේ හේ
කියාගත යුතුයි යැයී සිතු සියල්ලම කියාගත්තාද යන්න මම නොදනිමි.
කුමක් කීවද වුවද හැමටම බොහෝ ස්තුතී වඟ සදහන් කරමි.
මා සමඟ රැදී සිටියාට හැමට ස්තුතී සහ ඉදිරියට ත් මා සමගම රැදෙන මෙන් ඉල්ලා සිටින්නට
අවසරයී.....



Saturday, February 19, 2011

වසන්තය ගිම්හානයක් ව

මඟ බලාගෙන හිටි වසන්තය ආවා සත්තකයී ඇස් මානයට
රදාවා ගන්න මා ලඟම බලන් උන් ඒ නුඹම ගිම්හානයක්
උනේ කෙලෙසකද එක් නිමේශයක..........
හිත පතුලේ හංගාගෙන උන් හැම හීනයම
දිග හරියන්නට හිතා උන්නා නුඹ ළඟම
එක් නිමේශයක ඇයි මේ හැටි
රිදෙව්වේ ගිමහානයක් ලෙස.........
වසන්තයට පොවන්නට පණ
මා දෙනත් උන්නේ බලන් හැම ඇසිල්ලකම
රිදවන්නට පළිගන්නට මේ ලෙසින් සඳ
කිමද නුඹ ආවේ මගේ ලෝකයට............
ගිමාහානයේ උන්නු මට
එය අරුමයක් නොවෙයී කිසිදාක
වසන්තය නෝආවනම් මා ලඟට
නැ හිතක් මට රිදෙන්නට...........
ඇසී පියන් තුරුළු කර හැම රැක
නුඹ ලඟින් සැතපුනා නිබදවම
ගිම්හානයක්ව නුඹ ගිය කළ
නින්ද නෑ මේ නෙතට පෙරසේම............
කඳුළු කැට පොඩි කරන් මම උන්නේ
හැමදාම දුර ඉද පෙම් කෙරුවේ
ගිමහානය රැදෙනු මැන මා මනසේ
එපා මට වසන්තය මේ සසරේ.............

Wednesday, February 16, 2011

වරක් වත්..

මගේ හුස්ම හිරවෙනවා
මට මාව නැතිවෙනවා වගේ මට දැනේනවා
උඹේ හිත ඇහෙනවා
උබව මට නැති වෙයිදෝ හිතෙනවා
අනේ මට කියාපන්
එකවරක් වත්..
උබ මට ආදරේයි ද කියලා

Tuesday, February 8, 2011

එනතුරු හිදපන්



එකම එක වතාවක්
ඔය දැස් දකින්නට මට
මේ ඇහී පියන් යට
පායාපන් ඉතින් මගේ සඳ,.........

පතන පැතුමන් දහසක
හිතන හැගුමන් සහසක
නොආවාමා දකින්නට නුඹ
රිදෙයී මහ ගොඩාක් හිත,............

රිදුනු හිත සනසන්න
හිදී නම් ලඟක නුඹ
හඩන්නට නුඹ නමින් මට
කඳුළු කිම මයේ නෙතට,................

උඹ ලඟින් උන්නාම
ඔය ඇහි පිහාටුවක මට
එකම මොහොතකට හෝ
දියන් ගුලිවෙන්න ඉඩ ,............

සෙවනැළ්ලක් සේ යළි
එනවිට පසු පස නුඹ
නැවතී හිදපන් මොහොතක්
තුරුළට ගෙන අප මතක,...........

Wednesday, February 2, 2011

නුඹ ලඟයී මම


ගීරි දුරග ගමන් මඟ
හිමිවෙලා මට නුඹව
ගෙවා ආ කාලයම
හීනයමක් වෙලා මට ..........

අතීතය මතක ගෙන
කියන විට නුඹට මම
ඔය ළමැදේ තුරුළු කර
ළංවේය නුඹ නිබද......

විදින්නට ජිවිතය මට
තුරුළු වී නුඹේ ළැමට
හිතෙන හැම මොහොතකම
ඉකි බිදි පෙර මතක....

උරුම නැති පෙම් කවක
පාට තවරා හැමදාම
බලා ඉමි තවම මම
නුඹ දමා පසෙකටම...........

ඉවතලන හැමවිටම
තවත් පෙම් කරන නුඹ
හැරදමා නොයන කළ
දුක් වීදී මහිත තව ...........

කප්පරක් දුක නිවා මම
හිනහේවී යළි දිනක
හිමිකමක් අයිතියක් නැති මට
කෝහේ හෝ හිස් තැනක හිද..........

Thursday, January 27, 2011

විස්වාසය හා යථාර්තය අතර මැද සිට

ජිවිතයේ ආදරයෙන් අකුරු කරන්නට මඟ බලා හිටි පූජනීය ප්‍රේමයක්....

බලාපොරොත්තුව සතුට ආදරය එකතු කරගත් ජිවිතයට
නිදහස් නිස්කලංක හුදෙකලා සැහැල්ලු සමනළ ජිවිතයට
ආදරයේ අකුරු අරන් නුඹ පිය මැන්නා අතීතයේ දිනයක...
එ මිහිරි සොදුරු සමනළ ජිවිතයේ සියලු දේ සිදුවන්නට පටන් ගත්තේ ඉන් පසුවයි....

හුදෙකළාවේ මඟ බලන් හිටි ඈ දුප්පත් පුංචි දඟකාරියයී..

ඇගේ කවියට පෙම් බැදි හෝ එය කරණ කොට ගත් යම්
සිතුවිල්ලක් හේතුවෙන් ඈ හා දොඩමළු වන්නට ඔබ ඉක්මන් වන්නට ඇත.......
ජිවිතයේ හුදෙකලා හිත සමඟ අතරමං වු ඈ ඇගේ කවි සිත තව තවත් සතුටු වන්නට ඇත්තේ ඔබෙන් ලද ප්‍රසංශාවන් හා ඇගයිම් හේතුවෙන් වෙන්නට පුලුවන...
ඇගේ කවිකාර හිත ඔබේ කාන්සිය වෙනුවෙන් වෙන්ව ගිය වඟ
අදටත් ඈ නොදන්නා කරුණක් වනු ඇත.
ඔබේ හුදෙකලා බව කාන්සිය ගෙවා ගන්නට පමණක් ඈ හා දොඩමලු වන්නට ඇත.
එය ඈ තවමත් නොපිළිගන්නා වඟ නම් සහතිකය...

කාලය සුදු වැලි තලා අතරින් ගලා යද්දී
ඔබ ඈ යනු ලෙංගතු චරිත දෙකක් සේ දකින්නට ලැබීම ඈට සතුටක් ගෙන දෙන්නට ඇත,.....
ඔබ හා නිතර රැදෙන්නට
ඔබව දකින්නට
ඔබ ගැන හිතන්නට
ඈ පුරුදු වන්නට ඇත්තේ ඔබෙන් ලද පුංචි පුංචි ප්‍රේමනීය හැගුම් නිසවෙන් වන්නට ද ඉඩ ඇත,..........
ඉදහිටක දී දිනයක ඈ නිවසින් බැහැරට යන විටෙක
ඔබ ඈ අඳින පළදින දේ පවා සොයා දැනගන්නට දැක ගන්නට උනන්දු වු වඟ මම දනිමි.
එවැනි දේ ඇයට ජිවිතයට නව බලාපොරොත්තු එක්කරන්නට වු වගද මම දැන උන්නේමි...
එය ප්‍රේමය යැයි ඇය සිතුවා වත්ද?
නැත....
"ඔබ වැන්නෙකු තමන්ගේම කෙනෙකු වනවා නම්" යැයි ඈ සිතන්නට ඇත.
ගැහැණු සිත් එලෙසය, තමාට අයිති නොවන යම් පුද්ගලයකු සතුව
තමන් අශා කරන, පෙම් කරන, යම් ගති පැවතුම් වේද ඔවුන් හැම විටම සිතන්නෙ
"අනේ මගේ වෙන කෙනෙක්ට ත් මේ වගේ ගති පැවතුම් තිබුනා නම්" යනුවෙනි එය හුදෙක් යුවතියන්ගේ සිතුවිල්ලකි.
ඇයත් එලෙසින් සිතන උන්ගෙන් එක් අයෙකී.
එහෙත් යම් තැනකදී ඔබ කුමන හෝ ඈ නොදන්න
හේතුවක් මත ඈ මඟ හැර හිදින්නට හැදුවා නම්
ඈ හිත් රිදවා ගත් තරම ඔබට හිතා ගන්නටවත් නොහැක....
ඈ දඟකාරියක් වුවා පමණකයි...
හඩන්නට.... තැවෙන්නට.... නම් ඔබ හමුවීමෙන් පසු ටිකෙන් ටික ඈ දැනගන්නට ඇත.
එ නිසදෝ දැන් ඈ හඬන්නට කිසි විටෙක මැලි නොවෙයි,....
ඔබ නොදන්නවා වුවට ඈ ඔබ නිසාවෙන් අනන්ත සතුටට පත් වග නම් මා බොහෝ විටෙක දැක ඇත.
අපටත් වඩා වේගයෙන් කාලය ඉගිලි යද්දී ඈ යම් යම් හේතුන් කරණ කොට ගෙන ඔබට පෙම් කරන්නට ඇත්තෙ ඔබව සජිවි දැක හෝ ඔබ කෙරෙහි සැහිමකට පත් තොරතුරක් ලැබිමෙන් නොව...

ඔබ කවරෙක් ද?
කාගේ කවුරුන්ද?
ඔබ කුමන ආකරයේ චරිතයක් ද?
මේ කිසිවක් ඇගේ ප්‍රේමයට අදාල නොවුනි
ඇය පෙම් කළා පමණකී
ඇයට අවැසි උයේ ප්‍රේමය විද ගැනිමට මිසක විදවීමට නොවුනි...
මිල මුදල් යන වාහන කුළ මළ ජාති ආගම යන හුදෙක් පටු සිතුවිලි ඇගේ ප්‍රේමය තුල නොවුනී
එහෙයි න් ඈ නොපැකිලිව පෙම් කළාය...
මොහොතින් මොහොත ඔබ ඇගෙන් දුරස් වන්නට ඇත්තේ ද ඉහත යම් කරුණක් බලපෑම නිසා වන්නට පුලුවන.
එහෙත් ජිවිතයේ සතුට සොය යන ඈට එම කරුණු ඇත්තටම අදාළ නොවුනී...
කිසිම දිනක කිසිවෙකු හේතු කොට ගෙන
ඇගේ හිතේ ඔබ කෙරෙහි උපන් ප්‍රේමය බිදකුදු දුරස් කරන්නට
ඈ නොසිතනා අතරද එය එසේ කිරිමට ඇයට කිසිදු උවමනාවක් නොමෙති වඟද දනිමි.
ඇගේ හිතේ ඔබ කෙරෙහි හටගත් ප්‍රේමයේ වපසරිය කියන්නට මම උගෙන නැත.
ඔබ ඈ මුණගැසුණු ඈ ඔබ මුණ ගැසෙණු කිසිදු දිනයක ඈ ඔබ කෙරෙහි ලොභ නො උනා යැයි පැවසුවහොත් එය වැරදිය...
ඔබ තුල ඇති සගවාත් ප්‍රේමයට ඈ අප්‍රමාණව පෙම් කලාය.
ඔබ ඇගෙන් වෙන් ව යන්නට උත්සුක වු හැම විටෙකම ඈ තව තවත් ඔබට ලං වුවාය...
ඔබ ඈ යන චරිත දෙක අතර තිබේ යෙයි ඈ පවසන ප්‍රේමය දුර සිට බල හිදින්නකු සේ මා දකින්නේ නම් ඇය මහා අනුවණ කාරියක බවය...
මේ සා ලෙස ඔබ ඇයට ව්‍යංගයෙන් ප්‍රතික්ෂේප කරද්දීත්
ඈ ඔබම පතා එන්නේ එම නිසා වන්නට පුලුවන...
සියළු දුක් ඉවසා දරා මෙලෙසින්ම රැදී මන්ද?
එය අනුවණ කමක් මිස
එහෙත් ඈ ඔබේ ප්‍රේමය විදින්නීය
දකින්නීය......
ඔබට පෙම් කරන්නීය .........
ඔබ ගැනම සිතන්නීය.......
එහෙයින් සියළු වේදනාවන් විද විද මේ තරම් කදුළු හලමින් හිදින්නෙ ඔබට ඇති ප්‍රේමය නිසාවෙන්ය.
එහෙත් ප්‍රශ්නයකි
මේ මම වුවා නම් එක්දු මොහොතක් වත් නුඹ සේ දුක් විදින්නෙද හඬන්නේ නම් නැත.

"නුඹට මා එපා වන්නෙ එක් වරක් නම් මට නුඹව ආත්ම ගණනකට එපා"

එහෙත් ඒ මාය.
ඇයට එලෙසින් කීමට සිතිමට නොහැකි මන් දැයි මම නොදනිමි.....
මා මෙහි සටහන් නොතැබු බොහො දේ සිදුවන්නට ඇත..
මා දන්න දෙය මෙය පමණකී...
අවසානය කෙසේ උවද මට මෙලෙසින් සටහන් තැබීමට සිත්වේ...
ඈ සහ ඔහු කෙරෙහි දුර සිට බලා හිදින්නෙකු සේ සටහන් තැබු මට
ඔබලා කෙරෙහි පැහැදිලි විග්‍රහයක් කිරිමට නම් නොහැක.
කිමද ඔබලාව මට නොවැටහෙන නිසාවෙනී...
එහෙයින් මෙසේ සටහන් තබමී.....

ප්‍රේමය ජිවිතය කොට ගත් ඇගේ දගකාර ලෝකයට ඔබ ඇවිදින් ....... අතරමං කර ඈ......හඬන්නට... හූල්ලන්නට ..... නොදැන හිටි ඈ මේ ලෙසින් සුසුම්ලන්නට ........ හුරු කලේ ඔබයිහදේ දොරගුලු වසා දමා ඔබ වෙනුවෙන් පේ වන්නට ඇ උගත්තේ ඔබේ අහංකාර වංසවත් කුළප්‍රේමය නිසාවෙනි.......... දනිමි එක් දෙයක් මා ඒ අද හෙට හෝ ලඟදීම හුගාක් ලඟදීම..... දවසකඔබහට දිවි දෙවැනි කරන් පෙම් කරන ඈව ....... අමු අමුවේ ඔබ විසින් ඔබේ දෙ අතින්ම ඔබට පෙම් කල ඇගේ දගකාර හදවත සිර කර මරා දමන වඟ නම්...........

(නන්නාදුනා චරිතයක් මාර්තු 31 සටහන් තබන ලදී)

Tuesday, January 25, 2011

උඹ දිණුවා

"උඹ වෙනුවෙන් මං බලන් ඉන්නම් තවත් අවුරුදු 10ක් උනත් මට කමක් නෑ., උඹව මට ලැබෙනවා නම්......."

මා පසු පස වැටී එන ඔහුගැන හිතුනෙ අනුකම්පාවක්

"මේ ලොකෙ උඹ තරම් සතුටෙන් වෙන කෙනෙක් කවදාවත් නැති වෙන තරමටම උඹට ආදරය කරන්නම්.."

මට දුක හිතුනා...

"උඹ නොලැබෙන ආදරයක් පසුපස හඹාගෙන යනවා උඹට හති වැටුන දවසක මං ඉන්නවා උඹගෙ පිපාසය සංසිදවන්නට.."

මට මහ අමුත්තක් දැනුනා.....මට හිතා ගන්නට බැරි කවදාවත් උඹ වෙනුවෙන් මේ හිතේ ආදරයක් සෙනෙහසක් ඇති නොවුනු වග සහ ඇති නොවෙන වග දැන දැනම මං මගේ පණ දෙවනිකොට තවකෙකුට ආදරය කරන වගත් දැන දැනම මං මත්තෙන්ම නැහෙන්නේ මොකද...? රටේ ලොකේ මට වඩා හැම අතින්ම හොද සහ ලස්සන කෙල්ලන් ඕනි තරම් ඉද්දිත් දවසගාණෙ උඹට වෛවාරණ කෙල්ලො දකින්න ලැබෙද්දිත් එහෙම එකේ මේ මොන අහවල් දෙයක් නිසාද මේ මා'මත්තෙම මැරෙන්න හදන්නේ.....

උඹ වෙනුවෙන් මේ හිතේ ආදරයක් කිසි දවසක ඇති නොවෙයි කියල කියද්දිත් උඹ කොහොමද විශ්වාසයෙන්ම ඉන්නේ උඹට දවසක මාවම ලැ‍බෙයි කියලා....

*****


අවසානයේ උඹ දිණුවා..............................ඒත් ඒ කොහොමද??.