Friday, June 24, 2011

ඉන්නවා මම බලන් තාමත්

නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා




ආපස්සට හැරී නුඹ
බලන විට අප මතක
නොමැති ඔබේ මාවතේ
හිඳී මම නිහඩවම
වල් වැදී අප මතක
මිය යන්න හදන කල
ඒ මතක මාවතේ
එක්වරක් වත් එන්න


මම තාමත් බලන් ඉන්නවා

6 comments:

  1. ලස්සනයි අදහස

    ReplyDelete
  2. එක් වරක් වත් එන්න
    බැරි තැනක වී ඉන්න
    ඔබ දිහෑ බලමින් ම
    සෝ සුසුම් හෙළමින්ය
    බෝ දුකින් මම ඉන්නෙ..


    හික් හික්...
    මරු කවි ටික ඈ...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්........

    ReplyDelete
  4. හදවතටම දැනුනා.....

    ReplyDelete
  5. නුඹ වගේම ඔහුත් බලන් ඉන්නේ නුඹම ගැන නෙවිද???
    ලස්සනයි අදහස......

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~