Monday, October 25, 2010

ආදරේ හැටි එහෙමයී


හිත් අහස පුරා ගොස්
හිස් ඉඩක් ඇහිදගෙන
නුඹව සිත්තම් කරන්නම්....
දුක සතුට එකතු කර
කළු සුදු වර්ණයෙන්
නුඹගේ හැඩ තල මවන්නම්.........
මිනිස් ජිවියෙකු තව නැති
හිස්ම හිස් හිත් අහසේ
නුඹ ලඟින් මං රැදෙන්නම්.........
කප්පරක් සෙනෙහසක්
නුඹේ නමට දියකරන්
ආදරෙන් මම ඉසින්නම්........
තිගැස්සෙන තරු ඇස් වලින්
නුඹේ ඉහිරෙනා ආදරේ
දෝතට එක් කරන්නම්.......
ඔය දෙතොල් සැලි සැලි
සීරුවට මුමුණනා වදන්
අසාගෙන මං හිදින්නම්........
සුසිනිදු සීතල දෑත් නුඹේ
ගෙන හිමින් පපුතුරේ
මං රුවා ගන්නම්.........
හිස්ව ඇති නුඹේ ළැම මත
ලෙවට රහසින් ආදරෙන්
මං වාරු වෙන්නම් .......
එයින් කියවෙන
රහස් හැම ගෙන
නුඹට පෙරළා කියන්නම්..........
සිහින් සුසුමන්
නුඹ හෙළන සද
තවත් ඩිංගක් තුරුළු වෙන්නම්...........
විටින් විට නුඹේ
ඇසි පියන් යට
පුංචි කවියක් ලියන්නම්..........
හිමින් එහෙ මෙහෙ
දුවන තරු ඇස්
මගේ ළඟ මං සතපවන්නම්...........
ඉඳ හිටක වෙව්ලන දෙතොල්
පෙති ගෙන සීතලෙන්
මං දොවන්නම්..........
හිමින් කෙහෙරැළි
අතර දඟකර
මගේ අතැඟිලි යවන්නම් ...........
සියුම් කම්මුල්
හොරෙන් දෑසින්
නුඹට රහසින් සිඹින්නම්...........
ගෙවෙන හැම
මොහොතකම මේ ලෙස
නුඹට ළං වී හිදින්නම්........
ඉඩක් ලද විට
ළයට ළංකර
ආදරෙයි මං කියන්නම්.............

Friday, October 22, 2010

අවසානය .......


අහිංසකීට ලියාගන්න හුගාක් දේවල් තියෙනවා
එත් ලියා ගන්න විදිහක් නෑ
හිත ගිලන් වෙලා වගේ
හැමදෙයක්ම හිස් වෙලා ගියා..........
මුල මැද අඟ ගලපලා මට කිසිම දෙයක් ලිය ගන්න බෑ
ලියන්න ගත්තට මගේ හිත හිස් වෙලා කඩන් වැටුනා වගේ දැනෙනවා...
අහිංසකී එකම තැනින් හතර පස් වතාවක් වැටුනා
නැගිටින්න නැගිටින්න කඩන් වැටුනා....
මට ආයේමත් නැගිටින්න හයියක් නෑ
ආයෙමත් මං නැගිට්ටත් ආයෙම වැටුනොත් මට ......... ආයේමත් වැටෙන්න බෑ
අහිංසකී කවදා හරි දවසක මේ හැමදෙම සාර්ථක කරගත්තොත් අයේමත් ලියන්න එන්නම් එතකන් නම්
ආයෙමත් කවදාවත් කිසිම දෙයක් ලියන්නේ නෑ කියලා අහිංසකී තිරණය කලා...
හැමොගෙන්ම මම සමාව ඉල්ලනවා
මේ වෙලාවේ මේ විදිහට මට යන්න සිද්ද උනාට

Thursday, October 14, 2010

එහෙත් අවසානය .......

ම ආයෙමත් පැරදුණා……
මට නීතියෙන් අයිති නැති....
මට සිතින් අයිති නැති........
මට කයින් අයිත් නැති...........
අඩුම තරමින් බසින් වත් අයිති නැති.........
ඇයට පෙම් කළෙමී.......
මට ඇවැසි වුයේ ගෙවෙන මේ මොහොත ඇය අසලින් හිද ගෙවා දැමිමට ත් ඈ හා ජිවත් වීමට ත් පමණී....
ඉදින් මා ඇයට පෙම් කොට මේ මොහොත සුන්දර කර ගන්නට වෙහෙසුනෙමී.
ඇය මා අසල ගැවසුනු වාර අනන්තය.
මා හා ජීවත් වූ වගද එලෙසමය..
එහෙත් අවසානය ……………..
ඇය මගේ නොවන බව දැන දැනම
මා ඇය අසලම ගැවසුනෙමී.........
ඇය පසු පසම හබා ගියෙමී........
ඇය සමඟම නින්දට විමි...........
ඇය සමඟම ඇවදි උනෙමී...........
කරන කියන හැම කටයුත්තම ඇය සමගම ඉටු කළෙමී …
ඇයගේ සෙවනෙල්ල සේ ඈ අසලින්ම සිටියේමී..
ඒ ඇයි දැයී මම නොදනිමී
ඇය මගේ යැයී සිතුවෙමී
මා ඇයට අයිති වස්තුවක් සේ සිතුවෙමි
එහෙත් අවසානය…………..
ඈ අසනීප වූ විටෙක මා පිස්සකු සේ නොකා නොබී තැවුණෙමි
ලතැවුණෙමී ….ඇගේ වෙදනාව මගේ කර ගන්නට වෙහෙසුනෙමී
එය එසේ සිදුවුයේ ඇයට ඇති ලෙංගතු කම නිසාවෙන් වන්නටද පුලුවන
එහෙත් අවසානය……………..
මට ආදරේ කරන්නට එපා
ඈ මට කීවාය……………..

(මගේ හිත හිස් විය)

Sunday, October 3, 2010

නේත්‍රා


නේත්‍රා.................
නේත්‍රා..........නේත්‍රා.......නේත්‍රා..........
මගේ හිත කෑගහනවා...
මට දරගෙන ඉන්න බෑ.......
මේ හිත ගලවගෙන මට නුඹ ළඟට දුවගෙන එන්න හිතෙනවා..
මම එනකන් "අවන්හල" ලඟ හතර වෙනි නුඟ ගහ ළඟින් ආයේමත් ඉන්න කියන්න හිතෙනවා.....
පරක්කු නොවී මං එන්නම්.......
නුඟ ගහ යට බංකුවේ වාඩි වෙලා අලුතෙන් වැටුණු මැයි මල් විතරක් ඇහිදගෙන් ඉන්න.........
අර මං ආස කරන චීත්ත ගවුම ඇදන් ඇවිත් ඉන්න......
නේත්‍රා...........
මට තවත් ඉවසගෙන් ඉන්න බෑ...
අපි ආයේමත් මුල ඉදන් පටන් ගමු.....
අපි දෙන්නා විතරක් ම..... අපි දෙන්නා විතරයි.....
මම ඔයාව හිමිට මගේ ඇගට වාරු කරගන්නම්
නේත්‍රා........ඔයාගේ ඇස් දෙකෙන් ඉහිරෙන මල් සුවඳට මම ආදරෙයී..
මාව විහිළුවකට ගන්න එපා ඔයාට පව් පිරෙයි...
මම පරක්කු නොවී එන්නම්
එතකන් ඇවිල්ලා මං එනකන්, එකමත් එක දවසක වගේ බලන් ඉන්න කියන්නට හිතේනවා
නේත්‍රා............
මේ හිත ගළවලා දෙන්නම් මගේ ආදරේ දකින්න පුලුවන් නම්
නේත්‍රා අපි ආයේමත් මුල ඉදන් ජිවිතෙට පාර හොයාගමු...
**************************************************
උපුල් ශාන්ත සන්නස්ගල නම් වූ ඒ ලේඛකයානන් විසින් රචිත "නේත්‍රා"...
යළි යළිත් කියවීමට මා තුල ඇති උනා වු අශාව හේතුවක් වී
"විශ්ව" නම් වූ ආදරණීය චරිතය මා වටා විනිවිද යන මොහොතක මා කැලබීමට හිතට ආ නිදහස් සිතුවිලි සමඟ පොරබඳිමින් සටහන් තැබුවකී...

Saturday, October 2, 2010

උඹ ගොළු බෙල්ලෙක් වගේ......
හිමි හිමිට පාර ඇඳන්
මගේ හිත පුරාවට ඇවිදන් යනවා.....
ම්ම්......
උඹ මේ හිතින් එළියට ගිය දවසකට
උඹගේ අඩි පාර මකා ගන්න බැරි මං
ජිවිතේ අතරමන් වෙලා...
උඹ ආයෙමත් එනකන්
ඒ අඩි පාර දිහාවේ බලන් ඉදිවී.............