Thursday, October 14, 2010

එහෙත් අවසානය .......

ම ආයෙමත් පැරදුණා……
මට නීතියෙන් අයිති නැති....
මට සිතින් අයිති නැති........
මට කයින් අයිත් නැති...........
අඩුම තරමින් බසින් වත් අයිති නැති.........
ඇයට පෙම් කළෙමී.......
මට ඇවැසි වුයේ ගෙවෙන මේ මොහොත ඇය අසලින් හිද ගෙවා දැමිමට ත් ඈ හා ජිවත් වීමට ත් පමණී....
ඉදින් මා ඇයට පෙම් කොට මේ මොහොත සුන්දර කර ගන්නට වෙහෙසුනෙමී.
ඇය මා අසල ගැවසුනු වාර අනන්තය.
මා හා ජීවත් වූ වගද එලෙසමය..
එහෙත් අවසානය ……………..
ඇය මගේ නොවන බව දැන දැනම
මා ඇය අසලම ගැවසුනෙමී.........
ඇය පසු පසම හබා ගියෙමී........
ඇය සමඟම නින්දට විමි...........
ඇය සමඟම ඇවදි උනෙමී...........
කරන කියන හැම කටයුත්තම ඇය සමගම ඉටු කළෙමී …
ඇයගේ සෙවනෙල්ල සේ ඈ අසලින්ම සිටියේමී..
ඒ ඇයි දැයී මම නොදනිමී
ඇය මගේ යැයී සිතුවෙමී
මා ඇයට අයිති වස්තුවක් සේ සිතුවෙමි
එහෙත් අවසානය…………..
ඈ අසනීප වූ විටෙක මා පිස්සකු සේ නොකා නොබී තැවුණෙමි
ලතැවුණෙමී ….ඇගේ වෙදනාව මගේ කර ගන්නට වෙහෙසුනෙමී
එය එසේ සිදුවුයේ ඇයට ඇති ලෙංගතු කම නිසාවෙන් වන්නටද පුලුවන
එහෙත් අවසානය……………..
මට ආදරේ කරන්නට එපා
ඈ මට කීවාය……………..

(මගේ හිත හිස් විය)

8 comments:

  1. මේක අමුතුයි , අවුලක් නෑ , නියමයි , හිතට වැදුනා ඒවගේ ඒවා දිගටම ලියන්න

    ReplyDelete
  2. නුඹ කවදාවත් පැරදී නැහැ,
    මා වැන්නකුට පෙම් කර දුක් නොවනු මැන.
    මටත් වඩා හොද කෙල්ලක් නුඹට හිමිය මතුදිනයක,
    බලා හිදිනු මැන ඒ දින එනතුරා ...

    ReplyDelete
  3. හිතට වැදුනා ලස්ස්නයි

    ReplyDelete
  4. ඔව් සඳරු හුගාක් දෙවල් අමුතු විදිහකට සිද්ද වෙනවා
    ස්තුතී ඔයාට

    මාත් එහෙම හිතනවා තාරක .............ට වඩා හොද කෙල්ලෙක් ලැබෙන්න කියලා

    ස්තුතී නිසල්

    ReplyDelete
  5. අනේ මන්දා..
    මට උනා වගේමයි...

    ReplyDelete
  6. 'ඇය' වෙනුවට 'ඔහු' ලෙස යොදන්න

    ReplyDelete
    Replies
    1. ඇය ඇයම මිස කිසිදිනක ඔහු නොවෙයි සොදුර

      Delete
  7. 'ඇය' වෙනුවට 'ඔහු' ලෙස යොදන්න.

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~