නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා
ආපස්සට හැරී නුඹ
බලන විට අප මතක
නොමැති ඔබේ මාවතේ
හිඳී මම නිහඩවම
වල් වැදී අප මතක
මිය යන්න හදන කල
ඒ මතක මාවතේ
එක්වරක් වත් එන්න
මම තාමත් බලන් ඉන්නවා
මරු ඈ.....
ReplyDeleteලස්සනයි අදහස
ReplyDeleteඑක් වරක් වත් එන්න
ReplyDeleteබැරි තැනක වී ඉන්න
ඔබ දිහෑ බලමින් ම
සෝ සුසුම් හෙළමින්ය
බෝ දුකින් මම ඉන්නෙ..
හික් හික්...
මරු කවි ටික ඈ...
හ්ම්ම්ම්ම්ම්ම්........
ReplyDeleteහදවතටම දැනුනා.....
ReplyDeleteනුඹ වගේම ඔහුත් බලන් ඉන්නේ නුඹම ගැන නෙවිද???
ReplyDeleteලස්සනයි අදහස......