Tuesday, January 25, 2011

උඹ දිණුවා

"උඹ වෙනුවෙන් මං බලන් ඉන්නම් තවත් අවුරුදු 10ක් උනත් මට කමක් නෑ., උඹව මට ලැබෙනවා නම්......."

මා පසු පස වැටී එන ඔහුගැන හිතුනෙ අනුකම්පාවක්

"මේ ලොකෙ උඹ තරම් සතුටෙන් වෙන කෙනෙක් කවදාවත් නැති වෙන තරමටම උඹට ආදරය කරන්නම්.."

මට දුක හිතුනා...

"උඹ නොලැබෙන ආදරයක් පසුපස හඹාගෙන යනවා උඹට හති වැටුන දවසක මං ඉන්නවා උඹගෙ පිපාසය සංසිදවන්නට.."

මට මහ අමුත්තක් දැනුනා.....මට හිතා ගන්නට බැරි කවදාවත් උඹ වෙනුවෙන් මේ හිතේ ආදරයක් සෙනෙහසක් ඇති නොවුනු වග සහ ඇති නොවෙන වග දැන දැනම මං මගේ පණ දෙවනිකොට තවකෙකුට ආදරය කරන වගත් දැන දැනම මං මත්තෙන්ම නැහෙන්නේ මොකද...? රටේ ලොකේ මට වඩා හැම අතින්ම හොද සහ ලස්සන කෙල්ලන් ඕනි තරම් ඉද්දිත් දවසගාණෙ උඹට වෛවාරණ කෙල්ලො දකින්න ලැබෙද්දිත් එහෙම එකේ මේ මොන අහවල් දෙයක් නිසාද මේ මා'මත්තෙම මැරෙන්න හදන්නේ.....

උඹ වෙනුවෙන් මේ හිතේ ආදරයක් කිසි දවසක ඇති නොවෙයි කියල කියද්දිත් උඹ කොහොමද විශ්වාසයෙන්ම ඉන්නේ උඹට දවසක මාවම ලැ‍බෙයි කියලා....

*****


අවසානයේ උඹ දිණුවා..............................ඒත් ඒ කොහොමද??.








7 comments:

  1. අඩේ අක්කියාzzzzzz මැක්xආ........... :)

    ReplyDelete
  2. "අවසානයේ උඹ දිණුවා.."

    ජයග්‍රහණයේ සතුට!!

    ReplyDelete
  3. ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. කෙනෙක් අපිට කොච්චර කැමති වුනත්, හොඳ වුනත් අපේ හිතේ ආදරයක් ඇති නොවෙන්නෙ ඇයි කියල හිතාගන්න හරි අමාරුයි. ඒවගේම පෙරලා නොලැබෙන නොලැබෙන ප්‍රේමයක් හඹා යෑමත් ඒ වගේමයි. මේ අපේ හැටි ද, කරුමෙද කියලා හිතාගන්න මාරුයි මට නම්....

    ReplyDelete
  4. ඒ කියන්නේ උඹ පරාද වුනාද මයෙ නංගා?

    ReplyDelete
  5. උඹ පරාද වුනත් මොකද මයෙ අක්කේ.. ඒ පරාජය එක්ක තියෙන්නේ ඊට වඩා ලොකු දිණුමක්නේ....

    ReplyDelete
  6. හපොයි දිග.. කියවගෙන යනකොට එපාවුනේ නැතිනිසා දිගටම කියෙව්වා..
    අවසානයේ ජයගත්තනේ.. එළ ආ මැක්සා

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~