Sunday, March 18, 2012

අසම්මත හැඟුම්


පළල් උරතල වලට මැදිකර 
ස්නේහයෙන් මා රදවා ගත් හැටි
සිසිල් සෙවනක හුදෙකලාවක
ළඟට ළංවී පෙම් කෙරු හැටි


කියාගන්නට කිසිත් නැතිවිට 
මුනිවතට ඉඩ දී බලා උන් හැටි 
ගංදියෙන් ළද සිසිල් සෙවනේ
සිතුම් පාකර නිහඩ වු හැටි


හිතින් හිතකට ගැලූ ප්‍රේමය 
දෙහද පතුලේ සැඟව ගිය හැටි
මටත් අහිමී මාත් අහිමිව 
අපිට අපි නැතිවී යන්න ගිය හැටි


කල්ප ගණනක් පෙරුම් පුරලා
එක් දිනක් අපි අපේ වූ හැටි
ඔහුට හිමි මා ඇයට හිමි ඔබ
අසම්මතයේ වෙළි උන් හැටි


තවත් වරෙකට අපිව හිමිදැයි 
අසන්නට වත් හිත් නොවු හැටි
එදා සෙනෙහස නොපිළිගත්දා
අද ඉතින් අපි විදවනා හැටි

20 comments:

  1. ලස්සනයි...ඒත් වේදනාකාරීයි....ඇයි ඔය විධිය නිර්මාණම කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතී ගොඩාක්

      වේදනාකාරි දේවල් හුගාක් හිතට දැනෙන්න ලියන්න පුලුවන් නිසා මම ඉතින් ලියනවා...

      Delete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete
  3. එහේ මෙහේ ගිය බැදිමි
    අසමිමත නමි
    සමිමතය දෙස නොබලාම
    පොදි බදිමූ හැගිමි
    අපට සිතැඟි පරිදි

    ReplyDelete
  4. හ්ම්ම්ම්....
    හොදා..හොදා...

    ReplyDelete
  5. Replies
    1. හ්ම්ම්ම් ස්තූතී ගොඩාක්

      Delete
  6. maarama lassanai.. duka hithena sithuvillak

    ReplyDelete
  7. පෙරුම් පුරන් ආදරේ කරපු,
    ජීවිතේ බෙදාගන්නට හීන දැකපු,
    ළඟට ළංවී පෙම් කරපු,
    අසම්මතයේ පෙම්වතුන්ද අපි,
    ලොවට හොරෙන් ආදරේ විඳපු.........

    ReplyDelete
  8. පෙරුම් පුරන් ආදරේ කරපු,
    ජීවිතේ බෙදාගන්නට හීන දැකපු,
    ළඟට ළංවී පෙම් කරපු,
    අසම්මතයේ පෙම්වතුන්ද අපි,
    ලොවට හොරෙන් ආදරේ විඳපු.........

    ReplyDelete
  9. නැතිවූ දේ ගැන පශ්චාත්තාව වෙනවට වඩා ඒ දේ කොහොමහරි ලබා ගන්න කරන විප්ලවය වඩා ප්‍රායෝගිකයි නේද?

    ReplyDelete
  10. හදවතේ ඇතුලෙ තියෙන දේ නොදැනිම පිට වෙනව වගේ :(

    කවිය කියවද්දි දුක හිතුනා. එත් ආපහු බකස් ගාල හිනා ගියා මේක දැකලා.
    //උපුටා ගැනීම තහනම් සියළු හිමිකම් අහිංසකී සතුය//

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~