Friday, March 12, 2010

කෙටි කතාව

උඹයි මායි
මම....
හුදෙකලා වෙමි
හුයෙන් හුය ගිලිහෙන ජිවිතයක යදම් ලිහමි
මගෙ හිත උදුරා ගමි...
තලා පෙළා දමමි....
ශරිරයේ ලේ මස් ඇට නහර මිරිකා
පොඩිකර සොයා යමි
මේ හදවතේ ලියපදිංචි කළ නුඹේ ප්‍රේමය
තවමත් ජිවමාන බව සනාත කරමි...
සියළු කටයුතු අවසානයේ
මළ බත ද සකස් කර
මම මිය යමි...
නුඹ ත් සමඟ ම..

සිතුවිලි විවිධ ස්වරූපයෙන් මා වෙත ගලා එයි.
පීඩාකාරි නුවර නගරය පුරම ආතක් පාතක් නැතුව රස්තියාදු ගහපු මං,
හෙමි හෙමින් වැව රවුමට සේන්දු උනෙ වැව රවුමේ ඇවිදින්න හුගාක් ආසවෙන්.
කඩිමුඩියෙ එහේ මෙහේ ඇවිදන් යන චරිත අතරේ මාව ගලපගන්න බැරි චරිතයක් වගෙ දැණුනා.
නුවර ඉදලා අම්පිටිය පැත්තට යන බස් එකක උන්නු පුංචි කෙල්ලෙක් මට හිනා උණා...
හරිම අහිංසක හිනාවක් හරියටම උඹගේ වගෙමයී,
එත් උඹ තරම් නපුරු නෑ...
මම පෙරළා හිනා උනාද කියවත් මට මතක නැති උණා.
සෑම සිතුවිල්ලක්ම මා රිදෙව්වා මිසක සැනසුවා නෙවෙයී.
මම පිස්සෙක් වගෙ ඔහෙ ඇවිද්දා,....
කිලුටු නිල් ඩෙනිම යි සුදු ට් ෂර්ට් එකයි හැමදාම දාන බාටා කටු දෙකයී බෑග් එකයි පිටින්.
උඹ දන්නවාද මට මේ ලොකෙ අන්තිම කොනට උනත් මෙ ව්දිහට යන්න පුලුවන් උඹ මා එක්ක ඉන්නවා නම්
ලෝකයම උඩු යටිකුරු වෙද්දිත් මම ගොලාකාර උනෙ උඹ නිසයි..
පිපුණු මැයි මල් ගස් වලට බර වැඩි නිසාදෝ බිමට වැටිලා රතු පලසක් වගෙ දිළිසුණා.
එ සමහර මල් හිතක් පපුවක් නැති උන්ගේ පයට පෑගිලා පොඩි වෙල ගිහින් වග මම දැක්කා.
මගෙ හිතත් එ පැගිලා ගිය මල් අතරේ තියෙනවා කියලා විතරක් මට දැනුනා.
මේ නුවර වැවට මාව හුගාක් සුපුරුදු ඇති එකයි මේ තරම්ම මට සිසිල...
සැහෙන දුරක් මම මගෙ බොල් සිතුවිලි එක්ක ඇවිදල තිබුණා එත් විඩාවක් නෑ.
එක්තර සුපුරුදු යැයි දැනුනු තැනක මම සුපුරුදු විදිහට නතර උණා.
එත් අද මට එතන හුගාක් නුපුරුදුයි.
"මල්ලි මල්ලි"
මම ලාවට වගේ හැරිලා බැලුවේ මටද කියලා අහන්න වගේ
"ඔව් ඔයාට තමයි."
"අපි හුගාක් වෙලා ඉදන් බලන් හිටියේ මල්ලි අරෙහේ ඉදන් ආව විදිහ
මෙතනට ආවේ කවුරු හරි එනකන් ද නැත්තම්"
"නෑ නිකන්"
"ඔයා නිකන් කන්ස්සල්ලෙන් වගෙ නිසයි අපි මේ බැලුවේ"
"මොකද හුගාක් ඔය වගෙ අය මෙතනට ඇවිල්ලා මේ වැවට පැනලා මැරෙන්න හදලා තියෙනවා එකයි බැලුවෙ සැකේට"
"හේහ් ...... අපෝ මට බාගෙට මැරෙන ප්‍රශ්නයක් නෑ, ස්තුතී හොයලා බැලුවට."

මෙකට පැනලා මැරෙන්න හදන උන්ට නම් ඇත්තටම පිස්සු
උන මහ දෙකයි පහන්හේ සොබන කාරයො මෙතනින් පනින්න දෙයක් තියෙනවද?
අනික මේ තරම් සෙනඟ පිරුණු තැනක පැනලා මැරෙනකම් මොකාද බලන් ඉන්නෙ?
ලොකේට පෙන්න "එක" දාගන්න හදන උන්ට නම් හොදයි එවා.
මම වගේ එක පාර මැරෙන්න හදන එකෙක්ට මේ ක්‍රමය එ තරම්ම ප්‍රායොගික මදි...
මහවැලි ගඟට පැනලා බෙරුණු උන් නැතුවම නෙවෙයිනේ
හැබැයි ගේ ලඟ තියෙන දනිස්ස ලගට වත් වතුර නැති ඇළේ වැටිලා මැරුනු මිනිහෙකුත් ඊයෙ පෙරෙදා හිටියා...
එත් මට එ වගේ මරණයක් එපා..........

මගෙ කියල එකෙක්වත් නැති ලොකෙක මට කියල හිටිය එකම එකිය උඹ විතරයි.....
උඹට මම ආදරය කළා.
මේ කුරිරු ලොකයාගෙන් මම උඹව හංගා ගත්තා.
මගෙ ජිවිතයම උඹ කියල හිතලා මම උඹට ආදරය කලා...
සංසාරෙ අන්තිම දවස තෙක් මාත් එක්කම යන්න ආව උඹ මටත් හොරෙන් මේ ආත්මයෙම අවසානයට පෙර අතරමගකදි මා දමා ගිහින්.
මට දැන් ඔනේ උඹේ අතින්ම මැරෙන්න...........
එතකොට මට පුලුවන් උඹවත් මරාගෙන ම මැරෙන්න.
උඹ අකමැති උනත් මම කැමති එහෙම මැරෙන්න
මං නැති ලොකේක උඹ වගේ ආත්මයෙන්ම අබ්බගාත කෙල්ලෙක්ව
වෙන කවුරුවත්ම මං තරම් ආදරෙන් බලාගන්නෙ නැ......

1 comment:

  1. මේ කථාවේ දුක තියෙන තැනක අහිංසකි හිර වෙලා වගේයි..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~