Monday, March 1, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි


ම්.................
කාලයට හොරෙන්
හුගාක් මහන්සි වෙලා ගලප ගන්න මම උත්සහ කල මේ මිහිරියව හිමින් හිමින් ගලපගත්තෙ මේ විදිහටයී
ඇත්තටම කාලය ගලන් ගියා හිතා ගන්න බැරි තරම් වේගයෙන්
එත් මම එතනමයී
ජිවිතේ හුගාක් වෙලවට තනි උනාම කවි ලියන්න පුරුදු වෙල උන්නු මම කාලයත් එක්ක ම කවි ලියන්නම තනි වෙන්න උත්සහ කලා...
ජිවිතෙ හුගාක් අමරුවෙන් උනත් හිමිට ගලපගන්න පුලුවන් උනු මේ කවිය ජිවිත කාලය පුරම ආදරෙන් ලඟ තියගන්න පෙරුම් පුරන
අහිංසකි මං................

13 comments:

  1. නුඹ නොදැන සිටියාට,
    නුඹටත් මටත් වඩා
    නොඉවසිලිමත් මගේ සිතයි..

    සැනෙකින් ඉ‍ගිලෙන්නට සිතුනද,
    නුඹ වෙතට..
    එය කළ නොහැකි බව
    හැගුණි මසිතට..

    ගතින් දුරස්ව සිටියාට..
    සිතින් තවමත් නුඹේ ලග බැව්,
    දැනගතිමි නුඹ සිහිවන නිසා සැමවිට..

    ඔය නිල්නුවන් දැකගන්න..
    පෙරුම් පිරුවේ මා,
    හමුවන සැම දෙනෙතක් තුලම,
    ඒ දැස ඇත්දැයි
    විපරම් කරමින්..

    හමුවන තුරා එලෙසින්
    සොයමින් යමි සැම තැන..
    හිදිමි බලා තවමත්
    එදින එළඹෙන තුරා..

    ReplyDelete
  2. @ගයාන් තාරක
    කවියෙක්??? මට හුස්ම ගන්නත් අමතක උනා වගේ..
    :O

    ReplyDelete
  3. හරිම ලස්සනයි.
    @ගයාන් තාරක කවියෙක්? :O

    ReplyDelete
  4. කෝ මූ කමෙන්ට් ටික මකලද කොහෙද

    ReplyDelete
  5. මම මැකුවෙ නෑ ඔය තියෙන්නේ

    අපෝ මං කවියෙක් නෙවෙයි. උත්තර ලියන්න හිතුන ලිවුවා
    බ්ලොග් එක බලන හැමෝම කියන්නේ මාත් ගීක් කෙනෙක් කියලා. :D

    ReplyDelete
  6. නිදි වරාගෙන මහ රෑ පුරාවටව
    තනි හිතින් හිතනා...
    ප්‍රේමය..... මම
    නුඹ හට
    දැනී දැනීත්
    නොහැගෙනා සේ
    හිදී නම්
    මේ දුක
    හිත වාවා ගනු කෙලෙසේ

    ReplyDelete
  7. @ම
    හක් හක් හා..
    :D
    වයසේ වැරැද්ද. මේ මහා විසාලෙට තියෙන එක පේන්නෙ නැත්තේ?


    @ගයාන් තාරක
    කවියෙක් උනානම් අනාගතයක් තියෙයි. ඇත්තටම හරිම ලස්සනයි.
    :)

    @අහිංසකි කවි ලිවීමේ හැකියාව නම් අගෙයි.
    :)

    ReplyDelete
  8. නුඹ ලඟ නැති බව,
    සිතට දැනුනු සැමවිටම..
    තනිකම මා වෙත,
    සක්මන් කරන සඳ..
    මට ඇති එකම සැනසුම,
    දෑස පියා ගෙන
    නුඹ ගැන සිහිකරගැනීමමය..

    එවිට නුඹ ලඟ නැතත්,
    මා සමගම හිදිනා බැවි..
    දැනේ මසිතට,
    සැමදා නුඹ මගේ බව
    සිතමින් සැනසුනෙමි,
    යලි හමු වන තුරාවට..

    ReplyDelete
  9. තවත් එක් සැදැවක
    නුඹ මා මුණ ගැසුනු සඳ
    හදවත ඉතුරු ප්‍රේමය
    ගලා ගියා සොදුරු කදුලක...........
    නිම් හිම් නැති සුසුමක........

    දුටුවාම ඔය නිල් දැස
    නොහඩාම හඩන්නට
    මේ ඇස් මග බලා උන්නාදො සිතුනි මට......

    ප්‍රේමයේ තරම මම
    උගත්තෙ නුඹෙන් මය
    සදා සැනසුම මේ හිතට
    ඔය පපුව නොවේමද.....??

    ReplyDelete
  10. @ගයාන් තාරක
    අප්පේ, දෙවෙනි කවියත් මරු නෙව..

    @අහිංසකි මම හිතන්නෙ ඔයාගෙත් අන්තිම කවිය ඉස්සෙල්ලා එකටත් වඩා බොහොම ලස්සනයි..
    ඩෝං ගාලා වැදුනා..
    :D

    ReplyDelete
  11. @ Ansh...අපෙ ගයන් ගෙ පිලිතුරු කවි වලට ඉතින් මාත් ලියුවා හිමිට
    ස්තුතී Ansh....

    ReplyDelete
  12. මම ගයන් නෙවෙයි ගයාන්

    ඒක ලියන්න අමාරු නම් තාරක කියන්න
    :D
    ඊලග එකට උත්තරේ මගේ එකේ ලියන්න හිතුවා

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~