Monday, March 15, 2010

අතරමං වු ජිවිතය

මට හිතුනා "අතරමන් වු ජිවිතය" නමින් දිගටම කතාවක් ලියගෙන යන්න..
මේ කතාවෙ ජිවත් වෙන්නේ "නේත්‍රා"
ඔයාලට පුලු පුලුවන් වෙලාවට ඇවිල්ලා නේත්‍රා ගේ ජිවිතය ගැන කියවන්න
ආදරය ජිවිතයම කරගත්ත අහිංසකාවියකගේ කතාවක්
ඔයාල කියවන්න ඔයාලගෙ අදහස් මට හුගාක් වටිනවා
එවා මට සටහන් කරලා යන්න...
එක මට ලොකු ශක්තියක් වේවී දිගටම ලියන්න....
ස්තුතී
අහිංසකි





සුපුරුදු විදිහට එදත් මම ටිකක් දවල් වෙනකං නිදා ගන්න හිතන් හිටියත්
එක පාරට අහුන මිනි ගෙඩි සද්දෙට ඇහැරුණා
"එයී මොඩි අද නේද ඔයාගේ තංගච්චි ක්ලාස් එක පටන් ගන්න දවස....??"
මළා........
ඇත්ත නේන්නම්
අමතක උනානෙ මට
"පින් සිද්ද වෙනවා හලො මතක් කලාට"
ඇදෙන් පැනපු මම දඩි බිඩි ගාල ඇඟ හොදගෙන ඇවිල්ල ලැස්ති උනා
අපේ අක්ක තව දෙමළ ටිකක් ඉගෙන ගන්න කියලා හොයලා දුන්න පන්තියක්.
අද තමයි එකේ මංගල දවස.
9 ට පටන් ගන්න පංතියට විනාඩි 5කට කලින් යාගන්න මට පුලුවන් උනා.
එත් ටිකක් පැකිලෙනවා වගෙ මොකද දන්න කියන මෙලො යාළුවෙක් නැනේ...
NYC එක ඇතුලේ පීරලා වගෙ ගිහින් පන්තිය හොය ගත්තා
අප්පටසිරි දෙමළ ඉගෙන ගන්න මෙච්චර කැමැත්තෙන් කට්ටිය එනවද?
ළමයි 20ක් විතර හිටිය පන්තියේ.
මාත් ගිහින් ඉස්සරහයින් ඉඩ තිබුනු තැනක් බලලා ඉද ගත්තා.
වයසක සර් කෙනෙක් ආවා දැන් ඉතින් පන්තිය පටන් ගත්තා.
එ උනාට මට ටිකක් අමුතුයි වගේ මොකද පන්තියේ ඉන්න හැමකෙනාටම වගෙ NYC හොදටම හුරුයි වගේ මට දැනුනා, එ විතරක් ම නෙවෙයි එ ඔක්කොමලා යාලුවො වගත් එයලගෙ කතාවෙන් තේරුනා
මම සුපුරුදු සද්ද වහලා පඩුවේ හිටියා.
සර් ළමයින් ගෙන් දෙමලෙන්ම විස්තර අහන්වා
ඉස්සරහම හිටපු නිසා මගෙ වාරෙ ඉක්මනටම ආව
ඔට්ටු නැ කියන්න බැනේ මාත් ඉතින් හැඩ වැඩ දාල රේන්ද අල්ලා
මගේ සම්පුර්ණ විස්තරයක් දිගහැරියා.
කට්ටිය ටිකක් හොල්මන් වෙලා වගේ අහන් ඉන්නවා.
මෙච්චර වෙලා මාත් එක්ක එක වචනයක් වත් කතා නොකරපු එකා දෙන්න හෙමි හෙමින් මට කතා කරන්න ගත්තා
"අපි හිතුවෙ නංගි හරි ආඩම්බරයි කියල, ආව වෙලවෙ ඉදන් පොතක් බදාගෙන හිටියා මිසක් කාත් එක්කවත් කතා කලේ වත් නැනේ"
"මම ලලනි, නංගි.......?"
මම හීනී මල් හිනාව දාල කිව්ව මම "නේත්‍රා"
ලලනි අක්කා මට ඉන්න කට්ටිය අදුන්වලා දුන්නා
පන්තියේ හැමොගෙන්ම මට හොද තැනක් තිබ්බා.
එ මම දෙමල ටිකක් දැනගෙන හිටපු නිසා සහ මම ටිකක් ආඩම්බරව හිටපු නිසා.
"තව එන්න කවුරුවත් නැනේද?
අපි පන්තිය පටන් ගමු"
ලලනි අක්ක කිවුවා "තව එක්කෙනෙක් ඉන්නවා කමක් නැ අපි පටන් ගමු"
එ පාර තවත් එක්කෙනක් මට ටිකක් කෙන්තිත් ගියා..
සර් පන්තිය පටන් ගෙන කරගෙන ගියා
පඩිපෙළ පෙරළගෙන කවුදො දුවගෙන එනව අහුනා
අපි හිටියේ උඩ පන්තියක නිසා සහ පඩිපෙළ ළගම නිසා සද්දෙ හොදටම ඇහුනා.
කවුරු උනත් ආව කෙනා ආවෙ අපේ පන්තියට බව නම් ඉර හද වගෙ විස්වාසයී.
එ විතරක් නෙවෙයි ඉදගත්තෙ මගෙ පිටි පස්සෙන් වගත් විස්වාසයී.
ඔයින් ගියා මදැ සුවද.......!!!
අම්මො ඇදිලා යනවා එ සුවදට.....~~~
මලක් ද මේ බඹරෙක් ද?
මුලු පන්තියේම එ සුවද විහිදුනා.
කවුරු නමුත් හැඩකාර කොල්ලෙක් වෙන්න ඇති.
නැත්තම් මේ තරම් වටිනා සුවදක් එන්න නම් විදිහක් නැ.
ඇස් දෙක හැරිලා බලන්න ඇහුවට මගේ හිතින්.
හිත කිවුවා" නැ ඔනේ නැ එයා ම කතා කරයී" කියලා
එහෙම හිතලා විනාඩියක් යන්න කලින්
"මේ නංගි මට වැඩිපුර පැනක් තියෙනවා නම් දෙන්නකො"
බලන්න ආසාවෙන් බලන් හිටපු නන්නදුනන චරිතය කතා කළා
මම එයා දිහා නොබලාම පැනක් අරන් මගේ උරහිසට උඩින් පිටිපස්සට දික් කලා
"තැන්ක්ස්"
හ්ම්ම්

7 comments:

  1. ආරම්භය කියෙවුවා. ඉදිරි කොටසුත් කියවලම ගුණ අගුණ කියන්නම්. දිගටම ලියන්න. සුබ පැතුම්.

    ReplyDelete
  2. අපිත් ඉන්නම් බලන්... දිගටම ලියන්න

    ReplyDelete
  3. පැටියෝ , දිග වැඩියි ඒත් හොඳයි!

    ReplyDelete
  4. නංගී මට මේ දවස් වල ඔළුව කචල් නේ.. ඔයා දිගටම ලියන්නකෝ..
    මම ඔක්කොම එකතු කරලා බලන්නම්කෝ..
    ඔයා ලස්සනට ලියලා තියෙනවා නේ..

    මට නම් මේ කොටස දිග වැඩි නෑ,, ඔච්චරවත් නැත්නම් කතාව බලන එකේ තේරුමක් නෑනේ..

    ReplyDelete
  5. ස්තුතී........."Raven"

    ස්තුතී......."රවා" ම්ම් එන්න මම ඔයාලට කියවන්න ලියලා තියන්නම්

    "තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි" ........ස්තුතී :)

    ".::පිස්සා::." ...... ඔව් පිස්සො ඔයා ගැන මම දන්නවා
    ඔයා පුලුවන් වෙලාවක ඇවිල්ලා කියවන්න
    ස්තුතී පිස්සො

    ReplyDelete
  6. so sad words....
    feel like Crying ................................................................................................................

    ---seww akka----

    ReplyDelete
  7. පරක්කුවෙලා දැක්කෙ.. කියවන්න ආස හිතුන දිගටම. දැංනං ඉවරෙටම කියවන්න පුලුවං වෙයි ගොඩක් කල් නිසා.. ලස්සනට ලියල තියෙ.. එකක් කියෙව්වෙ අනිකත් කියවන්නමයි හිත..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~