Tuesday, March 2, 2010

තක්සලා දොරින්...(දඩබ්බරකම්)

මම ගියා ansh ගේ පොස්ට් 1ක් බලන්න.
ෂා......... මට හරි හිනා
එය ගේ පාසල් ජිවිතේ කරල තියෙන වැඩ දැක්කම
දන්නවද මට මොකද්ද එත් එක්කම මතක් උනේ කියලා
මට ත් මතක් උනා මත් ඒ කාලේ ඉස්කොලෙ දි කරපු චංඩි වැඩක් (මම ඒ කාලෙ නාහෙට අහන්නෙ නැති එකෙක්)
මට හිතුනා ඒ නිසා එක මගෙ බ්ලොග් 1 ගලපුවා නම් හොඳයී කියලා
ඔන්න මම 10 වසරට තමයී මේ ඉස්කොලෙට ගියේ....
වැඩි සද්ද බද්ද නැ පාඩුවේ මුල්ම කාලෙ හිටියා
(පස්සෙ පස්සෙ තම ඉතින් වැඩ පෙන්නන්න පටන් ගත්තේ
කාලයත් එක්කම මට හොදම දග දාසලා ටිකක් සෙට් උනා
(භෂාව ගැන වැඩිය හිතන්න එපා යාළුවනේ මේ වගේ දෙවල් ලද බොළද විදිහට ගලපන්න මට තේරෙන්නෙ නෑ )

මේක අපි ගලපගත්තෙ 11 වසරෙදී
අනේ මම හරිම අහිංසකයී ඒ කාලෙත් ;)
මට හිටිය ගින්දර වගේ සෙට් 1ක්
ඉතින් දැන් මගේ සෙට් 1ත් 1ක අපි වැඩියෙන්ම කරන්නෙ බාල්දි පෙරලන 1 තමා
දවසක් විවේක කාලෙන් පස්සෙ 1ම 1 මිස් කෙනෙක් වත් අපිට උගන්න හිටියෙ නෑ
එදා ඉතින් අපිට පුදුම තරම් සන්තොසයී
දන්නවනේ අයිස් ගහන්න ඔය කාලේ කවුද අකමැති....?
කට්ටිය පන්තියට වෙල පොඩි සින්දු කැල්ලක් කියාගෙන හිටිය
අපේ පන්තියට එහා පැත්තෙන් තිබුනේ ස්ටාෆ් රෑම් 1ක
ඕක ඉතින් අපිට කවදාකවත් මතක් වෙන 1ක් නෙවෙයීනේ
මතක් උනත් මතක් වෙන්නෙ හරිම කලතුරකින්නෙ
ඔන්න දැන් වැඩෙ පත්තු වෙලා යනවා 1 මිස් කෙනෙක් ආවා බැන්න ගියා.
අපිත් වැඩි දෙයක් කලේ නැ අපිට බැන්න කියලා අපි කල 1 ම දේ තමා ශබ්දය ලාවට වගේ අඩු කල 1ක
ඔන්න අයෙමත් සුපුරුදු විදිහට අපි වැඩේ ගලපගෙන යනවා
ඉතින් දැන් වෙන මිස් කෙනෙක් ආවා අපේ සින්දු අහගෙන ඉන්න බැරිම තැන ඇවිල්ල
ඔන්න දැම්ම සද්දයක් කට්ටියගෙ කන් අඩි පැලෙන්න
"ළමයිනෙ සින්දු කියනවා ඔය මැද්දෙන් දාන කැලි නොදා"
"අතරින් පතර මොන මොනවදො කැගගහා කියවනව කිසි පිලිවෙලක් නැ" කියලා
මගෙ ලග හිටපු අසන්ගි පැනපු ගමන් කිවුවා
"මේ කොපි කාලෙ වගෙ නෙවෙයී අපි රැප් කරලා දෙන්නෙ
කාට කියන්නද ඕවා මිස් මෙවා හැමතැනම නැ හැමදම නැ" වාසනවට මිස් ට 1 අහුනෙ නෑ
වැඩේ ගලපගන්න දෙන්නෙම නෑ කට්ටිය බාල්දිය දානව අපිට
අපේ පන්ති බාර මිස් ආව මිස් ගෙ රතු කට්ට පැනලා
දැන් ඉතින් කාට ගලපන්නද මේ දුක මිස් ගෙ රතු ඉර පැන්නයින් අපිට උනේ 11.45 වගෙ ඉදන් හිටගෙන ඉන්න ඉස්කොලෙ ඇරෙනකම්ම
එත් ඉතින් දන්නවනෙ අපෙ සෙට් එකට ඕව නම් මොනවද හිටගෙනත් සින්දු කිවුවා (මිස් ට හිතෙන්න අති ඉතින් ජිවිතෙටවත් මුන් නම් හැදෙන ජාතියක් නෙවෙයී කියලා )

දැන් එදා දවස ඔහොම ගියා කියන්නකො
එහෙම්ම යද්දී හවස ගංගා උතුරන්න වැස්සක් වැස්සා

අනේ මම පහුවදා උදෙන්ම ඉස්කොලෙට ගියා
මගෙ සෙට් 1ත් අවිල්ලා හිටියා (වැඩෙට සෙට් උනෙ අපි (අවන්ති,අසන්ගි මෙකලා) විතරයි
අපේ සෙට් එකේ ම ඉන්නව 20ක් විතර කෙල්ලො)
එදත් උගන්න පාටක් නැ

"අදත් හිටගෙන ඉන්නවද නැත්තම් වාඩී වෙලා අයිනක් අල්ලන් සින්දුවක් කියමු ද?"
එ අපේ අවන්තියා (ශිෂ්‍ය නායිකාවක්)
උඹට හොදයි නම් අපිට කමක් නැ කියලා ගියා පිට්ටනිය පැත්තට
කට කපලා වතුර පිරිලා
ආසවේ බැ
අපි ඉතින් එගොඩහා යන්නො මෙගොඩහ එන්නො තව කවුරුද ඉන්නෙ කිය කියා
වතුරට ගල් ගැහුවා

හිමින් හිමින් අපෙ පැත්තට ආව නංගිලා තුන්දෙනෙක් පිට්ටනියෙ වතුර නැති අයිනකින් ඇතට ඇතට යනවා
හිත වාවන්නේ නැ එයලව නාවනකන් ඔන්න පැනපු ගමන් මේකලා කිවුවා මචං ඉනෝෂ් ( මගෙ යාළුවො මට කතා කලේ එහෙමයි ) අපි හතර දෙනා වට කරලා ගල් ගහල මුන් ව නාවමු කියලා
මගෙ සතුට කියා ගන්න බැරුව ගියා
අපි ඉතින් ගල් ගහනවා නංගිලා කැ ගහනවා
මර අතල් වැඩේ
ටික වෙලවක් මෙහෙම කරගෙන යද්දී
දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියනවානෙ
අන්න එහෙම දෙන දෙවියෙක් මාව දැකල මට දුන්න හොද කොන්ක්‍රිට් ගලක්
ගත්ත ගමන් මම සියලු දෙවි දෙවාතවන්ට පිං දීල අත පුරවලා අල්ලලා අර ගල ගැහුව නංගි කෙනෙක් ව ලස්සනට නෑවේවා කියල හිතලා
මගෙ ඉලක්කය හැමදාම වගෙ එදත් වැරදුනා
කතාවටත් කියනවනෙ පෙර කාලේ කල අකුසල් කවදා හෝ තැනකදී කවර හෝ මොහොතකදී එළව එළවා පළ දෙනවා කියලා

මටත් උනෙ 1ම තම
(එ වැරැද්ද නම් අපිට ජිවිත කාලේම මතක් වෙන දෙයක් උනා)
නංගි එක පාරම ඔලුව අල්ලගෙන කෑගහන්න ගත්තා අනෙ අක්කෙ මගෙ ඔලුව කියලා
මට උන් හිටි තැන් මතක නැති උනා
මම 4 කෙන්දරේම බලලා ගහපු ගල නංගි කෙනෙක් ගෙ නළල ට වැඩිල ලේ ගංගාවක් හලන්න ගත්තා
මම දුවන්න පටන ගත්තා නංගි ලගට මගෙ සෙට් 1ත් දුවගෙන එනවා මගෙ පස්සෙන්
නංගිගෙ සුදු ගවුම රතු පාටයී
ලේ ගලනවා නළලෙන්
නංගි අඩනවා "අක්කෙ මගෙ ඔලුව අක්කෙ"
එ අස්සෙ අපේ අසන්ගියා කියනවා
"නැ නැ නංගි ඔලුව නෙවෙයී නංගි නළල කියන්න" ලු
ඉතින් දෙන් මොකද කරන්නෙ මම නිකන් වැඩකරු වගෙ නංගිව උස්සලා ගත්ත (මගෙ යලුවො හිටියෙ නැත්තම් නංගි මායි දෙන්නම බිම නංගි උනාට මොකො එයා ටිකක් බරයී)
අපෙ සෙට් 1ත් මට ෆුල් හෙල්ප් 1 දිලා නගාව උස්සගෙන ආවා
රෙස්ට් රූම් 1ට පිස්සු හෙදිලා අයේ හැදෙනව කියන්නෙ මෙවට තමා මුලු ඉස්කොලෙම වැඩ නවත්තලා අපි දිහ බලන් ඉන්නවා (එදාද මන්දා අපි මුලු ඉස්කොලෙම ළමයි ටික දැක ගත්ත දවස )
අපි හතර දෙන ෂෙප් එකේ ටැප් 1ක් ලගට සෙට් උනා
ඇයි ඉතින් නංගි විතරක් නෙවෙයි අපිත් ලේ නාලනේ
දැන් ගවුනුත් සොදගත්තා කියන්නකො
අපෙ පන්තියේ සෙට් 1ම ඇවිල්ල විස්තරෙ අහනවා
කොහේ කියන්නද අපි හතර දෙන දැන් දියෙන් ගොඩ දාපු මළුවො වගෙ ගැහෙනවා
මුන් මේ බණ අහනවා
ඔන්න වැඩේ උච්චතම තැනට ආවා
ප්‍රින්සිපල් කිවුවලු අපිට බුලත් අරන් ආරාධනා කරන්න කලින් එයා ලඟට සම්ප්‍රාප්ත වෙන්න කියලා
අපි හතර දෙන හිත හදා ගත්තා මුලු ඉස්කොලෙ ම ඉස්සරහා නොන්ඩි වෙන්න යන්නෙ කියලා
මදුදුම බන්ඩර වගෙ අපෙ මේකලා ගිය ඉස්සරහින්ම
අසන්ගිත් උගෙ පස්සෙන් ගියා
අවන්තියා අන්තිමට එනවා ඌ හතර කෙන්දරෙ බලනවා බැජ් 1 බේරගන්න
අපි යනකොට මැඩම් එනවා වේවැල වන වනා අපේ අසන්ගිගේ කටට වචන එන්නෙ වක්කඩෙකින්ද මන්ද මූ කියන්වා "මචන්ලා අර බලපන් නැව ගිලුනත් බැන් චුන් අද අපි කන්නෙ ඔය වෙවැලෙන් තමා කවුද බං හිතුවේ මේ විදිහට ප්‍රසිද්දියේම කැම අපිට සෙට් වේ කියලා"

ගුටි පැත්තක තියලා මුලින්ම හින වෙලා හිටියා මුගේ කතා වලට කට්ටිය ගිහින් හිට ගත්තා මැඩම් ඉස්සරහින් පොලිමට
දැන් ඉතින් උසවියෙන් අහනවා වගේ ප්‍රශ්න අහන්න ගත්තා
"කොහොමද මේක උනේ?"
මම දැන් ගලපන්න හදනකොටම අර තුවල උනු නංගිගෙ යළුවා පටාස් ඉස්සර උනා
මම හිතුව ඌ අපෙ තොන්ඩුව තද කල තමයී කියලා
මොන පිස්සුද 33 කොටියක් ඉන්නවා කියන දෙවි වරු සෙට් 1ම එදා හිටියෙ අපිත් එක්ක
නංගිට ගණ දෙවියො ඩග් ගාලා නුවණ ටිකක් දිලා
නංගි පැනපු ගමන් කිවුවා
"නැ මැඩම් මෙයාව ලිස්සලා වැටුනා... මේ අක්කලා තම දැකල උස්සන් අවේ" කියලා
නගාට උම්මා 1ක් දෙන්න හිතුනා ඇත්තට
(මෙයා කිවුවට මොකද තුවල උනු නංගි එ වෙනකොටත් හොස්පිටල් අඩ්මිට් කරලා )
ඇඩෙනවා යකො දුශ්ඨයෙක්ට වත් පුලුවන්ද මෙහෙම උදව් කරන්න
අම්මො අපි හතර දෙනා තුස්නිම්භුත උනා
පෙනපු ගමන් වෙඩි වගේ අපි මිස් කෙනෙක් කිවුවා
"එ ළමයට මැහුම් 6ක්, 7ක් විතර දාන්න තප්පේ එම්බොස් කරල නැ වදින්න" කිවුවා
ඇඩෙනවානෙ
දැන් මොනවා කරන්නද
"කවුද ඔලුව පැලුවේ.......?"
එහා කොනෙන්ම හිටියෙ අවන්තියා
ප්‍රින්සිපල් දැක්කා අපේ අවාගෙ බැජ් 1ක
"ශිෂ්‍ය නායිකාවකුත් ඉදලා තියෙන්නේ"
"මෙහෙම අයත් ඉද්දි මෙහෙම දෙවල් වෙනවා නම් මෙයලා අපිට ඕනෙ නැ..."
ඔන්න දැන් අපෙ කට්ටියට වෙවැල් පුජාව පටන් ගන්න යන්නෙ කියල මට හිතුනා
අපේ කිසිම කෙනෙක් කට අරින්නෙ නෑ කවුද ගැහුවේ කියලා
පටාස් අවන්තියාට වැදුනා
1යි 2යී
මම වරද පිලිගන්න හදන කොටම අසන්ගියා ටත් පුජා වට්ටිය දුන්නා 2යී
මට තවත් ඉවසන 1 කේ තෙරුමක් නැනේ
මම කිවුවා "මගෙ අතින් තමයි වැදුනේ" කියලා
"ආ එහෙමද අහිංසකයා වගෙ ඉන්නෙ හරිය 10 ට වත් ගනන් කරගන්න බැ කියල මම හිතුවෙ"
(මම දැන ගෙන හිටියෙ නැ ප්‍රින්සිපල්ගෙ හිතේ මං ගැන එ තරම්ම පැහැදීමක් තිබුනා කියල අයියො කලින් කිවුවා නම් ඔහොම දෙයක් වෙන්නෙ නැනේ )
දැන් ඉතින් මොනව කරන්නද මේකලාටත් අඩු නැතුව පුජාව හම්බා උනා අර මම කලින් කියපු 33 කොටියක් දෙවිවරු මගෙ ලගම ඉදලද කොහෙද මට වැදුනෙ සෙට් 1ට වඩා අඩුවෙන් එ කිවුවේ 1යි
අනේ පව් අපිව බෙරගන්න ගිය නංගිට ත් අඬගහලම මැඩම් 2ක් දුන්නා දුම් දාන්න
පිස්සු බෝල බෝල වගේ අෆ්ෆා
වැඩේ එ විදිහට මතු සම්බන්ද උනා
දැන් නංගිව බලන්න යන්න ඕනෙනෙ හොස්පිටල් 1ට කොහෙ යන්නද
මෙන්න අරංචියක් එනවා නංගි පානදුරේ පින්වත්තෙ කියලා
බුදු අම්මෝ කියන දෙවාලෙක අපෙ සෙට් 1 වදින්න යන්න ලැස්ති එත් නංගිව නම් බලන්න යන්න බැලු
( එ පැත්තෙ ඉන්නෙ බොහොම දරුණු මිනිස්සු කියලා අපි අහල තියෙන්නෙ )
මොන නංගි බැලිල්ලක් ද?
අපි බය උන හොදටම
කොහොම හරි එදා ඉස්කොලෙ ඇරිලා ගෙදර ඇවිල්ල අම්මට සිද්දිය ගලපන්න ගිහාම තමා මම ඉතුරු ටික අහගත්තෙ කන් පෙත්තටම තියලා
එව නම් ලියන්න බැ තාමත් ඇඩෙනවා......

අපි ඉතින් පහුවදා නගාටා කැම බිම සෙරෙම උස්සගෙන ගියා හොස්පිටල් 1ට
එයාගෙ අම්ම තාත්තා අපිව හරිම සුහදව පිළිගත්තා
නගාට මැහුම් 5ක් දාල ඇස ළඟමයි තුවාල වෙලා තිබුනෙ
මම ඉතින් දන්න බාසව ඔක්කොම දාල එ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලුවා
මගෙ අහිංසක මූණ දැක්කම සමාව නොදෙන්නෙ කවුද එ අම්මායි තාත්තයි
"අනෙ දරුවො ඕව ඔහොම තමා" කියල කිවුවා
"ඉස්කොලෙ කාලේනෙ දරුවො "
කිවුව...
අනෙ අපිට ඇත්තට හිතුනා එදා ඒ දෙන්නට දන ගහලා බඩ ගාල වදින්න
ඔක්කොමත් හරි හැබැයී ඉතින් ඊට පස්සෙ අපි හතර දෙනා එනවා දැක්කහම චුටි නංගිලා දුවන්න ගත්තා ඉස්කොලෙ හරියට මැරයො එනවා දැකලා වගේ

අවන්තියා ටත් ඉතින් වැඩි දෙයක් උනේ නැ සතියක් විතර බැජ් 1 ගලවන්න උනු 1 විතරයි උනේ....
ඕක තමා අපි ගලපපු දඩබ්බරම සිද්දිය

15 comments:

  1. කොල්ලො හොඳයි අප්පා

    ReplyDelete
  2. කෙල්ල දගකාරයී යාළුවා

    ReplyDelete
  3. කෙල්ල නෙමෙයි කෙල්ලෝ

    ReplyDelete
  4. හෆොයි, මේව මහ පව් වැඩ නේ!

    ReplyDelete
  5. හෆෝයි.., ඉතුරු කරන්න වටිනවද කරපු වැඩේට.. ?

    ReplyDelete
  6. හක් හක් හා..මරේ මරු.
    :D

    ReplyDelete
  7. බුදු අම්මො වෙලවට මෙහෙම කිවුවෙ කතාව
    ලග ඉදලා කට්ටිය ට ගැලපුවා නම් එහෙම මම ඉදලත් ඉවරයි(බෙරගන්න සෙට් 1ත් නැ ලගපාත දැන්

    ReplyDelete
  8. @ budhajeewa... අනෙ එහෙම කියන්න එපා අෆ්ෆා
    අපි හතර පෝයටම සිල් ගන්න ළමයී

    @ thilina... ඇයි පොඩි කැල්ලක්වත් ඉතුරු කරන්න බැරිද?

    @ ansh... පාසල් කාලය කොයිතරන් සුන්දරද කියලා දැනෙන්නේ මෙහෙම දෙවල් උනාම ලු :D

    ReplyDelete
  9. කොල්ලො හොඳයි නේන්නම්. යක්ස කෙල්ලො ටිකක් නෙවැ ගැලපිලා තියෙන්නෙ :-D

    ReplyDelete
  10. අපොයි මාත් හිතං හිටියෙ ඉනෝෂා නියම අහිංසකී කියල නව. ඔයත් මාර කෙල්ලෙක්නේ අසංකාට දෙවෙනි නෑ බැලුවම.

    ReplyDelete
  11. හපෝයි, බලාගෙන යනකොට අපි තමයි හොඳ ළමයි :P :D මොනව වුණත් අර ළමය පව් හලෝ!

    ReplyDelete
  12. @ මගෙ ජිවිතේ.......එහෙම තමා එක වගෙ කුරුල්ලො වහන්නෙ එක අත්තෙම ලු

    @ ගයාන් තාරක.....ඉස්කොලේ කාලේ දඟය උනාට දැන් අහිංසකයි ලු
    ( එ සෙට් 1 අයෙමත් මුන ගැහෙන දාට හැර )

    @ malinthe අනේ නගාට වැඩි දෙයක් උනේ නැ (ජිවිත කාලෙම මකන්න බැරි විදිහට එතන මර්ක් 1ක් හිටියා නම් තම ඉතින් :(

    ReplyDelete
  13. මමනම් කැමති චණ්ඩි කෙල්ලන්ට.
    අහිංසක අයටත් කැමති නැත්තෙම නෑ ඉතින් :D

    ReplyDelete
  14. හික් හික් ......... :D :D

    ReplyDelete
  15. අද තමයි අහිංසකීව සයිබර් පාරෙදි දැක්කෙ.. මුලදිනම් අහින්සක බවක් පේන්න නෑ....

    දඩබ්බර කම් බලන්න මෙ පැත්තෙන් එන්න..... http://arunadeepa.blogspot.com/2009/10/blog-post_23.html

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~