Saturday, March 6, 2010

එපා.................. වෙලා ඉන්නේ


එපා.................. වෙලා ඉන්නේ

අද සෙනසුරාද උනාට කිසිම ගතියක් නැ.
අද ඉතින් රස්සාවල් කරන කට්ටියගෙ නිවඩු දවස.
ඉතින් එ ගොල්ලො වෙනුවෙන් මාත් එ නිවාඩුව සමරන්න හිතුවා.
කොහොමද දන්නවද?
දවල් වෙනකන් නිදගෙන ..
මොකද අද මට ගලපගන්න කිසිම කිසි වැදගත් වැඩක් නැ
මම හිතන් හිටියට "අද තමයි ලස්සනම දවස වෙන්නෙ" කියලා
අද එක එහෙම උනෙත් නැ (දුක තමා අෆ්ෆා )
උදේ 9.35 විතර හිමින් සැරෙ ඇස් අරියා.
තවත් නිදා ගන්න හිතුනා, එත් ඉතින් අම්මට බයයීනෙ එ නිස නැගිට්ටා.
අවුලක් නැ, අම්ම නම් දවල් ට උයන්න ලැස්ති වෙනවා.
අම්මට උදවු නම් ඕනෙ නැතුව ඇති එ නිසා ඉතින් ඇහුවෙත් නැ.
හැබැයි අවුල තියෙන්නෙ වෙනද වගේ නැගිට්ට ගමන් බාත් රූම් 1ට රිංගන්න බැ.
අද මොකද මම දවල් වෙනකන් නිදා ගත්ත නිසා,
වැරදිමකින් හරි බාත් රූම් 1ට ගියා නම් අද දවසම එපා වෙන්න බැනුම් අහන්න තිබ්බා ( දවල් වෙනකන් නිදා ගත්තා, නැගිට්ටා , නැවා , කැවා , ඊලගට computer 1ක ඔච්චරයී ජිවිතේ ) කියලා.
ඉතින් අමාරුවෙන් උනත් ෂෙප් එකේ ගිහින් මූණ හොදගෙන ඇවිල්ලා හොද වතුර 1ක් බොන ගමන් ගත්තා මගෙ ටිකිරි මොලෙ වැඩෙන්න කැමක් කන්න ඕනෙනෙ උදෙන්ම එ නිසා මාරි බිස්කට් 5ක් විතර කැවා......
කොස්ස අරන් මුලු ගේම අතු ගැවා.
දුවිලි පිහල නිකන් අම්මගෙන් 1 දාගන්න වගෙ වැඩ ටිකක් කලා.
(එත් ඉතින් අම්මගෙන් හොදක් අහන්න නම් මැරිල ඉපදෙන්නම වෙනවා මට නම්)
ඊට පස්සෙ ඉතින් අම්ම උයන්නෙ මොනවද කියල පොඩ්ඩක් බලල කරල කෙලින්ම බාත් රූම් 1ට පැනගත්තා
පැයක් විතර හොද නිදහසේ නාගෙන එලියට අවා.
වැඩක් නැ....... යාළුවෙක් වත් රින්ග් කලේ නැනේ. :(
phone 1 පොලවේ ගහන්න හිතුනා.
එත් එක කරන්නත් බෑ මොකද සන්තකේටම මට කියලා තියෙන්නෙම ඔච්චරයීනේ.
අන්තිමට නාලා ඉවර වෙලා පොඩ්ඩක් ගේ වටෙ සැරි සරලා එහෙම ආවා
TV බලන්න හිතාගෙන... වෙලාවට මට කලින් අම්ම TV 1 ලඟ
අවුලක් නැ මාත් වාඩි උනා.
tamil film 1ක් යනවා ඕක බලන්න හිතෙන්නෙත් නැ.
computer 1පැත්තට යන්නත් බැ.
අමාරුවෙන් හරි හිටිය හිත හදා ගෙන.
එ ඉන්න ගමන් පොස්ට් 1ක් දාන්න ඔනේ කියල හිතුනා
එත් මුලු හිතම හිස් වෙලා...
කන්නත් බැ වගේ එ නිසා කැවෙත් නැ...
ඔහේ හිටියා...
දැන් ඉතින් සයිබර් අවකාශයේ සැරි සරන්න එන්න ඕනෙ...
එත් අවුල තියෙන්නෙ අම්මා.....!!!!
ම්ම් ඔහොම ටික වෙලවක් ඉන්නකොට අනේ අපෙ අම්මට නිදිමතක් ඇවිත් නින්දට ගියා.
දැන් ඉතින් ආයෙ මාව සක්කරයට වත් බෑ නවත්තන්න ඔන්න මම ආවා...................
එත් අද දවසනම් අපෝ .......
මෙලො ම රහක් නෑ අෆ්ෆා
මේ වෙලවට තමා හිතෙන්නෙ කොල්ලෙක් උනානම් හොදයී කියලා
බයිසිකල් කට්ටක් අරන් රවුමක් වත් ගිහින් එන්න තිබ්බනෙ දෙයියනේ කියලා එහෙම
මොනව කරන්නද......
මෙලොම රහක් නැති සෙනසුරදා.....

10 comments:

  1. පව් අප්පා...
    දුකේ බෑ...

    ReplyDelete
  2. ඔව් අෆ්ෆා......
    කියලා වැඩක් නැ...

    ReplyDelete
  3. අද කස්ටියටම මුසල දවසක් වගේ.. මටත් එෆා වෙලා හිටියේ. බ්ලොග් එකට ලිපියක් වත් දාන්න හිතට වචනයක් වත් එන්නේ නැහැ නේ.
    අපේ අම්මාගේ වර්ඩ්ස් ඔයාලගේ අම්මිත් උස්සනවා වගේ .
    ( දවල් වෙනකන් නිදා ගත්තා, නැගිට්ටා , නැවා , කැවා , ඊලගට computer 1ක ඔච්චරයී ජිවිතේ )

    ReplyDelete
  4. අද මම බැලුවා හුගාක් අයට එපාම වෙලා.......
    අද මහ ජරා දවසක් අෆ්ෆා.........................
    (ඔන්න අපේ අම්මා කියනවා අපි කට්ටියම එකම කල්ලියක් ලු )

    ReplyDelete
  5. අර මගේ මස්සිනා සින්දුවේ වගේ නේද ? :D

    ReplyDelete
  6. 'දවල් වෙනකන් නිදා ගත්තා, නැගිට්ටා , නැවා , කැවා , ඊලගට computer 1ක ඔච්චරයී ජිවිතේ'

    අපේ අම්මාගේ තේමා ගීතය නෙව, මේ දාලා තියෙන්නේ..
    :D

    ReplyDelete
  7. @ Ansh අෆ්ෆා....... :O
    බලන් ගිහාම කට්ටියගෙම අම්මල එකම ඉස්කොලෙක සෙට් 1ක් වගේ

    ReplyDelete
  8. ඉස්කොලේ මොනා උනත් එකම ටිචර් වගේ උගන්වලා තියෙන්නේ

    ReplyDelete
  9. හික්ස් මටත් අපෙ අම්මා කියන්නෙ ඔන්න ඔය වචන ටිකම තමා... එකම බොට්ටුවෙ!!!

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~