Thursday, March 25, 2010

අතරමං වු ජිවිතය (5)

සතියක් ම නිකම්ම නිකන් ගෙවිලා ගියා කිවුවොත් වැරදී
දුක ගොඩාක් ලඟ සතුටත් සැහෙන්න තිබුනු සතියක අවසානයට කෙමෙන් කෙමෙන් මම ලං වෙමින් හිටියා.
සෙනසුරාදා සුපුරුදු විදිහට ආයෙමත් මම අපේ අක්කගේ විශ්වකොෂයට අනුව නම් තංගච්චි පන්ති යන්න ලැස්ති උනා.
අද නම් යාන්තමට 8.30 ට කලින් පන්තියට ගියා.
සුපුරුදු ලෙසම එදා තැනින්ම වාඩි වෙලා අනිත් අය එනකන් බලන් හිටියා.
සම්පත් අයියා නම් ඔක්කොටොම කලින් ඇවිල්ලා.
මම සම්පත් අයියා එක්ක අනිත් අය එනකන් කැන්ටින් එක පැත්තට ගියා.
උදෙන්ම සුපුරුදු ප්ලෙන් ටි එකක් බොන්න හිතාගෙන.
ලොකු කොප්පයක් හොද හොද ඉන්න ගමන් එතනට එක පාරටම කඩන් පාත් උනේ මගෙ ඔලුවෙ කැක්කුම නොහොත් "ගයන්ත"
"ආ තනියම පාරේ යන්න ත් උබ පාර දන්නවද බං?" සම්පා ගයන්තගෙන් ඇහුවා.
ගයන්ත මම නොහිතපු විදිහට පුටුව මට ලං කරගෙන වාඩි උනා.
"නගා.... චුට්ටක් ඇත් වෙලා ඉන්න තරමට අගට ගුනයී" එ සම්පා.
"මටත් එහෙම හිතුනා.. "
"ඇයි නංගි පුටුව ගත්තේ අපි කලුද?"
මගේ හිනාව මුලු කැන්ටින් එක පුරාම ඇහෙන්න ඇතී
"ඕකේ අහන්නත් දෙයක් තියෙනවද?"
පන්තිය පටන් ගන්න වෙලාව ලං වෙන නිසා අපි පන්තියට ගියා.
"අනේ මගේ පණ ඔයා කියටද ආවේ?"
මාෂා දැක්ක ගමන් ගයන්ත දුවගේන ගිහින් එයාගේ බද වටෙම අත් යවලා උස්සලා වටෙයක් කරකලා බිමින් තිබ්බා.
"පිස්සු බොල බොල නෙද බං" මම සම්පා දිහා බලගෙන හිනා උනා
A/L ලග නිසා පාඩම් කරන්න උමාශා ගේ ගෙදර නැවතිලා හිටපු නිසා ඉදලා හිටල තමයි ගෙවල් පැත්තේ ගියේ. හවස උමශා එක්ක ඇදුම් ගන්න යන්න තිරණය කරන් හිටියා කියල මතක් උනේ පන්ති ඇරිල ගෙදර එන්න බස් 1ට ත් නැග්ග වෙලාවෙ ආව කොල් එකට
"එයි නෙතු උබේ පන්ති තාම ඉවර නැද්ද?"
"ඉවරයි බං උබ කොතන්ද ඉන්නේ?"
"නොලිමිට් 1 ඇතුලේ"
"මේ එනවා මම එනවා"
මම ලලනි අක්කට කියල දඩි බිදි ගාල බැහැලා නොලිමිට් එක පැත්තට දිවුවා.
මූ දන්නවා නම් මට මූව අමතක වෙලා මම යන්න ගියා කියලා මාව මෙතනම මරයි
"සමාවෙන්න ඔනේ"
උමාශාගේ මූණ අබ දැම්මොත් පුපුරන ගානට තිබුනේ
"ම්ම් වරෙන් ඉතින් දැන් වත් යමු"
අපි දෙන්නම ඉතින් මුල ඉදන් අගටම ඇස් කරක කරකා ගියේ
ඇහෙට කනට පැන ඇදුමක් බලන්න නැවෙයී
කොල්ලෙක් පෙනවද බලන්න
උමශා ලස්සන ට්ෂට් එකක් අරගෙන ඇදලා බලන්න කියලා fiton room එකට ගියා.
මාත් ලග පාත හිටපු ලස්සන කොල්ලෙක් දිහා උපරිම ප්‍රේමයෙන් බලන් හිටියා.
හැමදේම මොහොතකට නතර උනා වගේ දැනුනා.
කාලයක් තිස්සෙ හොයන් හිටපු දේ අද මගේ අත ලඟම
මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා....

4 comments:

  1. මේ කොටසත් කියෙවුවා. දිගටම ලියන්න.

    ReplyDelete
  2. ජිවිතෙ කියන්නේ නොහිතපුදේවල් නොපැතු මොහොතක.ලැබෙන එකට දුක...... සතුට.........මේ හැමදේම....... ලස්සනල ලියනවා....ඔහොමයං.............

    ReplyDelete
  3. ඔන්න මමත් ඇවිත් බලලා ගියා. (තීම එක ටිකක් වෙනස් කලොත් නරකද? ඔයාගේ බ්ලොග් එක කියවලා කමෙන්ට් එක ලියන්න යුනිකෝඩ් කන්වර්ටර් එකට ගියාම ඇස් පේන්නේ නැතුව ගියා. වර්ණ වල පොඩි අපහසුතාවයක්. අවුලක් නෑ. දිගටම ලියන්න)

    ReplyDelete
  4. අයියෝ... මේ මොකද.. ඉවර කරලද මේක..
    අෆ්ෆා මදැයි කතාවක් කියෙව්ව.. :(
    ආයෙත් ලියන්න ගමු නේද මේක.. :)
    උණුසුම් අවස්තාවකනෙ නතර කරල තියෙන්නෙ..
    දිගටම ලියමු..
    ජය!!

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~