Thursday, March 18, 2010

අතරමං වු ජිවිතය (02)

"සර්, ...
බඩගිනි එහෙම නැද්ද?"
එ සම්පත්
"ආ ඔයාල ඔක්කොමලාට බඩගිනි නම් ගිල්ලා කලා එන්ඩ"
සර් ට හරියටම සිංහල බැ එ නිස කතා කලෙ එහෙමයි.
අපො මෙගොල්ලො කා කියගෙන ඉපදිල තියෙන සෙට් එකක් වගේ
සර් ගෙ අවසර ලැබුනු සැනින් කට්ටිය නැගිට්ට.
"නංගා යමු කැන්ටින් එක පැත්තෙ".
සම්පත් කියල අදුනවල දුන්නු කෙන කතා කලා.
මම ත් කට්ටිය අදුර ගන්න ඔනේ නිසම එයාල එක්ක යන්න තිරණය කළා.
මම හෙමිට ඇස් හතර වටෙටම කරකල බැලුවෙ අර පන්තිය අතර මැද්දෙදි කඩා පාත් උනු කෙනා පෙන්නවත් ඉන්නවද බලන්න.
නැ පෙන තෙක් මානයක නුපුරුදු මූණක් නැ.
අපි හිමින් හිමින් කැන්ටින් එකට ගියා.
කට්ටිය මේස දෙකක් වටේට පුටු තියලා වාඩි උණා.
"එ අර බලපන් ගයන්තයා ආව ගමන් කෙල්ලෙක් සෙට් කරගෙන වගෙ"
ලලනි අක්කා අපිට වඩා ටිකක් ඇතින් හිටපු මේසේ ඉන්න දෙන්නක්ව පෙන්නලා කෑගැහුවා.
ආ එහෙනම් එයා වෙන්න ඇති මේ පන්තියට අතරමැද්දෙදී ආව කෙනා කියලා හිතුනා මාත් නිකම් ලාවට වගෙ හැරිලා බැලුවා
ෂුහ්... දෙන්නම කළුම කළු දෙන්නක්
කළු කියන්නේ ආයේ තාර වගේ දෙකක් නෑ තාරම කළුයී හැබැයි කෙල්ල නම් ටිකක් ලස්සනයි.
කොල්ලගෙ ලස්සන හොයන්න නම් අලුතෙන් ඇස් දෙකක් සෙට් කරන්න වෙයි කියල හිතුනා
මගෙ කටට බ්‍රේක් නෑනේ
"නියමෙට ගැලපෙනවා"
මම සම්පත් අයියට කිවවා
"පිස්සු හැදෙනවා නෙද?"
"කොහෙන්ද බන් මූට කෙල්ලෙක් මේ හදිස්සියේ....?"
"මේ අදම නෙද මුන් දෙන්න දැක්කෙ....?"
"මොනවද බන් මේ වෙන්නේ.........??"
නානප්‍රකාර ප්‍රශ්න ගොඩයී
ඔය අතරේ ගයන්ත අපි ඉන්න තැනට ආවා අවෙ එයගේ ගැනු ළමයා එක්කම
පොඩි ගැණු ළමයෙක් මම හිතන්නෙ මටත් වඩා බාළයි වගේ
"බාල අපරාදයක් වගෙ මේ" සම්පත් අයියත් කිවුවෙ ටිකක් මං වගෙ
එයාටත් තියෙන්නේ බ්‍රේක් නැති කටක්
කොල්ලත් ලස්සනයි ලගට ආවමයී දැක්කෙ
හැබැයි ඉතින් එ ලස්සන හොයන්න නම් ටිකක් වෙලා බලන් ඉන්නම වෙනවා...
ගයන්තට ලලනි අක්කා කට්ටියව අදුන්නල දුන්නා
ගයන්ත ලලනි අක්කා එකම ගමේ ලු
මම හිතපු තරම් ලස්සන නම් නැ
හැබැයි නාහෙට අහන්නෙ නැති මහ මුරන්ඩු වගෙම නපුරු කොල්ලෙක් කියල පේනව
කාත් එක්කවත් සුහදව කතා කරන්න දන්නෙ නැ
කොහොම මේ පොඩි කෙල්ල ඉන්නවද මන්ද මේ වගෙ කොල්ලෙක් එක්ක
මට වගේම එ ටික සම්පත් අයියට ත් තෙරිලා පන්තියට යන ගමන් එයත් මට එ ටිකම කිවුවා
ගයන්තගෙ ගැණු ළමය "මාෂා"
ගයන්ත එ ගැණු ළමයට හොරෙන් විටින් විට මගෙ දිහා බලන්න ගත්ත බව මට දැනුනේ කැන්ටින් එකෙන් අපි එලියටත් ආවට පස්සෙ

8 comments:

  1. අපෙත් ඉන්නවා ගයන්ත(gnslk) කෙනෙක් මේ එයා ගැනද දන්නැ කියන්නේ. :D

    ReplyDelete
  2. මේ කොටසත් කියෙවුවා. දිගටම ලියමු.
    වචන ටයිප් කරද්දි වෙලා තියන පොඩි පොඩි අඩුපාඩුකම් ටිකත් හදාගත්තනම් තවත් සාර්ථක වෙයි.
    ඔබට ජය.

    ReplyDelete
  3. අහිංසකී
    දිගටම ලියන්න. කොහොම හරි ඉඩක් හදාගෙන කියවන්නං.
    සුභ දවසක්

    ReplyDelete
  4. Ane Ahinsakee mama Samudrika. Mata Oyage Email Address eka denawada. Please!!!

    ReplyDelete
  5. @ ගයාන් තාරක........ම්ම් වෙන්න විදිහක් නැ තාරක
    අපි බලමුකො ඉස්සරහට නේද?
    ස්තුතී ආවට මේ පැත්තේ

    ස්තුතී @ Raveen

    ස්තුතී @ kkrox

    ReplyDelete
  6. ස්තුතී @දයියා... පුලුවන් වෙලවට එන්න
    මම ලියන්නම්

    @සමුද්‍රික.... ම්ම් මගෙ ලිපිනය බ්ලොග් 1 තියෙනවා
    ඇයි දැක්කේ නැද්ද ??
    බලන්න මගෙ කවියක දාල තියෙනවා :)
    එත් මොකො මේ හදිස්සියේ........???

    ReplyDelete
  7. අනිවා බලං ඉන්නවා.අපි ඉතිං ඔය පැත්තෙ නෑවිත් ඉන්නෙ නෑ. ඉඩ ලැබුණු වෙලාවල් වලට එනවා.

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~