Tuesday, August 3, 2010

විස්වාසය හා යථාර්තය අතර මැද සිට

ම්.................
කාලයට හොරෙන්
හුගාක් මහන්සි වෙලා ගලප ගන්න මම උත්සහ කල දෙ හිමින් හිමින් ගලපගත්තෙ මේ විදිහටයී
ඇත්තටම කාලය ගලන් ගියා හිතා ගන්න බැරි තරම් වේගයෙන්
එත් මම එතනමයී
ජිවිතේ හුගාක් වෙලවට තනි උනාම කවි ලියන්න පුරුදු වෙල උන්නු මම
කාලයත් එක්ක ම කවි ලියන්නම තනි වෙන්න උත්සහ කලා...
ජිවිතෙ හුගාක් අමරුවෙන් උනත් හිමිට ගලපගෙන
කාලෙකට පස්සෙ අයෙමත් මම මගේ ලොකය හොයාගෙන ආවා
එන්න බැරි උනු කාලේ කොයිතරම් දෙවල් නම් සිද්ද උනාද?
තාමත් එහෙම තමයී....
එ හැම දෙයක් දිහාම මම බලන් හිටියා විතරයි....
කිසිම දෙයක් කර කියා ගන්න බැරි උනා....
ජිවිතේ මහා පුදුමාකාරයී....
දන්නවද සිංහල අලුත් අවුරුද්ද දවසෙ මට මගේ ලඟම හිතවතෙක් මෙහෙම කතාවක් කිවුවා....

එයා කියපු කතාව තමයී
"ජිවිතෙ විසින් බොහො දැ අපට ලබා දීලා ආයෙමත් අපෙන් උදුර ගන්නවා" කියලා..

එ උනාට පොඩි අවුලක් තියෙනවා,..

මම දකින ඇත්ත එක නෙවෙයී..
ජිවිතේ කිසි දාක කිසි දෙයක් අපට ලබල දෙන්නෙ නැ.
අපි තමයි ජිවිතේ පිරගෙන ගිහින් එ තුල තියෙන අපට ඕන දෙ අරන් එන්න ඕනේ...
එහෙම අපි හොයාගන්න දෙයක් මිසක ජිවිතෙන් අපි ලද දෙයක් නෑ...
වගේම එදා ඔහු කිවුවා "ඒ ලබා දෙන දේ නැවත අපෙන් උදුරාගන්නවා" කියලත්
නෑ ජිවිතේට කවදාවත් බෑ අපෙන් අපි ලබා ගත්ත දේවල් උදුරන් යන්න. අපිට ඕනෙ නම් අපි ඒ අමාරුවෙන් ලබා ගත්ත දේ ජිවිත කාලෙම උනත් අපි ලඟ තියාගන්න අපිට පුලුවන් එපා නම් අයින් කරන එක වෙනම දෙයක් එහෙම කරන්නත් පුලුවන්..
මම හිතන්නෙ ජිවිතේ ලස්සන හෝ අවලස්සන කරගන්නෙ අපි මිසක වෙන කෙනෙක් නෙවෙයී එ නිසාවෙන් මේ ජිවිතේ තුල තිබිය යුත්තෙ අපිට අවැසි දේ මිසක තවකෙකුට අවැසි දෙයක් නෙවෙයී
ජිවිතේ කියන්නෙ කවදාකවත් කවුරුවත් කාගෙන්වත් ණයට ඉල්ලා ගත්තු දෙයක් නොවන නිසාවෙන් ජිවිතේ,
අපෙ ජිවිතේ හැමදේම තිබිය යුත්තෙ අපි ලගයී.....


එහෙම නේද...........????
මොකද්ද ඔයාලගේ අදහස..........??

5 comments:

  1. හිතාගන්න බෑ උත්තරයක්....ඇත්තටම ජීවිතේ අපිට අයිතිද කියලත් වෙලාවකට හිතෙනවා..

    ReplyDelete
  2. ජිවිතය කියන්නෙ චොකල්ට් පෙට්ටියක් වගෙ. ඔයා අත දාලා අරන් කටට දාගන්න කම් දන්නෙ නැහැ ඔයාට මොනවගෙ රහක් තියන චොකලට් එකක්ද හම්බෙන්නෙ කියලා.
    ෆොරස්ට් ගම්ප් ..

    අහිංසකි.. අපිට පුළුවන් උදුරලා ගන්න , හැමොම කරන්නෙ එක. හැමොම කරන්නෙ පහල තැනින් ගලා බසින්න උත්සහා කරන එක. නමුත් දවසක ජිවිතෙ ලොකු සහනයක් තියෙයි එසෙ නොකිරිමට උත්සහා කොරොත්, තමුන්ට අවශ්‍ය දෙ තමුන් හොයාගන්න ඔනා, තමුන් එයට සුදුසු වෙන්නට ඔනා. මම නම් කවදාවත් දෙයක් අතහරින්නෙ නැහැ, whatever its take, may be cost my life, it dosen't matter .
    හිතුවක්කාර කම මිනිසා විනාශකරයි

    ReplyDelete
  3. අහින්සකී ඔය කොල්ලෙකුට ගොඩක් ආදරේ කරනව මම ඔයා වගේම එක අහින්සක කෙල්ලෙකුට ගොඩක් අදරේ කරනව....ඔයාගෙ පොස්ට් ඔක්කොම කියෙව්ව...මගේ කතවමයි...චරිත වෙනස් උනාට...හිතට දැනෙන මේ දුක කොහොම දරාගන්නද??? ආදරේ මෙච්චර කටුක ඇයි???

    ReplyDelete
  4. රවා...."කවදාවත් දෙයක් අතහරින්නෙ නැහැ" ඔව් රවා....
    ජිවිතේට ඕන දෙවල් එහෙම අතාරින්න හොද නෑ....
    එහෙම උනොත් ජිවිතේ අපි පැරදුනා වෙයි...

    ReplyDelete
  5. පොඩි මල්ලි... ආදරේ කොයිතරම් කටුක උනත් අපි එක දරගෙන ඉන්නවා පොඩි මල්ලියෝ
    සමහර වෙලවට අපිට නොදැනිම අපි ලොකු දුකක් දරාගෙන ඉදලා තියෙනව කියලා පහු වෙලා හරි අපිට දැනෙන වෙලාවල් තියෙනවා....
    එක වෙන්න ඇති ආදරේ හැටී

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~