Tuesday, June 15, 2010

කාගේදො කතාවක්........


කාලෙකට පස්සෙ ආයෙමත් වතාවක් මගේ ජිවිතේ ආසම කරන තැනකට මම ආයෙමත් ආවා.
ඉතින් ලියන්න නම් හුගාක් සතුටු හිතෙන දේවල් වගේම හුගාක් දුක හිතෙන දෙවලුත් තියෙනව....

"ඔබේන් තොර ලොකයක් කොයින්දෝ......?"

ජිවිතේ හුගාක් තනි උනු වෙලාවකට තමන්ට කියලා කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් කියලා හිතෙන තැන් ඔනාවටත් වඩා මට පහුගිය දවස් ටිකේ තිබුනා...
හිත හදා ගන්න හදපු හුගාක් වෙලාවට කඩන් වැටුනා...
බලාපොරොත්තු සේරම අතැරලා දාපු හුගාක් වෙලාවට ජිවිතේට අලුත් බලාපොරොත්තුවක් අරං නුඹ ආවා.....
එ මොහොතට ජිවිතේ ආයෙමත් වතාවක් අලුත් උනා වගේ මට දැනුනා..
මම එ අලුත් වීමට ආදරය කලා... ආශා කලා....
එත් හැම දේම සිතුවිල්ලක් වෙලා ආයෙම වතාවක් කඩන් වැටුනා....
දැන් ඉතිං මම ජිවිතෙන් තවත් වතාවක් නැගිටින්න උත්සහා කරනවා තනියම ම එත් එ ජිවිතේ ජිවත් වෙන්න ආස කරන්නේ මාව විටින් විට නැගිටව නැගිට්ටව වට්ටවන නුඹත් එක්කමයි කියන වග නුඹ දන්නවද............????
හැමදාකම මම ආදරෙයී අදටත් වඩා වැඩියෙන් බිදක් හෝ නුඹට......

8 comments:

  1. ඔයා ලියලා තියෙන්නේ මගේ කතාව......

    ReplyDelete
  2. බලාගෙන යද්දී අපි හැමොගෙම කතාව එකයි ඉලන්දාරියා.......

    ReplyDelete
  3. හැමෝගෙන ජීවිතේ මේ වගේ කතාවක් තියෙනවා..ඒක තමා ඇත්ත...
    එහෙම නේද ?

    ReplyDelete
  4. හ්ම්....ජීවිතේ එකපාරක් වට්ටපු එයාටම,ඇයි අයෙමත් වට්ටන්න ඉඩ දෙන්නේ?

    ReplyDelete
  5. මගේ කතාවත් ඔය විදිහමද මන්ද.....හැබැයි තාම නැගිට්ටේ නෑ...පණ නෑ අනේ නැගිටින්න..... :'(

    ReplyDelete
  6. අහිංසකි හොදට බලන්න... ඔයාවගෙම තමයි අනිත් අයත් ඔයා අනිත් කෙනෙකුට ආදරෙ දුන්නොත් ඔයාටත් ආදරෙ හම්බවෙයි. ඔයා තව කෙනෙකුගෙ තනිය මැකුවොත් ඔයගෙ තනිකමත් මැකිලා යයි. මිනිස්සුත් එක්ක හදවතින්ම බැඳෙන්න.. මගෙ ජිවිතෙත් ඔයාගෙ එක වගෙම තමයි.. ගැහැනියෙකුට පිරිමියෙකුගෙ සෙනෙහසත්, පිරිමියෙකුට ගැහැනියෙකුගෙ සෙනෙහසත් කියන්නෙ සියල්ල නොවෙයි.. ඔයාට පුළුවන් නම් ඔයා යන බස් එකෙ නැගිටලා ඉන්න වයසක අම්මා කෙනෙකුට ආදරෙ කරන්න ඔයගෙ හදවතෙ තියන දුක, දොම්නස ඔයාගෙ හදවතෙන් පලා යයි.. අපි හැමොටම ආදරෙ කරමු .. අපි අපෙ වටෙ ඉන්න අය ගැන හිතමු.. එතකොට අපිට එ දැනුන දුක නැතිවෙනවා. මම මෙක අත් දැකිමෙන් කියන්නෙ

    ReplyDelete
  7. රවා ඇතුලු අනිකුත් සැමගේ කතාව ඇත්ත....
    රවා ඔයා හිතන විදිහ ලස්සනයී...
    ඔව් අපි එහෙම හිතනවා නම් මුලු ලෝකෙම ලස්සන වෙවී

    ReplyDelete
  8. අහිංසකීගේ කතාව කියලා හිත රිදවගෙන රවා අයියගේ අදහස කියවලා හිත හදාගත්තා..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~