Friday, December 3, 2010

නුඹ වෙනුවෙන්මයි...


මට නුඹව ලබා ගන්නට සිතේ....
නුඹ ලඟ සෙවනැල්ල සේ
සක්මන් කරන්නට සිතේ.....
දැන් ඉතින්,....
ජිවිතයෙන් කල් ඉල්ලමි
කෝටියක් සිතුවිලි
ප්‍රකෝටියක සෙනෙහසකට
හරවා ගමි......

"නුඹ වෙනුවෙන්මයි".........

7 comments:

  1. මට නුඹේම වෙන්නට සිතේ..
    නොමැකෙන සෙවනැල්ල සේ
    ලගින් ඉන්නැයි ඉල්ලන්නට සිතේ..
    කාලයාටම ඉඩ දෙමි..
    සෙනෙහසට හරවා ගත් නුඹේ මේ සිතුවිලි
    ආදරෙන් කියවමි..
    ලැබෙනා තුරා නුඹව මට...

    මේ මං කියපු එකක් එහෙම නෙවේලු... වෙන කවුදෝ අහිංසකී ලිව්ව එක කියවලා හිතපු දෙයක් ලු.. හරිය... :D

    ලස්සනයි.. :)

    ReplyDelete
  2. ඔයාත් ලස්සනට ගලපලා කවි පද චතුරන්ගයෝ ස්තුතී

    ReplyDelete
  3. හ්ම්ම්ම්...

    සෙවනැල්ලක්ව
    නොයන ලෙස වෙන්ව
    හිදීනම් ලන්ව
    කුමට ලතවෙම්ද??

    ලස්සනයි අහිංසකී නිර්මාණය...:-D

    ReplyDelete
  4. ඔය උකුළ සුව යහනකි
    ජීවිතේ මල් පිපෙන...
    උණුසුමට හිත පුරා
    ආදරේ දෝරෙ යයි...
    දැන් ඉතින්...
    ජීවිතේ නුඹට බාරයි...
    අනන්තයට එහා ගිය
    සෙනෙහසක් හද ගලයි..
    අනේ ඒ කප්පරක්
    රත්තරං නුඹ ගැනයි...

    ReplyDelete
  5. නිර්මාණය ලස්සනයි...

    ReplyDelete
  6. @ පසන් ..
    සෙවනැල්ලක්ව උන් කාලේ
    ගෙවී ගොස් ඇත දුරට
    යලිත් ඒ නම් වසන්තය
    මඟ බලා හිදිමි මම

    ReplyDelete
  7. @ තරු අහස ..
    ඔය ආදරේ විදගන්න
    මඟ බලන් උන්නේ මං
    දැන් ඉතින් පියාගමි
    මියෙන තුරු මේ දෙනෙත්

    ස්තුතී සහෝ ඔයාටත් ස්තුතී පසන් සහ ප්‍රින්සස් තුශීටත්

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~