Thursday, November 11, 2010

මට අමතක උනා


ආත්ම ගානක ඉදන්
පෙරුම් පුරාගෙන ඇවිත් අපි
එකම අහසක් යට ඉදන්....
එකම තරු පොකුරු මැද ඉදන්......
එකම සදක් යට හිටියත් .....
කොයිතරම් නම් දුරයි ද අපිට අපි........?
නුඹ සඳ වෙනදාකට
ඒ අහසේ තරුවක් වෙන්න මං පැතුවා........
අමතක උනා මට
ඒ අහසෙ සඳ මඩල වෙන්නට.........
නුඹ මලක් උනුදාක
ඒ මලේ නටුව වෙන්නට ආශා කල මම
ඒත් මට අමතක උනා
ඒ මලේ සුවද වෙන්නට..........
අනේ එහෙම උනා නම් ..............
ආයෙමත් මට අමතක උනා
මම නුඹට ආදරේ කලාට
නුඹ මට ආදරේ කලේ නැති වඟ...........


7 comments:

  1. ආත්ම ගනනක් පුරාවට
    පෙරුම් පුරුවට නුඹ මගෙම කරගන්න
    එකම අහසක් යට ඉදන්
    තරු ගැන්නට නුඹ උකුලෙ හිස තියාගෙන
    ඇත දිදුලන සඳ පෙන්නුවත්
    ඒ නුඹගෙයි කියලා
    නුඹ දන්නව නන් මගේ සිත ගැන
    ....
    නුඹ වන උයනක පිපුන මලක් නම්
    ඒ මලේ නටුව වෙන්න සිත පෙම් කරපු අතීතය
    ඒ මලේ සුවද අයිති අහසට නම්
    ඒ මුලු අහසම මගේ කරගන්න මං හිතපු හැටි
    මට කියන්න බැරි උනා
    නුඹෙ සවන් පෙති ලං උනත්
    ආදරෙයි හැර මට කියන්න බැරි උනා
    නුඹ මට හිමි නොවන වග...

    ............:-D

    ReplyDelete
  2. ලස්සනයි අහිංසකී........ :)

    ReplyDelete
  3. ආදරේ කොහොමනම් අමතක් අකරන්නද ?....

    මම හිතුවේ ඈතටම බ්ලොග් අවකශයෙන් සමුගතා කියා..දිගටම රෑදීන්න...

    ReplyDelete
  4. නියමයි අක්කා..........
    මක්කා කියන්නද කියාලා හිතා ගන්න බෑ නෙව

    ReplyDelete
  5. මට වෙච්ච දේමයි.. ඔයා ලස්සනට ලියල තියෙන්නේ.....

    ReplyDelete
  6. හරිම ලස්සන නිර්මාණයක් අහිංසකී..........

    ReplyDelete
  7. ඇත්තටම ගොඩක් ලස්ස්නයි..හැමෝගෙම වගේ අත්දැකීමක් ඔක..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~