Sunday, June 5, 2011

ආදරේ නිසා මම
















දඟකාර මඳ සුළග ළගට ගෙන
තරු පාට ඇස් දෙකට බර වෙලා
හැගීමක් ගැන රහසින් කීවෙමී
බිඳක්වත් නුඹට වැටහෙයී කියා

දෙවුර මත හිස හංගලා තව
පපුතුරට මම ළං වෙලා හිඳ
හිමින් මුමුණා යළිත් කිවෙමි
ආදරේ නුඹටයී කියා මම

තරු වළා මැද හැංගිලා නුඹ
සුළං රැල්ලේ දැවටිලා මම
සුපෙම්වත් හිත ළඟට වූවෙමි
මා නුඹේ පමණක් නිසා අද

සෙමින් දෙකොපුල් තෙත් කලා මම
පියුම් පෙති මදහස් නංවලා නුඹ
හොරෙන් ඉස්සි යලිත් බැලුවෙමි
බිඳක් වත් ආදරේවීදෝ කියා මට


11 comments:

  1. ඒත් නැද්ද.......අනේ පව් අහිංසකී.......
    ලස්සනයි කෙල්ලේ........

    ReplyDelete
  2. මට මේ නිසදැස ගැන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ...අපේ බ්ලොග් පැත්තෙවත් එන්නේ නැති හම්තුමා මේකේ මක් කරනවද??

    ReplyDelete
  3. හරිම ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  4. මං නන් පට්ටම ලයික් ඇ.... මං දැක්ක ඔයාගෙ ලස්සනම නිර්මාණ වලින් එකක්.. පට්ටම ලයික් ඇ..... වචන නෑ කියන්න...

    ReplyDelete
  5. පටන් ගත්ත රිද්මය අවසානය වනතෙක් අරගෙන ගිහින් නෑ කියලා මට හිතෙනවා..මොකද පුද පද හතරෙන් පටන් ගත්ත රිද්මය දෙවැනි පද වලදි එහෙම පිටින්ම වෙනස් කරගෙන....හිතේ තියෙන දේ කියනවාත් සමඟම පද පදවල රිද්මය ගැනත් හිතන්න....

    ReplyDelete
  6. මාරයි උඹට හොඳ හැකියාවක් තියෙනවා නොවැ මිනිස්සුංගෙ හිත්වල ලස්සන රූප මවන්න.... බොරුද මං කියන්නෙ..

    ReplyDelete
  7. හ්ම්ම්ම් ලස්සනදත් අහනවා.......... :)

    ReplyDelete
  8. සම්ප්‍රදාය බිඳින්න. අලුත් දේ ඉපදේවි..!!
    ස්තූතියි..!!

    ReplyDelete
  9. එක බිදක් නැතුවට
    මහ මෙරක් තරමට
    ආදරෙයි නුඹට මම...

    හොරෙන් ඉස්සි බැළුව මුත් නෙතු
    පෙම පිරුනු හිත නොපෙනුනා මුදු
    ආදරෙයි කියන්නට වචන මට නොවන මුදු
    ආදරෙයි ආදරෙයි මගේ දිවි තියන තුරු

    `පබලු`

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~