Sunday, December 5, 2010

ආදරණීය ආයාචනාවක්


ආදරය මිහිදන් කළ
පාළු සුසානයට ඉහලින්
හැම රැක සඳ
ගිනි ගත්තාවේ....

අපි අපේ පාඩුවේ
ගිනි ගත්ත හඳ යටින්
සෙනෙහසින් ළං වෙලා
යළි යළිත්
අපි අපේ වී
උන්නාවේ...............


මගේ ආදරණීය කොල්ලාට...............
ඔයා දන්නේ නැ මම කොයිතරම් ඔයාට ආදරෙයි ද කියලා ඒක ආදරයක් ද ඊට එහා ගිය හැගීමක් ද කියන්න නම් මම දන්නේ නැ...... ඒ මොකක් උනත් ඒ හැගීමට මම හුගාක් ලෙංගතුයී...
මට ඔයාගේ ඇහි පිහාටුවකට බර නොදි ඔය දැස සිපගන්න ආසයී....
ඉතින් මට ඉඩ දෙන්න...
මම ඔයාගේ හිසට උඩින් පායන්නම් මට ඔය නළල් තළය ආදරෙන් සිප ගන්න අවසර දෙන්න ..
මම එකම එක වචනයක් වත් නොකියා හිදින්නම්
අනේ මට ඔය පපුවේ උණුහුමට ගුලිවෙලා ඉන්න දෙන්නකෝ....
වෙන මම ඔයාගෙන් මොකුත්ම ඉල්ලන්නේ නැ
මට ඔයාගේ හිත ගාව ඉදගෙන ජිවත් වෙන්න විතරක් මට ඉඩ දෙන්න මගේ කොල්ලා..............
ඔයා කවදා හරි වෙන කාට හරි අයිති වෙවී ....
එතකන් මට ඔයාව මගේ ඇස් දෙකේ තියාගෙන රැකගන්න ඉඩ දෙන්න...
මං
ඔයාව මේ දැසේ, මේ හිතේ හංගාගෙන ඉන්නම් කුරා කුහුඹුවකුටවත් නොපෙනෙන්න ......
ඔයා දිහා බලාගෙන මට හිනා වෙන්න ඉඩ දෙන්න....
ඔයා ළඟ ඉදන් මට ජිවත් වෙන්න ඉඩ දෙන්න මගේ රත්තරන්.........
ඉල්ලන්නේ මේ කෙල්ල
එච්චරයී ඔයාගෙන් හැමදාම

6 comments:

  1. අනේ .......අන්තිම පේලිය වෙනස් කරන්නකෝ................ඔක්කොම බලාපොරොත්තු ටික සුන් උනා.
    ලස්සනට ලියල තියනවා.....

    ReplyDelete
  2. ඇත්තටම කාගෙදෝ කතාවක්ද?

    ReplyDelete
  3. @මලිති :)
    @දිනේෂ්... ඔන්න වෙනස් කලා

    @ අනුරාධ... :) හ්ම්ම්

    ReplyDelete
  4. අහ් දැන් හරි.. හිහ් හී.. කලින් කියවලා කියවලා අන්තිම වචනේ කියවද්දී ඔක්කම අවුල් මට..

    දැන් නම් ඉතින් ලාස්සනයි.......

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~