Monday, October 25, 2010

ආදරේ හැටි එහෙමයී


හිත් අහස පුරා ගොස්
හිස් ඉඩක් ඇහිදගෙන
නුඹව සිත්තම් කරන්නම්....
දුක සතුට එකතු කර
කළු සුදු වර්ණයෙන්
නුඹගේ හැඩ තල මවන්නම්.........
මිනිස් ජිවියෙකු තව නැති
හිස්ම හිස් හිත් අහසේ
නුඹ ලඟින් මං රැදෙන්නම්.........
කප්පරක් සෙනෙහසක්
නුඹේ නමට දියකරන්
ආදරෙන් මම ඉසින්නම්........
තිගැස්සෙන තරු ඇස් වලින්
නුඹේ ඉහිරෙනා ආදරේ
දෝතට එක් කරන්නම්.......
ඔය දෙතොල් සැලි සැලි
සීරුවට මුමුණනා වදන්
අසාගෙන මං හිදින්නම්........
සුසිනිදු සීතල දෑත් නුඹේ
ගෙන හිමින් පපුතුරේ
මං රුවා ගන්නම්.........
හිස්ව ඇති නුඹේ ළැම මත
ලෙවට රහසින් ආදරෙන්
මං වාරු වෙන්නම් .......
එයින් කියවෙන
රහස් හැම ගෙන
නුඹට පෙරළා කියන්නම්..........
සිහින් සුසුමන්
නුඹ හෙළන සද
තවත් ඩිංගක් තුරුළු වෙන්නම්...........
විටින් විට නුඹේ
ඇසි පියන් යට
පුංචි කවියක් ලියන්නම්..........
හිමින් එහෙ මෙහෙ
දුවන තරු ඇස්
මගේ ළඟ මං සතපවන්නම්...........
ඉඳ හිටක වෙව්ලන දෙතොල්
පෙති ගෙන සීතලෙන්
මං දොවන්නම්..........
හිමින් කෙහෙරැළි
අතර දඟකර
මගේ අතැඟිලි යවන්නම් ...........
සියුම් කම්මුල්
හොරෙන් දෑසින්
නුඹට රහසින් සිඹින්නම්...........
ගෙවෙන හැම
මොහොතකම මේ ලෙස
නුඹට ළං වී හිදින්නම්........
ඉඩක් ලද විට
ළයට ළංකර
ආදරෙයි මං කියන්නම්.............

5 comments:

  1. හාකො...

    http://images.clipartof.com/thumbnails/5689-Gagged-Woman-With-Tape-Over-Her-Mouth-Clipart-Illustration.jpg

    ReplyDelete
  2. හිතාගන්න බෑ මොනව කියන්නද ? කියලා . අමුතුම ලස්සනක් මෙකේ හැංගිලා තියනවා . ප්‍රින්ට් කරගන්න ඕන තරහ වෙන්න එපා , මට හිත ගිය කවි මම ප්‍රින්ට් කරනවා. බයවෙන්න එපා ! මේව අහිංසකීගේ නම ඇතුවයි ප්‍රින්ට් කරන්නේ .

    ජයවේවා !!

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~