Sunday, October 3, 2010

නේත්‍රා


නේත්‍රා.................
නේත්‍රා..........නේත්‍රා.......නේත්‍රා..........
මගේ හිත කෑගහනවා...
මට දරගෙන ඉන්න බෑ.......
මේ හිත ගලවගෙන මට නුඹ ළඟට දුවගෙන එන්න හිතෙනවා..
මම එනකන් "අවන්හල" ලඟ හතර වෙනි නුඟ ගහ ළඟින් ආයේමත් ඉන්න කියන්න හිතෙනවා.....
පරක්කු නොවී මං එන්නම්.......
නුඟ ගහ යට බංකුවේ වාඩි වෙලා අලුතෙන් වැටුණු මැයි මල් විතරක් ඇහිදගෙන් ඉන්න.........
අර මං ආස කරන චීත්ත ගවුම ඇදන් ඇවිත් ඉන්න......
නේත්‍රා...........
මට තවත් ඉවසගෙන් ඉන්න බෑ...
අපි ආයේමත් මුල ඉදන් පටන් ගමු.....
අපි දෙන්නා විතරක් ම..... අපි දෙන්නා විතරයි.....
මම ඔයාව හිමිට මගේ ඇගට වාරු කරගන්නම්
නේත්‍රා........ඔයාගේ ඇස් දෙකෙන් ඉහිරෙන මල් සුවඳට මම ආදරෙයී..
මාව විහිළුවකට ගන්න එපා ඔයාට පව් පිරෙයි...
මම පරක්කු නොවී එන්නම්
එතකන් ඇවිල්ලා මං එනකන්, එකමත් එක දවසක වගේ බලන් ඉන්න කියන්නට හිතේනවා
නේත්‍රා............
මේ හිත ගළවලා දෙන්නම් මගේ ආදරේ දකින්න පුලුවන් නම්
නේත්‍රා අපි ආයේමත් මුල ඉදන් ජිවිතෙට පාර හොයාගමු...
**************************************************
උපුල් ශාන්ත සන්නස්ගල නම් වූ ඒ ලේඛකයානන් විසින් රචිත "නේත්‍රා"...
යළි යළිත් කියවීමට මා තුල ඇති උනා වු අශාව හේතුවක් වී
"විශ්ව" නම් වූ ආදරණීය චරිතය මා වටා විනිවිද යන මොහොතක මා කැලබීමට හිතට ආ නිදහස් සිතුවිලි සමඟ පොරබඳිමින් සටහන් තැබුවකී...

2 comments:

  1. hummmmmmm

    නේත්‍රා........ඔයාගේ ඇස් දෙකෙන් ඉහිරෙන මල් සුවඳට මම ආදරෙයී..

    ReplyDelete
  2. මේ පොස්ටුවත් ක්මෙන්ට් එකත් දෙකම වටිනේය.

    නේත්‍රා කියවිමි. මා ඒ ගැන ලියමින් සිටිමි. ඊට පෙර කරන විමසුමේදි දැකිමි. ඒ නිසා ආවෙමි. ඒ නිසා සටහනක් තබා යමි.

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~