Thursday, March 1, 2012

දැන් මම ලොකු ළමයෙක් මට අවු 2යී ලූ


මතකන් යළි කුරුටු ගෑ......















වැහි මන්දරමේ
මල් කුඩය යටින් අපි
එකා මත හැපි හැපී 
ඇවිද ගිය අතිතය 
සුන්දරයී තමත්.............


සීතලේ ගැහෙන හිත
උණුහුමට ළං වෙද්දී
ලොවට රහසින් 
අපිට හොරැහින් 
සිපගත්තු හැටි මිහිරියි..............



රුබරූසියා මල් යායේ
සරසවියේ ගුරුපාරේ
ලං වෙලා ආදරෙන් 
නිනව්වක් නැති කාලක් 
ගෙවී ගිය හැටි 
 සිහිනයක් සේ  මතකයි..........


මල් ගවුමේ රැලි අස්සේ 
හෙරොහින් ලොවෙන් 
රහසින් ලියූ
පෙම් කවියේ බොඳ අකුරු 
වස්සානයේ අග්ගිස්සේ 
තාමත් ම ඉඟි කරයී...............



30 comments:

  1. කාලේ ගතවෙන ඉක්මන.....

    ReplyDelete
    Replies
    1. ඔයාටයී විශේශ ස්තූතිය මරේ
      ඔයා තමයි පාර කිවුවේ මට.........
      අපේ හමුවීම අවුරුදු 2 ටත් වඩා වැඩිවෙලා
      අපි තාමත් එතන ඉදන්
      මොහොතින් මොහොත වයසට යනවා
      :-D

      Delete
  2. අවුරුදු 2ට සුභ පැතුම් . . .!!!

    කවි කියවන්න වැඩි මනාපයක් නෑ බං නංගියේ . . .

    ReplyDelete
    Replies
    1. ස්තූති අයියා කවි නොකිවුවට මොකෝ ඇවිත් ගිය එකත් මදැ

      Delete
  3. සුභ උපන්දිනයක් වේවා...!!

    අද උපන්දින පාටි දෙකායි.... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතී
      ඒත් ප්‍රශ්නයක්
      දැන් කවුද පාටී දෙන්නේ
      මාත් එනවා ඕන් ;-D

      Delete
  4. "හන්තානේ කදු පාමුල
    සරසවි වලේ ගල් බැම්මක
    නුඹ සමගින් ගෙවු කාලය ‍
    කොහේදෝ සැගව ගොසින්

    වස්සානේ වසින වැස්ස
    මොන තරම්ම සීතලයිද
    උනුසුමකට ගුලි වෙන්නට
    නුඹ මා ලගින් නොමැත

    වසන්තයේ මල් පිපෙද්දි
    මගෙ සිත් මල පරව ගිහින්
    සිත ලග උන් නුඹත් අරන්
    වෙන කවුරුද යන්න ගිහින්

    මීවිත ලග සිත නැවතී
    නුඹෙ මතකය යයි සේදී
    නෙතට හොරා ආ කදුලූ
    පිස දමන්න නුඹ නැතිලූ

    මහවැලියේ සීත ඉමේ
    නුඹ සමගින් උන් කාලේ
    ගග දිය සේ ගලා ගිහින්
    ගග අද්දර මා තනියෙන්........."

    ReplyDelete
  5. සඳට හිරුට ලොවට රහසින් ඔබට පෙම්කල
    මා සිහිනයක් අග්ගිස්සේ තනිවී
    දැත් පටලන්නට තතනන තවත් ලවක් දෙස
    නෙත් නොපියා
    අනේ අපිත් එහෙම උනානම් කියා සිතමින්...

    ReplyDelete
    Replies
    1. අපි එහෙම නොවුනේ මන්දැයි කියා සිතමින් :-D

      Delete
  6. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. හැමදාම හිටියා වගේ ඉදිරියටත් ඉදී කියලා හිතනවා
      ස්තුතී

      Delete
  7. කවි පෙළ නම් ලස්සනයි....

    ReplyDelete
  8. සුභ පැතුම් අවුරුදු දෙකට නංගියේ :)

    ReplyDelete
  9. අවුරුදු දෙකේ අහිංසකීට මාත් සුභපතනවා ඔන්න..

    හැබැයි පොඩි කමට දඟ වැඩ එහෙම කරනවා නෙමෙයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....අපිට පාර්ටියකුත් දීලා නේද? :)

      හරිම සතුටුයි ඒකට නම්..

      Delete
  10. අවරුදු දෙකක සැමරුමට සුභ පැතුම්. ඉදිරියටම යන්න .. ජය වේවා

    ReplyDelete
  11. දැන්නේ බොලේ දැක්කේ. මේකෙත් උපන්දිනේ තිබිලානේ. සුභ උපන්දිනයක්. දැන් නම් කේක් ඉවර ඇති නේද.
    එකෙක් නම් යනවා කීවා....:D
    අහිංසකී යන්නේ නැද්ද..?.

    ReplyDelete
    Replies
    1. ස්තූතී අයියා...............
      නැ නෑ මම යන්නෑ දැන්ම ......... :-D

      Delete
  12. සුභපැතුම් මගෙනුත්...

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~