Wednesday, February 22, 2012

අපේ ආදරේ

හීනයක හිරි වැටුණු 
හිත ගාව දිගහැරුණු
කඳුලකින් ඉකිගසා
පෙළි න් පෙළ 
ලියාගත් 
ආදරේ.............


පෙම්වතුන් සේ ඉදන් 
ආදරෙන් තුරුළු කර
බිඳින් බිඳ සැඟවිලා
රස බලා විදගත්තු 
ආදරේ...............


ළය මඩලේ හිස හොවා
තරු අහසේ රෑ පුරා
සීතලේ ගුලිවෙලා
ජිවිතේ හොයාගිය
තරු පාට 
ආදරේ................


පාට හුළගේ පා වෙලා
අපේ ලොකේ තනි වෙලා
රැකගත්තු මහ මෙරක් 
ස්නේහයේ දිය බිඳයි
ආදරේ................


උඹට මා ඇති වෙලා
පෙමට ලොකු තිත් තියා
හිතක් පපුවත් ගිලන් කරලා
මහ මගට විසිකරපු
එය නොවෙද උඹේ
ආදරේ...................







15 comments:

  1. තමන් කොච්චර ආදරේ කරලද කියලා දැනෙන්නේ වෙන්වුනාම නේ..

    විරහව ගැනම ලියන් නැතුව පටන් ගත්ත දවස් වල ලියලා තියෙන විදියෙ දේවලුත් ආපහු ලියනවනම් මම පුද්ගලිකව කැමතියි. කෙටිවට ලස්සනට ලියන්න ඔයාට නියම හැකියාවක් තියෙනවනේ.. ඉතින් ඇයි ප්‍රයෝජනේ ගන් නැත්තේ.

    හිතුන දේ කිව්වෙ.. බ්ලොගේ මගෙ නෙමේනේ. අහිංසකීගෙනේ.. ඉතින් ඔයාට කැමති දේ ඔයාට ලියන්න පුළුවන්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතී...........
      ම්ම් ඔයාගේ අදහසට මම ගොඩක් කැමතී

      ඊලග පොස්ට් එක මම ඒ විදිහට දාන්න ට්‍රයි එකක් අනිවා දෙන්නම්

      Delete
  2. හුටා... එකපාරට මොකෝ වුනේ... :D

    ReplyDelete
    Replies
    1. එකපාරටමද මංදා
      ඔය වෙලා තියෙන්නේ
      හිකිස්....

      Delete
  3. මක්කෙයි අහිංසකි මේ දොඩලා තියෙන්නේ... නිකමට හිතුන දෙයක් විතරයි නේද?

    ReplyDelete
  4. සාමාන්‍ය සිද්ධියක්!

    ReplyDelete
  5. Replies
    1. අනේ ඇයි මොකුත් අවුලක් නෑ

      Delete
  6. Replies
    1. අනේ ඇයි මොකුත් අවුලක් නෑ බං :-D

      Delete
  7. ආදරේ නම් පුදුම වේදනාකාරී වෙලාවකට..

    ReplyDelete
  8. ආදරෙන් වෙළිච්චි මිනිස්සු කවි ලියන කොට විරහව නොදැනීම මාකට් වෙනවා.., වචන ටික මරු...!
    සතත අභ්‍යාසය වියුණු මුවහත් කරනවාලු..!
    සුබ..!
    peak එකේ තියෙන කවියක්..!
    ස්තූතියි,
    ජය!!

    ReplyDelete
  9. ම්ම්ම ආදරේ......

    කඳුලකින් ලියූ කව
    රස බලපු පෙමක් ගැන
    මහමෙරක මකත ගෙන
    දුර ඈත ගියාවද.

    අක්කණ්ඩිගේ බ්ලොගේට කාලෙකින් ආවේ :D

    සොයි කවි සුට්ට ඇහ්!! ;)

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~