හිත ගාව දිගහැරුණු
කඳුලකින් ඉකිගසා
පෙළි න් පෙළ
ලියාගත්
ආදරේ.............
පෙම්වතුන් සේ ඉදන්
ආදරෙන් තුරුළු කර
බිඳින් බිඳ සැඟවිලා
රස බලා විදගත්තු
ආදරේ...............
ළය මඩලේ හිස හොවා
තරු අහසේ රෑ පුරා
සීතලේ ගුලිවෙලා
ජිවිතේ හොයාගිය
තරු පාට
ආදරේ................
පාට හුළගේ පා වෙලා
අපේ ලොකේ තනි වෙලා
රැකගත්තු මහ මෙරක්
ස්නේහයේ දිය බිඳයි
ආදරේ................
උඹට මා ඇති වෙලා
පෙමට ලොකු තිත් තියා
හිතක් පපුවත් ගිලන් කරලා
මහ මගට විසිකරපු
එය නොවෙද උඹේ
ආදරේ...................
තමන් කොච්චර ආදරේ කරලද කියලා දැනෙන්නේ වෙන්වුනාම නේ..
ReplyDeleteවිරහව ගැනම ලියන් නැතුව පටන් ගත්ත දවස් වල ලියලා තියෙන විදියෙ දේවලුත් ආපහු ලියනවනම් මම පුද්ගලිකව කැමතියි. කෙටිවට ලස්සනට ලියන්න ඔයාට නියම හැකියාවක් තියෙනවනේ.. ඉතින් ඇයි ප්‍රයෝජනේ ගන් නැත්තේ.
හිතුන දේ කිව්වෙ.. බ්ලොගේ මගෙ නෙමේනේ. අහිංසකීගෙනේ.. ඉතින් ඔයාට කැමති දේ ඔයාට ලියන්න පුළුවන්. :)
ස්තුතී...........
Deleteම්ම් ඔයාගේ අදහසට මම ගොඩක් කැමතී
ඊලග පොස්ට් එක මම ඒ විදිහට දාන්න ට්‍රයි එකක් අනිවා දෙන්නම්
හුටා... එකපාරට මොකෝ වුනේ... :D
ReplyDeleteඑකපාරටමද මංදා
Deleteඔය වෙලා තියෙන්නේ
හිකිස්....
මක්කෙයි අහිංසකි මේ දොඩලා තියෙන්නේ... නිකමට හිතුන දෙයක් විතරයි නේද?
ReplyDeleteහේ හේ ඔව් ඔව්
Deleteසාමාන්‍ය සිද්ධියක්!
ReplyDeleteමේ මොකෝ...:D
ReplyDeleteඅනේ ඇයි මොකුත් අවුලක් නෑ
DeleteO_o මොකෝ මේ..??
ReplyDeleteඅනේ ඇයි මොකුත් අවුලක් නෑ බං :-D
Deleteආදරේ නම් පුදුම වේදනාකාරී වෙලාවකට..
ReplyDeleteආදරෙන් වෙළිච්චි මිනිස්සු කවි ලියන කොට විරහව නොදැනීම මාකට් වෙනවා.., වචන ටික මරු...!
ReplyDeleteසතත අභ්‍යාසය වියුණු මුවහත් කරනවාලු..!
සුබ..!
peak එකේ තියෙන කවියක්..!
ස්තූතියි,
ජය!!
ස්තූතී සහෝ
Deleteම්ම්ම ආදරේ......
ReplyDeleteකඳුලකින් ලියූ කව
රස බලපු පෙමක් ගැන
මහමෙරක මකත ගෙන
දුර ඈත ගියාවද.
අක්කණ්ඩිගේ බ්ලොගේට කාලෙකින් ආවේ :D
සොයි කවි සුට්ට ඇහ්!! ;)