:::::::::රිද්දුවත් ඒ තරම් රිදවන්න එපා නුඹ නම්
කම් නැ ඒ ඇරයුම් පත ලැබුණු
දිනකටවත් පිළිගනිවී මේ හිත හැබැවටම නුඹව
මට හිමි නොවෙන වඟ:::::::::
සුළැගිල්ල නුඹේ ඇ හා පටලලා
එක් කරන විට දැගිළි පැන් දමා
සීතල වෙලා ඇති මගේ අත් පා නුරා
සුසුම් ගෙන යන්නයමි වා තලයේ හැංගිලා
නුඹේ ලොකේ හිමිකාරිය වෙලා
ඈ යද්දි පාවඩ අතුරලා
සමුගන්න අවසරයි නුඹේ ලොවෙන් හුදෙකලා
නුඹ එන්න ඈ සමඟ මළ ගමට මගේ එක්වෙලා
නුඹේ ලොවෙන් යන්න යම් යළි නො එන වඟ කියා
දැන් ඉතින් සතුටු වෙයි ලෝකයම එක්වෙලා
මා නමින් හඩන්නට වෙන එවුන් නැති නිසා
දුර ඉදන් බලා ඉමි ඇගේ සතුට නුඹ නිසා
ලස්සන අදහසක්...
ReplyDeleteස්තූතී දිනේෂ්.....
Deleteදැන් ඉතින් සතුටු වෙයි ලෝකයම එක්වෙලා
ReplyDeleteමා නමින් හඩන්නට වෙන එවුන් නැති නිසා
මටනම් ලස්සන ඒ ටික..
සමහර දවස් වල අහිංසකීව බලන්න එන්න ගුගල් දෙයියෝ ඉඩ දෙන් නෑනේ..ඇයි දන්නෑ නේ?
ඔයාට විතරක් නෙවෙයී මටත් එහෙමයී
Deleteමාත් මේ පැත්තේ ආවේ කාලේකින්
ඒ වචන ටිකට මාත් ආසයී
අදයි අවේ මේ පැත්තට!
ReplyDeleteකවිය නම ලස්සනයි
එත කවිය තුලින් ඔයා දකින්න එපා නේද??:/
එපා මම ලියන දේවල් ඇතුලේ මාව හොයන්න එපා හේ හේ :)
Deleteස්තුතී
අදයි අවේ මේ පැත්තට!
ReplyDeleteකවිය නම ලස්සනයි
එත කවිය තුලින් ඔයා දකින්න එපා නේද??:/
***මා මළදා***
ReplyDeleteමං දැන්ම මැරෙන්නද
ඔබට දුක හිතේවි...
දෙනෙත් යුග තෙත්වෙිවි
උණු කදුළු වැටෙිවි...
මගේ නම කිය කියා
ඉකි ගසා හඩාවි...
මගේ දෙන ලගට වී
නොසෙල් වී හිදීවි...
සුදු පැහැති සළු පිලෙන්
ගත වසා ගනීවී...
දින දෙකක් හෝ තුනක්
බත් නොකා ඉදීවී...
හත් දොහේ දානෙදී
කඩිසරව හිදීවි...
මං ආස කල කෑම
හැම එකම තියේවි...
යහළු මිතුරන් සමග
සිනාසී දොඩාවි...
තව කන්න තව කන්න
නෑයින්ට බෙදාවී...
තුන්මාසේ ගත වෙද්දි
මතක නැති කරාවි...
අපරාදෙ මං මැරුණෙ
කියා මට සිතේවි...
***මා මළදා***
ReplyDeleteමං දැන්ම මැරෙන්නද
ඔබට දුක හිතේවි...
දෙනෙත් යුග තෙත්වෙිවි
උණු කදුළු වැටෙිවි...
මගේ නම කිය කියා
ඉකි ගසා හඩාවි...
මගේ දෙන ලගට වී
නොසෙල් වී හිදීවි...
සුදු පැහැති සළු පිලෙන්
ගත වසා ගනීවී...
දින දෙකක් හෝ තුනක්
බත් නොකා ඉදීවී...
හත් දොහේ දානෙදී
කඩිසරව හිදීවි...
මං ආස කල කෑම
හැම එකම තියේවි...
යහළු මිතුරන් සමග
සිනාසී දොඩාවි...
තව කන්න තව කන්න
නෑයින්ට බෙදාවී...
තුන්මාසේ ගත වෙද්දි
මතක නැති කරාවි...
අපරාදෙ මං මැරුණෙ
කියා මට සිතේවි...