Wednesday, December 28, 2011

මා මළ දා


:::::::::රිද්දුවත් ඒ තරම් රිදවන්න එපා නුඹ නම්
කම් නැ ඒ ඇරයුම් පත ලැබුණු
දිනකටවත් පිළිගනිවී මේ හිත හැබැවටම නුඹව
මට හිමි නොවෙන වඟ:::::::::
සුළැගිල්ල නුඹේ ඇ හා පටලලා
එක් කරන විට දැගිළි පැන් දමා
සීතල වෙලා ඇති මගේ අත් පා නුරා
සුසුම් ගෙන යන්නයමි වා තලයේ හැංගිලා

නුඹේ ලොකේ හිමිකාරිය වෙලා
ඈ යද්දි පාවඩ අතුරලා
සමුගන්න අවසරයි නුඹේ ලොවෙන් හුදෙකලා
නුඹ එන්න ඈ සමඟ මළ ගමට මගේ එක්වෙලා

නුඹේ ලොවෙන් යන්න යම් යළි නො එන වඟ කියා
දැන් ඉතින් සතුටු වෙයි ලෝකයම එක්වෙලා
මා නමින් හඩන්නට වෙන එවුන් නැති නිසා
දුර ඉදන් බලා ඉමි ඇගේ සතුට නුඹ නිසා







9 comments:

  1. ලස්සන අදහසක්...

    ReplyDelete
  2. දැන් ඉතින් සතුටු වෙයි ලෝකයම එක්වෙලා
    මා නමින් හඩන්නට වෙන එවුන් නැති නිසා

    මටනම් ලස්සන ඒ ටික..

    සමහර දවස් වල අහිංසකීව බලන්න එන්න ගුගල් දෙයියෝ ඉඩ දෙන් නෑනේ..ඇයි දන්නෑ නේ?

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරක් නෙවෙයී මටත් එහෙමයී
      මාත් මේ පැත්තේ ආවේ කාලේකින්

      ඒ වචන ටිකට මාත් ආසයී

      Delete
  3. අදයි අවේ මේ පැත්තට!
    කවිය නම ලස්සනයි
    එත කවිය තුලින් ඔයා දකින්න එපා නේද??:/

    ReplyDelete
    Replies
    1. එපා මම ලියන දේවල් ඇතුලේ මාව හොයන්න එපා හේ හේ :)
      ස්තුතී

      Delete
  4. අදයි අවේ මේ පැත්තට!
    කවිය නම ලස්සනයි
    එත කවිය තුලින් ඔයා දකින්න එපා නේද??:/

    ReplyDelete
  5. ***මා මළදා***

    මං දැන්ම මැරෙන්නද
    ඔබට දුක හිතේවි...
    දෙනෙත් යුග තෙත්වෙිවි
    උණු කදුළු වැටෙිවි...
    මගේ නම කිය කියා
    ඉකි ගසා හඩාවි...
    මගේ දෙන ලගට වී
    නොසෙල් වී හිදීවි...
    සුදු පැහැති සළු පිලෙන්
    ගත වසා ගනීවී...
    දින දෙකක් හෝ තුනක්
    බත් නොකා ඉදීවී...
    හත් දොහේ දානෙදී
    කඩිසරව හිදීවි...
    මං ආස කල කෑම
    හැම එකම තියේවි...
    යහළු මිතුරන් සමග
    සිනාසී දොඩාවි...
    තව කන්න තව කන්න
    නෑයින්ට බෙදාවී...
    තුන්මාසේ ගත වෙද්දි
    මතක නැති කරාවි...
    අපරාදෙ මං මැරුණෙ
    කියා මට සිතේවි...

    ReplyDelete
  6. ***මා මළදා***

    මං දැන්ම මැරෙන්නද
    ඔබට දුක හිතේවි...
    දෙනෙත් යුග තෙත්වෙිවි
    උණු කදුළු වැටෙිවි...
    මගේ නම කිය කියා
    ඉකි ගසා හඩාවි...
    මගේ දෙන ලගට වී
    නොසෙල් වී හිදීවි...
    සුදු පැහැති සළු පිලෙන්
    ගත වසා ගනීවී...
    දින දෙකක් හෝ තුනක්
    බත් නොකා ඉදීවී...
    හත් දොහේ දානෙදී
    කඩිසරව හිදීවි...
    මං ආස කල කෑම
    හැම එකම තියේවි...
    යහළු මිතුරන් සමග
    සිනාසී දොඩාවි...
    තව කන්න තව කන්න
    නෑයින්ට බෙදාවී...
    තුන්මාසේ ගත වෙද්දි
    මතක නැති කරාවි...
    අපරාදෙ මං මැරුණෙ
    කියා මට සිතේවි...

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~