සිළි සිළි බෝ සුළඟ ලඟ
නුඹේ හිත පණගහන
හැම සුසුම් සුවදක්ම
එක්ව කැටි කොට රැගෙන
සංයමයකින් එක්සිත්ව
මල් පහන් සුවද ගෙන
ළයාදර නුඹ නමින්
මල් පහන් සුවද ගෙන
ළයාදර නුඹ නමින්
පුද කලා බුදු කුටිය මත
ඔය හිතේ හැම පැතුමක්ව
හීනයක් නොවී මේලොව
නුඹේ මුවට සිනා කැන්දන
නුඹේ සතුට නිති රැකෙන
හුදෙකලා සිතින් මම
නුඹ රුවා හද ගැබේ
දහසකුත් පහන් දල්වා
පැතුවෙමි සතුට නුඹේ නමට
ගෙවුනු ඊයේ ලැබු
සුභ උපන්දිනය වෙනුවෙන්.................
ගෙවුනු ඊයේ ලැබු
සුභ උපන්දිනය වෙනුවෙන්.................
සසර වසනා තුරා
නුඹේ නමට පේ වෙලා
පතමි දිවි ඇති තුරා
සැ:යු ඊයේ විදුලිය ඇණ හිටි නිසාවෙන් ලිපිය ප්රමාද විය :(:
දැන් ඔය මේක කාටද කිව්වෙ? :D
ReplyDeleteලස්සනයි.. අපිත් සුභ උපන් දිනයක් ප්රාර්ථනා කරනවා..
ReplyDeleteසැමට හද පිරි ස්තූතිය
ReplyDelete