Wednesday, May 18, 2011

එනවා නම් ආයෙමත්





















තටු ලිහා ගළවා තබා නුඹ ගිය
අතීතයේ මං සළකුණු කියාගෙන
එද්දී යන්නට ඒ මතකයන් රැගෙන
නොහී දෙන්නට කිසිවක් ඉතිරිව

පාරනා මා හිත ඒ සුවඳ
ඉල්ලා හඩන විට නුඹේ ප්‍රේමය
නුඹ සතුව නැත මා ළඟ
අයදින්නට රැදෙන ලෙස මා සමඟ

දකින දසකුත් එක් හීනයක
දුටුවා පැමිණ ඇති වඟ නුඹ මා වෙත
නො ඉහිලුම් හදවත විවරව
සිප වැළද හැඩුවා නුඹව මම

යළි කවදවත් වෙනස් නොවෙනු ඇත
කියා ලේබල් ගසා වෙන් කළ හිත
මේ ලෙස යදම් බිඳ නුඹ සොයාගෙන
යන්නේ කිමද නොදනිමි මගේ සඳ

නොකියා හංගාන හිටියාට පෙම් හිත
වෙලා මදි මට මේ සංහදිය
ආයෙමත් එන්නට හැකි නම් මුලක හිඳ
ඉන්නවා සත්තකයී මම නුඹේ ලඟ

සැගවී හඩන ම'හිත බදාගෙන
කවදාකවත් නුඹ නො එන බවත් දැනගෙන
බැ තවත් ඉවසන්න මේ ලෙස
මැරෙන්නට අවසරයී දැන් ඉතින් මට

3 comments:

  1. කාලෙකින් දැක්කේ...මෙ ටිකත් එක්කම මට ගීතයක් මතක් වෙනවා..ඒත් හරියටම සිහියට එන්නේ නැහැ...
    ඒත් ඒකෙන් කියවෙන්නේ හදිසියේම ආව කුණාටුවක කතාවක්..සොදුරු දිනක ආ අසුභ පණිවිඩයක් ගැන..මොන තරං දැගළුවත් මට ඒක සිහි වෙන්නේ නැති කරුමෙක මහත...

    ReplyDelete
  2. ආයෙමත් එන්නට හැකි නම් මුලක හිඳ
    ඉන්නවා සත්තකයී මම නුඹේ ලඟ.....

    ලස්සනයි ඉනෝ........

    ReplyDelete
  3. 1.
    ----------------
    ආදරේලු නුඹ,
    නිතරම දැනුනා මතකයි
    ඒත් සිතුවාද නිකමටවත්,
    ඒ නුඹ ගැන පමණක් කියා

    ඇතිද නුඹ පමණක්
    සතුටින් නම්
    සිතුවාද නිකටමවත්,
    මාගේ ගැන

    වරක් වත් බැලුවානම්,
    මා සතුටින්ද කියා
    අදත් නුඹේ ලග
    ඒ ආදරය සදා රැදේවී.

    2.
    -----------------------
    this was just meant to be
    you are coming back to me
    `cause, this is pure love
    `cause, this is pure love

    i know you are more afraid
    then i`ll say i will wait
    `cause, this is pure love
    `cause, this is pure love

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~