Tuesday, February 8, 2011

එනතුරු හිදපන්



එකම එක වතාවක්
ඔය දැස් දකින්නට මට
මේ ඇහී පියන් යට
පායාපන් ඉතින් මගේ සඳ,.........

පතන පැතුමන් දහසක
හිතන හැගුමන් සහසක
නොආවාමා දකින්නට නුඹ
රිදෙයී මහ ගොඩාක් හිත,............

රිදුනු හිත සනසන්න
හිදී නම් ලඟක නුඹ
හඩන්නට නුඹ නමින් මට
කඳුළු කිම මයේ නෙතට,................

උඹ ලඟින් උන්නාම
ඔය ඇහි පිහාටුවක මට
එකම මොහොතකට හෝ
දියන් ගුලිවෙන්න ඉඩ ,............

සෙවනැළ්ලක් සේ යළි
එනවිට පසු පස නුඹ
නැවතී හිදපන් මොහොතක්
තුරුළට ගෙන අප මතක,...........

3 comments:

  1. ජීවිතය සුන්දර
    ඇරඹූ පසු දෙදෙන
    දුකට සතුටට මතු
    අපත් ඇත නුඹලාගෙ තනියට.....

    ReplyDelete
  2. මට කවි ලියන්න බැරියෝ.......

    ReplyDelete
  3. සෙවනැළ්ලක් සේ යළි
    එනවිට පසු පස නුඹ
    නැවතී හිදපන් මොහොතක්
    තුරුළට ගෙන අප මතක,..

    ලස්සනයි

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~