Wednesday, February 2, 2011

නුඹ ලඟයී මම


ගීරි දුරග ගමන් මඟ
හිමිවෙලා මට නුඹව
ගෙවා ආ කාලයම
හීනයමක් වෙලා මට ..........

අතීතය මතක ගෙන
කියන විට නුඹට මම
ඔය ළමැදේ තුරුළු කර
ළංවේය නුඹ නිබද......

විදින්නට ජිවිතය මට
තුරුළු වී නුඹේ ළැමට
හිතෙන හැම මොහොතකම
ඉකි බිදි පෙර මතක....

උරුම නැති පෙම් කවක
පාට තවරා හැමදාම
බලා ඉමි තවම මම
නුඹ දමා පසෙකටම...........

ඉවතලන හැමවිටම
තවත් පෙම් කරන නුඹ
හැරදමා නොයන කළ
දුක් වීදී මහිත තව ...........

කප්පරක් දුක නිවා මම
හිනහේවී යළි දිනක
හිමිකමක් අයිතියක් නැති මට
කෝහේ හෝ හිස් තැනක හිද..........

2 comments:

  1. කොමෙන්ට් කොරන්න තේරෙන්නේ නැත.....

    ReplyDelete
  2. ආදරෙන් ලංවෙන
    ආදරණීයයා ලග
    පෙර මතක කිසිම දින
    උඩට මතු නොවෙනු ඇත

    සතුට මුව අතුරාන
    කඳුලු නෙතු සගවාන
    හිනහෙන්න දිනක දැන්
    ඇවිත් නුඹ සිත ගාව

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~