Monday, August 8, 2011

එන්න අපි ඇවිද යමු ඉතින්


දඩිබිඩි ගමනින්
ජීවිතේ ඇවිදන් යන
දහසකුත් මිනිසුන් අතර
ඉබි ගමනින්
ජීවිතේ හොයන් යන
මටත් උදා උනා වසන්තය
මඟ නොහැර හැමවිටම
නිබඳ මා ලඟ හිඳින
ඔබ එක්ක
ඇවිද යන්නට හිතෙයි
හීතලම වැහි වැටෙන
මොහොතක
දඟකාර කම් මැදින්
ආදරෙන් තුරුළු වී
ඇහිදින්නට හීනයක්
තියේ මටත්
ඔබ එක්ක ...............




10 comments:

  1. ඇවිද යමු අතිනත් රැගෙන,
    සිහින නොමියෙන තුරාවට,

    ලස්සන අදහසක්............

    ReplyDelete
  2. ඇත්තෙන්ම ලස්සනයි...

    ReplyDelete
  3. හරියටම මාසයක් ගිහින් නේද මේක ගළපගන්න..
    අනේ අනේ අහිංසකීගෙ තියෙන කම්මැළිකම..

    +1.. :)

    ReplyDelete
  4. බලාගෙන, හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවං වැස්සට තෙමිලා... හික්ස්...

    ReplyDelete
  5. @ නාකියා හි හි
    ලියන්න වෙලාවක් නැති උනා අෆ්ෆා

    @ සීතල හෙහේ මම සමහන් එක්ක වතුර බොනවා සීතල අයියේ

    ReplyDelete
  6. ලස්සනම ලස්සන නිර්මාණයක්...
    හැමදාමත් වගේ..

    ReplyDelete
  7. හීන බිදෙනවා ඉක්මනට
    රිද්දදෙන හිත
    ඇවිදිනකොට
    තනියම ඉස්සරහට
    කදුළු බින්දු වැටෙනකොට
    සීතලට
    හිතෙනවා
    එපා කියල පාට හීන
    මේ කළු සුදු ජීවිතේට

    ReplyDelete
  8. ස්තුතී විහාර අක්කි

    රමේශා
    හීනමයී ජිවිතේ ලස්සන කරන්නේ
    ස්තුතී

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~