Tuesday, March 1, 2011

ආගිය වසරක මතක ආවර්ජනයක සටහන්


තිතයට යන්නට ආයෙමත් අවසරයී.
අදට හරියටම වසරකට කලින් අද වාගේ දවසක මේ බ්ලොග් අවකාශයට එන්නට මට අවස්තාව ලබා ගත් හැටි සිට මතකය මා මනසේ පෙළගැසෙයි.....
බුකියේ කවි ලිය ලියා උන් මා විසින් ලියන ලද එක කවියක මා විසින් ටැග් කරනු ලැබු පුද්ගලයකු දැකීමෙන් "මගෙ මරණය" මා සමග ඔහුගේ තාප්පයේ කතා කලා මතකයි.
එදායින් ඇරඹුණු ඒ මිතුරු දම තව තවත් වැඩිදියුණු වෙමින් ඔහු මට බ්ලොග් අවකාශයට පාර කියු හැටි මතකයී
"ඔයා කැමතිද බ්ලොග් එකක් කරන්න?"
"ෂා නියමයී,............... ඒත් කොහොමද කරන්නේ................?"
"මම කියලා දෙන්නම්, අපි කරමු"
එදා ඒ කියු වදන් තාමත් මගේ මතකයේ රැදේ.
දහ දොළොස් වතාවක් පමණ "මගේ මරණය" ට කරදර කරමින් සදාගත් මගේ පැල්පත බදු බ්ලොග් එක තුල මම එදා සිට හැකි හැම විටකම සැරි සැරුවා මතකය
*අතරමං වු ජිවිතය*
*මතකය අතර දොලනය වන මගේ කවි*
*කාගෙදෝ කතාවක්*
*තනි උනාම හිත කියන දේ*
ආදී වර්ගීකරණයකින් යුතුව ලියාගෙන ගිය දෙවල් අතර මැද නවතමින්ද නැවත නැවත ලියමින්ද ඉදිරියට අවුරුද්දක්ම ආ වග සතුටෙන් දැනුම් දෙමි........
මේ ආ ගමන් මඟ තුල මා පසු පස සිටි අය බොහෝ වෙති.
ඒ හැම කෙනෙකුම නොවුනත් මේ ආදරෙන් මතක් කරන්නේ ඔවුන්මය...
"මගේ මරණය" මගේ හද පිරි ස්තුතීය හැමදාම ඔයාට ලැබෙනවා.....
මේ බ්ලොග් අවකාශයට මාව ගෙන ආව ට සහ මෙතෙක් හැම අවස්තාවකදීම මා සමඟ මගේ ආදරණීය යහළුවෙකු සහොදරයකු ලෙස මා පසු පස ආවාට සහ ඉදිරියට ත් ඔයාව එලෙසින්ම මම බලාපොරොත්තු වන වගත් දැනුම් දෙමි... හේහේ
එමෙන්ම අන්ශ
අන්ශ් හැමදාකම මගේ පැල්පත වෙත ආව ගිය කෙනෙකු සේ මම දැක ඇත්තෙමි
ඇයටත් මගේ ස්තුතීය
අදටත් මෙහි නිතර එන යන සහ මම කියන ලියන දේ බලා නිහඩවම ඇත සිටන් බලන් ඉන්න බොහෝ දෙනා අතර *ගයාන් තාරක*ව ආදරයෙන් මතක් කරමි....
ඔහු මා සමඟ එක් වී එකට කවිකම් කල සහ මා නිසාවෙන් කවි ලියන්නට පුරුදු උනු එක් චරිතයක් විය එය මට සතුටක් බව අද මම ඔහුට කියමි...
මා සමඟ පැමිණි බොහෝ දෙනා අතර ඉතාමත් ලෙංගතුව මතක් කරන ආදරණීය චරිත දෙකක් ඇත...
ඒ මගේ ආදරණීය නංගා *අමාදි ජයසිංහ*
ඇය මා ලියු බොහෝ දෙවල් කියවමින් සයිබර් අවකාශයේ මා සොයා පැමිණ මට ආදරණීය යෙහෙලියක් *ලක්ශිකා සමරසිංහ* සොයා දුන් ඒ මගේ ආදරණීය නංගා අද අපි අතර ජීවත් වෙනවාද කියාවත් සොයා ගැන්මට නොහැකිව හිදින මොහොතක ඇවා ආදරයෙන් මතක් කරමී..
කොහේ හෝ හිඳ මගේ නංගා මේ සටහන් බලනවා නම් ආයෙම්ත් එන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු............!!!
මේ හැම දෙයක්ම ඈත ඉදන් බලා මගෙන් හිමි හිමින් ප්‍රශ්න කර කරා හැමදේම කියවන මගේ ආදරණීය කොල්ලාවත් (උදයංග ) ආදරෙන් මතක් කරමි.....
එමෙන්ම රවා මගේ සහොදර මලයා ඔහු සහ රනා,හේමලයා ආදී මෙකි නොකි අය මා සමඟ මා මෙහි ආදා සිට හිටියා මතකය
ඒ හැමොටම ස්තුතී...........
මෙහි පැමිණීමෙන් පසුව මට ලැබුණු හැමදෙයක්ම ශේෂයක් කොට ගතහොත් ලබා ගත් වටිනාම දෙය නම් ඒ මිතුරු දමක් ම විය. එය කොතෙක් වටිනාකමක් මා සතු විද යන්න මම කිය යුතු නැතැයි සිතමි. :) ( ලබාගත් වටිනාම දෙවල් ගැන මම අමුතුවෙන් කුරුටු ගැ යුතු නැතෙයී සිතනවා හේහේ )
මා විසින් ලියන බොහො දේ දෙස බලා හුදෙක් මා මිතුරන් ඇසුවෙ සහ සිතුවෙ මේ සියල්ලම මා සටහන් තබන්නේ මගේ ජීවිත කතාවද ජිවිතේ කතාවේ හිත රිදුනු තැන්ද යන්න එහෙත් අද පවසමී මේ සියල්ලම මගේ ජීවිත කතාවම නොවන වඟ දැනුම් දෙමී. හේ හේ
කියාගත යුතුයි යැයී සිතු සියල්ලම කියාගත්තාද යන්න මම නොදනිමි.
කුමක් කීවද වුවද හැමටම බොහෝ ස්තුතී වඟ සදහන් කරමි.
මා සමඟ රැදී සිටියාට හැමට ස්තුතී සහ ඉදිරියට ත් මා සමගම රැදෙන මෙන් ඉල්ලා සිටින්නට
අවසරයී.....



15 comments:

  1. ඉතින් දිගටම ලියන්න මගෙ සුභපැතුම්!!!

    කොහොම කොහොම හරි බ්ලොග් එකෙන් දැන අඳුනගෙන හැබෑ ලෝකෙදිත් අපි හොඳ යාළුවො වෙච්ච එක ගැන නම් සතුටුයි

    ReplyDelete
  2. ඔන්න අදත් ආවා..
    මගේ සුභ පැතුම්. මට මතක හැටියට මගේ බ්ලොග් එක ආරම්භ කලේ 2010 පෙබරවාරි 22. මගේ හොඳම යෙහෙළියගේ උපන්දිනය දවසේ. බලාගෙන යනකොට අපි දෙන්නම එකම කාලේ මේකට පය තියලා තියෙන්නෙ.

    තව චිරාත් කාලයක් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ටු නොදැම්මට අනිවා කියවනවා. [කමෙන්ටු නැති වෙන්න මූලික හේතුව නම් ඔන්න ගූගල් රීඩරේ] :D
    ජය..!!

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා...!!

    දිගටම ලියන්න ශක්තිය ලැබේවා..

    ජය වේවා..!!

    ReplyDelete
  4. බර්ත් ඩේ පාර්ටි දෙකයි.මේ දෙකම එකම තැනක තිබුන නම් අපිට ලේසි නෙව.

    සුභ උපන්දිනයක් වේවා අහිංසකී

    බොහෝ කාලයක් මේ බ්ලොග් අවකාශයේ රැදෙන්න ඔයාල දෙන්නට වාසානාව ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  5. අහිංසකී..
    මං මුකුත් නොකියමි
    කියන්නට අවැසි නැත..
    හදවතින් සුභ පතමි...

    ඔන්න අපි දෙන්නා ගැන මං මීට වඩා කියන්නෑ හොදේ...:-D

    ReplyDelete
  6. සුබ පැතුම් පළමු උපන්දිනේට...!!!
    දෙන්නත් එක්ක එකතුවෙලා ලියමු දිගටම....

    ReplyDelete
  7. සුබ පැතුම් .... ඒ වගේම තව චිරාත් කාලයක් ලිවිමට හැකි වේවා


    මං නම් මේ පැත්තට එච්චර ඇවිත් නැහැ වගේ වගේ කියලා හිතෙනවා :D

    ReplyDelete
  8. මෙහෙමක් කේක් කන්න බෑ අප්පා.....ඔයා වෙන මොනා යරි දෙන්න....

    ReplyDelete
  9. සුබ පැතුම් අහිංසකී අක්කේ.දෙන්නාටම එකම දවසේ අවුරුද්දයි නේද?
    ජය වේවා..!

    ReplyDelete
  10. සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ..දිගටම ලියන්න ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  11. අනේ මම නම් ඔයාව අදුරන්නෑ.. ඔයත් මාව අදුනන්නේ නැතුව ඇති..

    ReplyDelete
  12. මං නම් අදමද කොහෙද මේ පැත්තේ ආවේ...... කොහොම උනත් තවත් බොහෝ ලිපි ලියවෙන් දීර්ඝ ගමනක දෙවන වසරේ ඇරඹුමේදි මුලු හදවතින්ම සුභ පතනවා අක්කියට.....!!!!!

    ReplyDelete
  13. good luck dear.. little bit late.. till the end ,continue this

    ReplyDelete
  14. මගෙනුත් සුභ පැතුම්..
    තවත් චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රජකිරීමට වරම් ලැබේවායි පතමි..


    @Ansh
    මාත් බ්ලොග් එක ලියන්න ගත්තෙ පෙබරවාරි. හරියටම කිවුවොත් 2009 පෙබරවාරි 14 :)

    ReplyDelete
  15. ඔන්න අක්කා මගෙනුත් සුබපැතුම්... දිගටම හැමදාම ලියන්න...

    අපි එනවා කියවන්න..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~