Friday, April 9, 2010

කාගේ දෝ කතාවක්



මේ තරම් නුඹහට පෙම් කරන මා
හෙට අනිද්දා හෝ ලඟදීම දවසක
නුඹ
මහ දවාලක.......
අමු අමුවේ...........
ගිනි තියනවා නිසැකයී
එත් මේ අහිංසක හිත නම් මරා දමන්න එපා
පිං සිද්ධ වෙයි නුඹට


ඇස් දෙක මග බලාගෙන හිටියා.......
හුගාක් හැගිම්බර මොහොතක් කියලා හිතුනා.
දවස් ගානක් ඉදන් රැයක් දහවලක් නැතිව දින පැය ගණන් කරන් බලන් හිටියේ ඔය ඇස් දෙක දකින්න වග නොදන්නවා සේ ඉන්නකොට ඉහිලුම් නැතුව ගියා.
ජිවිතේ මං සතු වෙලා තියෙන හැම දෙයක්ම අතැහැරලා උනත් ලගට එන්න මග බලගෙන ඉන්න මාව මේ තරම් රිද්දද්දීත් කොහොම හිත හදාගෙන මම ඉන්නවද කියල හිත ගන්න මට තාම බෑ.
යාන වාහන මිල මුදල් පෙරටු කරගෙන ආදරය හොයන් යන සමාජයක මම ආදරය කලේ ඔය හිතේ තිබුනු සොදුරු බවට......
මම ජිවිතය පුරාවට හොයපු හුගාක් දේ ඔය හිත පුරාම ගැබ් වෙලා තියෙනවා දැක්කා.
මිල මුදල් එකතු කරගෙන ආදරේ හොයන් යන්න මට ඕන උනේ නෑ.
මම නුඹට ආදරෙ කලේ
නුඹ කාගේ කවුද.............?
ඉන්නේ කොහෙද..............?
කරන්නේ මොනවද...............? කියන කරුණු කාරනා හොය හොයා නෙවෙයි.
කාලයා මහ හයියෙන් ඉගිලිලා ගියා.........
මම තාමත් බලන් ඉන්නෙ නුඹ එන පෙර මගයී...
කාලයා ඉගිලුනාට, පිපෙන මල් පර උනාට, නුඹ එ දේ දැක්කට, මම මග බලන් ඉන්න වග නම් දැනෙන්නේ නැතුව ඇතී .
මතක් වුනු දවසක එන්න මම තාම මඟ බලන් ඉන්නවා.....


4 comments:

  1. මහමෙරක් තරමට
    පුරවා ආදරය
    සාගරය සමව
    පුරවා කඳුලු ගඟ
    මඟ බලාන පෙරුම් පුරන
    අහිංසක සිත
    රිදෙන්නට නම් එපා
    කවදාවත් තනිව....

    ReplyDelete
  2. මිල මුදල් නොව
    සැප සම්පත්ම නොව
    අදරය පමණක්ම
    අවැසි වේ මෙමා හට..
    මං හොයපු ආදරේ
    මං හොයපු ජීව්තේ
    සත්තකයි..
    නුඹ විතරමයි..

    ReplyDelete
  3. නුඹට වඩා නුඹ හට පෙම් කරනා
    බැවි නුඹ දන්නා මුත්,
    කිම මෙතරම් තරහා ගනුයේ
    ඉවසීමයි සැනසුම ගෙන එන්නේ,
    එනිසා තව ඉවසාපන්නේ.

    නුඹෙන් වෙන්වෙලා හිටියත් නුඹත් එක්කම සිටින
    එය වෙන්වීමක් සේ නොසලකන
    නිදාගත්තත් සිහිනෙන් පවා නුඹත් එක්කම සිටින
    දවස පුරාම නුඹ ගැන සිතමින් ඉන්න
    නු‍ඹේ මතකයෙන්ම දිවි ගෙවන
    නිසාම නුඹේ ඔය අහිංසක හිත
    රිදවගන්නේ නුඹම නොවේද
    මදක් සිතා බලන්න

    ReplyDelete
  4. මේක වෙන ........ (කාගේ දෝ කතාවක් ) නෙමෙයි......
    ලියලා තියෙන හෑම දේම මගේ ජිවිත කතාව වගේ...
    ඉනු.., මෙහෙම ලියුවට ඔයාට පින්..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~