
පළල් උරතල වලට මැදිකර
ස්නේහයෙන් මා රදවා ගත් හැටි
සිසිල් සෙවනක හුදෙකලාවක
ළඟට ළංවී පෙම් කෙරු හැටි
කියාගන්නට කිසිත් නැතිවිට
මුනිවතට ඉඩ දී බලා උන් හැටි
ගංදියෙන් ළද සිසිල් සෙවනේ
සිතුම් පාකර නිහඩ වු හැටි
හිතින් හිතකට ගැලූ ප්‍රේමය
දෙහද පතුලේ සැඟව ගිය හැටි
මටත් අහිමී මාත් අහිමිව
අපිට අපි නැතිවී යන්න ගිය හැටි
කල්ප ගණනක් පෙරුම් පුරලා
එක් දිනක් අපි අපේ වූ හැටි
ඔහුට හිමි මා ඇයට හිමි ඔබ
අසම්මතයේ වෙළි උන් හැටි
තවත් වරෙකට අපිව හිමිදැයි
අසන්නට වත් හිත් නොවු හැටි
එදා සෙනෙහස නොපිළිගත්දා
අද ඉතින් අපි විදවනා හැටි