දඟකාර මඳ සුළග ළගට ගෙන
තරු පාට ඇස් දෙකට බර වෙලා
හැගීමක් ගැන රහසින් කීවෙමී
බිඳක්වත් නුඹට වැටහෙයී කියා
දෙවුර මත හිස හංගලා තව
පපුතුරට මම ළං වෙලා හිඳ
හිමින් මුමුණා යළිත් කිවෙමි
ආදරේ නුඹටයී කියා මම
තරු වළා මැද හැංගිලා නුඹ
සුළං රැල්ලේ දැවටිලා මම
සුපෙම්වත් හිත ළඟට වූවෙමි
මා නුඹේ පමණක් නිසා අද
මා නුඹේ පමණක් නිසා අද
සෙමින් දෙකොපුල් තෙත් කලා මම
පියුම් පෙති මදහස් නංවලා නුඹ
හොරෙන් ඉස්සි යලිත් බැලුවෙමි
බිඳක් වත් ආදරේවීදෝ කියා මට
ඒත් නැද්ද.......අනේ පව් අහිංසකී.......
ReplyDeleteලස්සනයි කෙල්ලේ........
ස්තූතී
Deleteමට මේ නිසදැස ගැන නෙමේ ප්රශ්නේ තියෙන්නේ...අපේ බ්ලොග් පැත්තෙවත් එන්නේ නැති හම්තුමා මේකේ මක් කරනවද??
ReplyDeleteහෙහෙ
Deleteහරිම ලස්සන කවි පෙලක්...
ReplyDeleteමං නන් පට්ටම ලයික් ඇ.... මං දැක්ක ඔයාගෙ ලස්සනම නිර්මාණ වලින් එකක්.. පට්ටම ලයික් ඇ..... වචන නෑ කියන්න...
ReplyDeleteපටන් ගත්ත රිද්මය අවසානය වනතෙක් අරගෙන ගිහින් නෑ කියලා මට හිතෙනවා..මොකද පුද පද හතරෙන් පටන් ගත්ත රිද්මය දෙවැනි පද වලදි එහෙම පිටින්ම වෙනස් කරගෙන....හිතේ තියෙන දේ කියනවාත් සමඟම පද පදවල රිද්මය ගැනත් හිතන්න....
ReplyDeleteමාරයි උඹට හොඳ හැකියාවක් තියෙනවා නොවැ මිනිස්සුංගෙ හිත්වල ලස්සන රූප මවන්න.... බොරුද මං කියන්නෙ..
ReplyDeleteහ්ම්ම්ම් ලස්සනදත් අහනවා.......... :)
ReplyDeleteසම්ප්රදාය බිඳින්න. අලුත් දේ ඉපදේවි..!!
ReplyDeleteස්තූතියි..!!
එක බිදක් නැතුවට
ReplyDeleteමහ මෙරක් තරමට
ආදරෙයි නුඹට මම...
හොරෙන් ඉස්සි බැළුව මුත් නෙතු
පෙම පිරුනු හිත නොපෙනුනා මුදු
ආදරෙයි කියන්නට වචන මට නොවන මුදු
ආදරෙයි ආදරෙයි මගේ දිවි තියන තුරු
`පබලු`