
නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා
ආපස්සට හැරී නුඹ
බලන විට අප මතක
නොමැති ඔබේ මාවතේ
හිඳී මම නිහඩවම
වල් වැදී අප මතක
මිය යන්න හදන කල
ඒ මතක මාවතේ
එක්වරක් වත් එන්න
මම තාමත් බලන් ඉන්නවා