Thursday, August 26, 2010
නුඹ සහ සතුට
ඈත අතිතයේ දවසක ලස්සනට ගලපලා හැඩදාල ලියපු එ දෙවල් දැන් දැන් අකුරු කරන්නට අවසර තිබුණත් හිත කොහේදෝ අතරමන් වෙලා කියලා දැනෙනවා....
ආයෙම අයේමත් ලියන්න හිතුනු හැම විටෙකම සිත ඔත්පල උනා
ජිවිතේ තනිකම පැහැරගෙන දුක මිහිදන් කර සුසුම් වැල් පා කර හිත අද්දර ඉදන් ආයේමත් ලියන්නට හිතුනා.........
ජිවිතය ද? ආදරය ද? දුක ද? වේදනාව ද ? කියල හරියටම විග්‍රහ කර ගන්න දන්නෙ නැති උනාට ආයෙමත් ලියන්න ට හිතුනා
මං දන්නවා
කොහෙන් කොහොම පටන් ගත්තත් හැමදෙයක්ම මට ගලපගන්න පුලුවන් වග ඒ නුඹ මගේ ලඟ ඉන්නා නිසවෙනී...
නුඹ මා ලඟ හිඩිනා තාක් කල මට මේ හැමදෙයක්ම අපූරුවට ගලප ගන්නව කියලා එක මට ලොකු හයියක් වග මම දැන ගෙන හිටියා.
නිස්කාරණේ අයාලේ ගලන් යන්න හදපු මේ ජිවිතෙට නුඹ මාවතක් වෙන්න අර්තයක් වෙන්න සංසාරේම කළකිරිලා ජිවිතෙන් හන්වඩු ගැහිච්ච ජිවිතයකට හෙටක් වෙන්න
මුලු ලෝකයම ගරහපු මුහුණකට හිනාවක් වෙන්න හැකි උනේ මට නෙවෙයි නුඹටමයී....
පරඩැල් පතක් වි ජිවිතයෙන් ගිලිහිලා මරණයට අතවනන
ජිවිතයකට හෙට දවස ගෙන ආවේ මම නෙවෙයි නුඹයී
නාස් පුඩු වලින් සුසුමක් එළියට එන්න වීරිය දරද්දී එ සුසුමට නිදහසේ ලෝකයට විවර වෙන්න කියලා දුන්නෙ නුඹයී මම නෙවෙයී......
නුඹ මට ජිවිතය උනා
නුඹ මගේ සිනහව උනා..
නුඹ මගේ හැමදෙයක්ම උනා
කෙටියෙන්ම කීවොත් නුඹ මගේ මුළු ලෝකයම උනා
ජිවිතේ හැම දෙයක් ම එකිනෙක පරයා එද්දී
බිදි ගිය හැම බලපොරොත්තුවක් ම කඩන් වැටුනු ජිවිතේම හැමදෙයක්ම එකතු කරල අරන් අලුතෙන් ලෝකය ගොඩ නගා ගන්න හැකි උනේ අන් කවර සිතුවිල්ලක් නිසාවත් නොව ඔබ නිසාය...
ජිවිතෙන් හැමදාම පරාද වෙනකොට මිනිස්සු හැමොම බනින්නට පුරුදු වෙලා හිටියේ දෛවයට
එත් කිසිවෙකුත් හිතුවෙ නෑ දෛවය නිර්මාණය කරගන්නෙත් තමන්මයි කියලා...
කාටවත් අයිති නැති ජිවිතයක කාටවත් ඕනේ විදිහට ජිවත් වෙන්නේ නැතිව මට ඕනේ විදිහට ජීවත් වෙන්න කියලා දුන්නේ නුඹයි ජිවිතේ එකින් එක පිළිවෙලකට පෙළගස්වලා මුල කුරේ ඉදන් කියලා දුන්නේ නුඹයී
මේ එවන් ජිවිතයේ මුලාරම්භයයී.............
Labels:
කාගේදෝ කතාවක්
Subscribe to:
Post Comments (Atom)
ජිවිතයේ මුලාරම්භය....nice post......
ReplyDelete