
දුවගෙන විත් නැගුනි පය ලිස්සද්දීම මා නොවැටීම බස් රථයකට
බසය පුරාම නෙත් යොමලා දුටු අසුනේ වාඩි උනේමි හති දමමින්..........
දුටුවා ඉදිරියෙන් මගේ ප්‍රේම වන්ත රුවැත්තියක් අලුත ගෙනා මනාලියක් ......හැඩකාර කිරිල්ලියක්..........
මුකුළු බසින් හිනා නගන හැඩි දැඩි තරුණයකු අතගෙන යයී ඇ බසයේ ඉදගෙනඅහිමි වූ පාදයක් ඇති තරුණයකු නැගගත්තා ඒ බස් රියටම
පිදුවා අසුන මම සැනකින් මිල නොකොටම සිනාවකුත්
හැගුනා වැදුනු වඟ නම් ඔලුව කොහේ හෝ කළු ගල් තලාවක
සිතුනා මට නැගිටු සැනින්..........
ටීක් බෝල වගේ කඳුලු බිංදු තුනක් ගලන් ගිහින් සට සට ගා ඇද වැටුනා............
ගල් ගැසුනු මහිත එක්කම මම ආයේත් හොරෙන් බැලුවා............
ඉවසා.........................
දරා....................
වදාරා.....................
කඳුළු සඟවා.....................
හැඩුම නවතා.................
කඳුළු පිසදා...........................
මොහොතක් සිතා.................
යළිත් ඒ දෙස බලා...........................
නගා ගත්තා ආයාසයෙන් පපඩමක් වූ මගේ මුවගට මද සිනාවක්
ප්‍රේම වන්ත රැවැත්තිය ඉල්ලුවා මා අත් බෑගය
වැටුනා කඳුලක් යලිත්
බැලුවා මා දෙස නිහඩ දැසීන් කදුලු අත දරාගෙනම හැඩිදැඩි තරුණයා සැනෙකින්
කඳුලු පිසිනා විට මා දැතින්
දුටුවා රන් මුදුවක්
පරණ දිනයක ඔහු මට පැලැන්දු
හැප්පෙන්න ඇති කළුගල් තලාවෙම ඔහුත් මා මෙනම මොහොතක්
"බොහොම ස්තුතී"
රුවැත්තියහට මා කියා
සැනින් මා පිටු පස දොරෙන් බැස නොපෙනී ගියා..
රුවැත්තිය තරම් මා හැඩ නොවුනාට
රුවැත්තිය තරම් මා රූමත් නොවුනාට
රුවැත්තිය තරම් මා ධනවත් නොවුන්නාට
පණටත් වඩා පෙම් කළෙමී මා නුඹට